UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්...

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්...

ගද්‍ය පද්‍ය ගායනා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය , විශිෂ්ටයන්ගේ විශිෂ්ටයාට හිමි සම්මානය දිනාගත් අකුරැස්ස, දිගනහේන ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ එම්. හිමංසා සාවින්දි ශිෂ්‍යාව, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ සුරතින් සම්මානය ලබාගත් අයුරු. සමස්ත ලංකා ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය එම්.වී.ආර්. කෝසල වසන්ත බණ්ඩාර

 

සමස්ත ලංකා ගද්‍ය රචනා ගුරුභවතුන්ගේ අංශයේ පළමු ස්ථානය එම්. චමිලා ශ්‍යාමලී ද සිල්වා මහත්මිය සමස්ත ලංකා බෞද්ධ චිත්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු ස්ථානය ඩබ්.කේ. කවීන් දිල්හාර

 

කොළඹ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයේ පැවති සිංහල සාහිත්‍ය කමිටුවේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත් වූ 2018 ගද්‍ය පද්‍ය ගායනා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම ගායනා තරගාවලියේ විශිෂ්ටයන්ගේ විශිෂ්ටයාට හිමි සම්මානය දිනාගත් අකුරැස්ස, දිගනහේන ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ එම්. හිමංසා සාවින්දි ශිෂ්‍යාව, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ සුරතින් සම්මානය ලබාගත් අතර බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණී සුභසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා පාලන මණ්ඩල සභික සුනිල් එස්. සිරිසේන මහතා වෙතින් සම්මාන ලැබූයේ සමස්ත ලංකා ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් රාජාංගනය, යාය 4, සිරි සුමන දහම් පාසලේ එම්.වී.ආර්. කෝසල වසන්ත බණ්ඩාර ශිෂ්‍යයා ය.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩල සභික සහ හිටපු සභාපති සුමේධ අමරසිංහ මහතා වෙතින් සම්මාන ලැබූයේ සමස්ත ලංකා බෞද්ධ චිත්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු ස්ථානය දිනාගත් නෑබොඩ, වලකඩහේන, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසලේ ඩබ්.කේ. කවීන් දිල්හාර ශිෂ්‍යයා ය.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩල සභික හා හිටපු සභාපති සුරේන් අභයගුණසේකර මහතාගේ සුරතින් සම්මාන ලැබූයේ සමස්ත ලංකා ගද්‍ය රචනා ගුරුභවතුන්ගේ අංශයේ පළමු ස්ථානය දිනාගත් කළුතර දකුණ, මහා හීනටියන්ගල, ශ්‍රී ආනන්ද දහම් පාසලේ එම්. චමිලා ශ්‍යාමලී ද සිල්වා මහත්මියයි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]