UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26 – 27

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26, 27 දිනයන්හි පැවැත්වේ. 26 වෙනි දින සවස 7.15 ට ගිලන්පස පූජාව සහ රාත්‍රී යුගාසන ධර්මදේශනාවකි. මෙම කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන කොළඹ වෝඩ් පෙදෙසේ අංක 72 නිවසේ පදිංචි චන්දන වික්‍රමරත්න මහතා සහ මංජුලා වික්‍රමරත්න මහත්මියගේ නිවසේ සිට පංචතූර්යය වාදන සහිතව පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විසිතුරු ධර්මයාත්‍රාවක් සහිත රථ පෙරහරකින් කඨින චීවරය කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමයට වැඩමවා පසුදින අලුයම අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් කඨින චීවරය ශ්‍රී දළදා මාළිගාවට වැඩමවා අලුයම කඨින චීවරය මහා සංඝරත්නය වෙත පිළිගන්වනවා ඇත.

ඉතිරිය»


නීලගිරි මහා සෑයෙන් හමුවූ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

කහටපිටිය කනන්විල කන්දේ විහාරස්ථානයේ වස් කාලයේ සිදුකරනු ලබන පින්කම් මාලාවට සමගාමීව ඓතිහාසික නීලගිරි සෑයෙන් හමුවූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීම මෙම මස 26 දින පස්වරු 4.00 ට පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සිට විශේෂ රථ පෙරහරකින් සිදුකෙරෙන අතර 26 දින පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ද 27,28 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ද එම ප්‍රදර්ශනය සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සරණාගමනයෙහි සැබෑ අරුත

 

ලෝකයේ ජීවත් වන සෑම සත්වයෙක් ම නිතර ම ජීවත් වන්නේ කිසියම් භයකින්. ඒ භය මනුෂ්‍යයන්ට වගේ ම, තිරිසන් සතුන්ට ත් එක විදිහට බලපානවා. “සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං” හැම කෙනෙක් ම ජීවිතයට පි‍්‍රය කරනවා. ආශා කරනවා. මිනිසාට ඇති වන කවර ආකාරයේ හෝ බියක්, තැති ගැන්මක්, චකිතයක් ඇති වන අවස්ථාවක එය නැති කර ගත යුත්තේ බාහිර බලවේගයකට නතුව කටයුතු කිරීමෙන් නොව ස්වකීය අධ්‍යාත්මයේ ඇති කර ගන්නා සංවර්ධනයක් තුළිනි. ඒ අනුව මිනිසා පිළිබඳ පරම වූ බලය මිනිසා විසින් ම ගොඩ නඟා ගැනීමෙන්, ඕනෑම කරුණක දී නිර්භය ලෙස ඉදිරිපත් වීමේ ශක්තිය ඇති කරගන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ මාර්ගයේ ගමන් කරන අය අවසාන වශයෙන් තමන් විසින් ම ඇති කර ගන්නා චිත්තපාරිශූද්ධිය තුළින් නික්ලේශී තත්වයට පත්වෙනවා. උන්වහන්සේ ආශාව, තරහ, මුළාව කියන මේ අකුසල් සිතිවිලි සපුරා ඉවත් කළ උත්තමයන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ම, උන්වහන්සේට අකුතෝභය නාමය ද භාවිත කරනවා. අකුතෝභය යන මේ පාලි වචනයේ අර්ථය වන්නේ කිසිම ආකාරයක භයකින් තොර බවයි. උන්වහන්සේ කෙලෙස් සිඳ දැමු උත්තමයෙක්. කිසි ම අරමුණක එනම් ලෝභ, දෝෂ, මෝහ කියන මේ කෙලෙස් සිතිවිලි සම්බන්ධ අරමුණක සිත යෙදෙන්නේ නැහැ. එහෙම නම් භයක් උපදින්නේ නැහැ. පුහුදුන් මනුෂ්‍යයා කෙලෙස්වලින් බරයි. ඒ නිසා ජීවත් වීමේ ආශාවෙන්, ඒ සඳහා අවශ්‍ය කරන දේ තමයි කරන්නේ.

ඉතිරිය»

අදින් ඇරැඹෙන්නේ කඨිනත්ථාර සමයයි

 

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදුකොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්ෂූන් වහන්සේලා අදට යෙදෙන වප්පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැඳින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් විසූ සියලු විහාරස්ථානයන් හී කඨින චීවර පූජාවන් සිදු කිරිම කෙරේ. මෙම උතුම් චීවර පූජාව මතු නොව සිවුරු ඇතිරීම වසර 2600 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ලක්වැසි ජනතාව වසර 2300 ඉක්ම වූ කාල පරාසයක සිට මෙම උතුම් පින්කම සඳහා යොමුව, මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව සිදු කරන අයුරු දැක ගත හැකි ය. ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේ දී දුරාතීතයේ සිටම අපේ නරපතියන් බොහෝ දෙනෙකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. එම රජවරුන් අතර මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ ව සඳහන් වේ. එමෙන් ම සවෙනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රී සිංහලයෙහි ම වස් විසූ භික්ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් වනවා. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මඟින් අනාවරණය කොට ඇත.

ඉතිරිය»

නාගිත මහ රහතන් වහන්සේ පෙර භවයක පූජා කළ කඨිනයෙහි ආනිශංස ප්‍රකාශය සිදු කිරීම

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]