UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පනස් හයවන වරටත් 26, 27, 28 දින
අති උත්කර්ෂවත් ලෙස

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලයෙනි

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වසරකට පසුව ලක් දනන්ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අනුස්මරණීය ම දිනය බවට පත් කරමින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක ය. ලක් දනන් අභිමානවත් ශිෂ්ටාචාරයක උරුමකරුවන් බවට පත් කරන්නට ආරම්භය දුන් උතුම් පුණ්‍ය භූමිය, එදා මිස්සක පව්ව ලෙස හැඳින්වූ මිහින්තලා පුදබිම වන්දනාමාන කර ගන්නට, ශ්‍රේෂ්ඨ උරුමයක ශ්‍රී විභූතිය දැක බලා ගන්නට දුරාතීතයේ සිට ම ලක්දිව සිව් දෙසින් බොදු දනෝ ඇදී ආහ. දියුණු පාරතොට, ගමනා ගමන පහසුකම් කිසිවක් නොතිබි අතීතයේ අපේ මුතුන් මිත්තෝ සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවාගෙන මිහින්තලාව වෙත ඇඳී ආවේ ඇතැම් විට දවස් ගණන් ගෙවාගෙන පා ගමනිනි. ගමන දුෂ්කර වුව තුනුරුවන් කෙරෙහි වූ අප්‍රමාණ ශ්‍රද්ධාව නිසාම ඔවුහු ඒ කිසිවක් දුෂ්කර යැයි නොසැලකූහ. අනුරාධපුර නගරයේ සිට සැතපුම් අටක පමණ දුරින් පිහිටි, විසල් ගහ කොළින් ගැවසී ගත්, වන සතුන්ගේ රජ දහනක් ව පැවැති භූමි ප්‍රදේශයක පිහිටි මිස්සක පව්ව තරණය කිරීම බොහෝ අසීරු කාර්යයක් විය. වෙසෙසින් ඝනදුර රජ කළ මහා රැයේ රූස්ස ගස් මුදුන් අතුරින් පෙරී ආ මුදු සඳ එළිය පුද බිමට යන මඟ ආලෝකවත් කරන්නට ප්‍රමාණවත් වූයේ නැත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කළ මහින්දාගමනය

තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය තුළින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩනැගුණු බව ඉතිහාසය පිරික්සීමේ දී අපට පැහැදිලි කර ගත හැකිවේ. එය සැලසුම් සහගතව සිදු වූවක් වන අතර තම පියරජුගේ ඉල්ලීම පරිදි ලක්දිවට මිහිඳු මහ රහතන් වහන්සේ මුටසීව රජ දවස වැඩම කරවීමට නියමිතව තිබුණත්, එය මාස තුනක තරම් කාල සීමාවකට පසු කරමින් තම මවගේ ගම වූ වේදිසාවෙහි සාංචි ස්ථූපය ඇසුරු කරගනිමින් වැඩසිටියහ. එවක ලක්දිව රජ සිරි ඉසිලූ මුටශිව රජු මහලු වියේ සිටි හෙයින් මෙරට ධර්ම ප්‍රචාරයේ ඇති දුෂ්කරතාව වටහා ගැනීම හා ලක්දිව ජනයාගේ සිතුම් පැතුම් භාෂාව හා සංස්කෘතිය අධ්‍යයනයක යෙදිය යුතුවීම එයට හේතු පාදක විය. ඉතා කෙටි කලකදී ලක්දිව සම්බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට මෙම අධ්‍යයනය මහත් පිටිවහලක් විය. මුටශිව රජු ඇවෑමෙන් රජ පැමිණි ඔහු පුත් දෙවනපෑතිස් රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවන්නේ පූර්ව අධ්‍යයනයකටය පසුවය. මිස්සක පව්වේ දී අඹ පැන විමසීමෙන් පෙනී යන්නේ තමන් අධ්‍යයනයෙන් සොයාගත් තොරතුරු ප්‍රායෝගිකව පරීක්ෂණයකට ලක්කිරීමක් ලෙසය. උන්වහන්සේ මුල් කාල සීමාව තුළ දේශනා කළ දේශනාවන්ගෙන් පෙනීයන කරුණ වන්නේ ලාංකීයයන් තුළ නිවැරැදි චිත්තන ශක්තියක් ගොඩනැගීමට උත්සාහ ගත් අයුරුය. පේතවත්ථු විමානවත්ථු වැනි දේශනා මේ සඳහා පාදක කරගෙන විවිධ නොමග යාම් මත අසරණව සිටි අය තුළ නිවැරැදි චින්තන ශක්තියක් ගොඩනැගීය.

ඉතිරිය»

අසිරිමත් පොසොන් පොහොය

" අශෝක රජතුමා විසින් මෙපමණ රාජකීය පිරිසක් ධර්මදූතයන් ලෙස ලංකාවට එවන ලද්දේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක් නිසාය. එය නම් ලෝකයේ අන්තිමට බුද්ධ ධර්මය සුරක්ෂිත වන්නේ ප්‍රත්‍යන්ත දේශවල යන්නයි. ඒ අතර ශ්‍රී ලංකා ද්වීපයට ප්‍රමුඛස්ථානය ලැබුණි." මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීම, දෙවනපෑතිස් රජතුමාට ධර්මය දේශනා කිරීම, ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම, රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කිරීම යන සිද්ධීන් සිදුවූ දිනය ලෙස පොසොන් පොහෝදා හඳුන්වා දීමට පුළුවන. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 218 කට පසුව අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් නවයකට ධර්මදූතයන් පිටත් කර හරින ලදහ. බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන ලද්දේ ඒ අනුවය. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය , සම්බල හා භද්ධසාල යන හිමිවරුන්ද , සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක උපාසකයාණන්ද ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අතර අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයේ සිට මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහෝදා දෙවනපෑතිස්ස රජු සමඟ කළ සංවාදය ලොව මුල්ම ලේඛනගත බුද්ධිපරීක්ෂණය ලෙස හැඳින්වේ.

ඉතිරිය»

මිහින්තලාවේ ඓතිහාසික උරුමය

අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු 2325ට පෙර, එනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 236ක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුරදුන්ගේ දහම් පණිවුඩයගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව සාමාජයීය හා සංස්කෘතික පරිවර්තනයත් සමඟින් මිහින්තලාව ඓතිහාසික වශයෙන් මෙන් ම පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් පුදබිමක් බවට පත්විය.එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඩවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මඟ ඇරැඹුණේ ය.වෙහෙර විහාර, ලෙන්, ශිලා ලිපි, ස්තූප, පොකුණු ඈ බොහෝ දෑ අපට එහි දී දැක බලාගත හැකිය. මේ මිහින්තලාවේ දී ඔබ දැකබලා ගත යුතු ම සුවිශේෂී ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමකි.

ඉතිරිය»

මිහින්තලා පුදබිම

සේයාරුව - චිත්‍රරත්න කළුආරච්චි

 

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]