[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අලූත් අවුරුදු පැතුම

අලූත් අවුරුදු පැතුම

"රට ජාතිය මුහුණ පා ඇති මෙම ව්‍යසනයෙන් හැමදෙනාම මුදවා ගැනීමට කටයුතු කරනවා යන අවුරුදු පැතුම එක් එක් අය සිහියට නඟාගෙන ක‍්‍රියාවට නංවනවා නම් ලබන්නා වූ නව වසර රටම සෞභාග්‍යමත් වනවා නොඅනුමානයි."

සිංහල අවුරුද්ද යනු පවුලේ හැම සතුටින් යුක්තව චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වමින් එකට එක්ව කටයුතු කරන අවස්ථාවක්. වසරක් පුරා සිදුකළ රැුකීරක්ෂා කටයුතු ආදී සියල්ල එක් වරම නවතා පසුව සියලූ වැඩ එක් වරම ආරම්භ කරන්නේ සිංහල අලූත් අවුරුද්දට. මේ සඳහා නැකත් ආදිය සකස් වෙලා තියෙන්නෙ.

පවුලේ අය පමණක් නොව රටේ බහුතරයක් එක වෙලාවකට වැඩ නවත්වා එක වෙලාවකට නැකත් අනුව වැඩ පටන්ගන්නා ස්වරූපයක් දක්නට ලැබෙන්නේ. සෑහෙන කාලයක් තුළ පවත්වාගෙන ආ මේ සිරිත් විරිත් අද වෙනසක් කරන්නට සිද්ධ වෙලා.

ගම පුරා එරබදු මල් පිපී තිබුණත් කොවුල් කූජනය අහන්නට ලැබුණත් එදාමෙන් මෙදා ගම පුරා දුව පනිමින් සෙල්ලම් කිරීමට නෑදෑ මිතුරන් හා එක්ව කටයුතු කිරීමට කොරෝනා වෛරසය නිසා මෙවර අවස්ථාව ලැබෙන්නේ නෑ. අද දියුණු යැයි සම්මත මුළු මහත් ලෝකයේ බලවත් යයි සම්මත රටවල්වල නායකයන් කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණව බලා සිටින මොහොතක්. විවිධ බලාපොරොත්තු ඇතිව කටයුතු කළ හැමදෙනෙක්ම අද ඉතාම අසරණ තත්ත්වයකට පත්වී අවසානයි. හෙට මොන තත්ත්වයක් උදා වේ දැයි සැකයෙන් බියෙන් යුක්තව බලා සිටින්නේ. මේ මොහොත වන විට ලෝකය පුරා ලක්ෂ දාහතකට වැඩි පිරිසක් මෙ වයිරසයට ගොදුරු වෙලා අවසන්. මරණ සංඛ්‍යාව ලක්ෂ්‍ය ඉක්මවා තියෙන්නේ. වේගයෙන් මුළු ලෝකය පුරා මේ වයිරසය පැතිර යන මොහොතක්. ඇයි මෙහෙම වුණේ? මේ කාරණාව පිළිබඳව අප නිසි අවධානය යොමු නොකර කටයුතු කිරීමේ විපාකය අද දක්නට තිබෙනවා. බුද්ධ දේශනාවට අනුව එක් එක් පුද්ගලයාගේ ක‍්‍රියාකාරී රටාව මුළුමහත් සමාජයටම බලපානවා. පුද්ගලයන් කිහිප දෙනෙක් එකතුව පවුලක් සෑදෙන අතර එවැනි පවුල් කීපයක එකතුවෙන් ගමක් හැදෙන්නෙ. ගම් කිහිපයක් එකතුව නගරයක්්. නගරවල එකතුවෙන් රටක් බිහිවන්නේ.

පවුල් ඒකකයේ ඒ ඒ පුද්ගලයා යහපත් වන විට එවැනි පවුල්වලින් සමන්විත වූ ගම යහපත්. එවැනි ගම් වල එකතුව වූ නගරයත් එවැනි නගරවලින් සකස් වූ රටත් යහපත් එකක් බවට පත්වෙනවා. මේ වයිරසය ජය ගැනීම පිණිස අපි කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. පවුලේ ඒ ඒ පුද්ගලයා අවධානය යොමුකර කටයුතු කරන විට තම පවුලේ සුරක්ෂිත තත්ත්වය ඇති වෙනවා. එවැනි පවුල් වලින් සමන්විත ගම එවැනි ගම් වලින් සමන්විත නගරය එවැනි නගර වලින් සමන්විත රට සුරක්ෂිත වූ පසු රටෙන්ම මේ වයිරසය තුරන් කිරීම එතරම් අසීරු නෑ. මේ නිසා බුද්ධ දේශනාව අනුවයි අපට මේ වයිරසය අපේ රටින් තුරන් කළ හැකි වන්නේ ඒ අනුව කටයුතු කිරීම තුළින් පමණයි. එනිසා මෙවර අවුරුද්ද පවුලේ අය එකතුව චාරිත‍්‍ර විධි අනුව සිදු කිරීමයි වඩාත් උචිත වන්නේ. රට ජාතිය මුහුණ පා ඇති මෙම ව්‍යසනයෙන් හැමදෙනාම මුදවා ගැනීමට කටයුතු කරනවා යන අවුරුදු පැතුම එක් එක් අය සිහියට නඟාගෙන ක‍්‍රියාවට නංවනවා නම් ලබන්නා වු නව වසර රටම සෞභාග්‍යමත් වනවා නොඅනුමානයි.

ඒ අනුව කටයුතු කර ඔබේ ජීවිතය සාර්ථක කරගන්නවා වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව පිණිස කටයුතු කරමි යන අධිෂ්ඨානය අවුරුදු අධිෂ්ඨානය ලෙස සලකා කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]