UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහා පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර පොසොන් පුර පසළොස්වක පෝදා සිරිත් පරිදි චාරිත්‍රානුකූලව පැවැත්වේ. එදින සවස ශ්‍රී දළදා මාළිගාවේ මහවහල්කඩ අබියසින් පිටත්වන පොසොන් මහා පෙරහර මාළිගාචතුරශ්‍රය ප්‍රධාන වීදි සංචාරය කර සවස මහවහල්කඩ අබියසින් ගෙවදී.

පොසොන් මහා පෙරහරට පෙරාතුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පෙරහර මල්වතු අස්ගිරි මහාවිහාර වෙත මෙදින වාහල නාග නාමයෙන් උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලා දෙනම වැඩමවා ගෙන ගමන් කෙරේ.

****

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ සියවස් සැමරුම හා පොසොන් පූජෝත්සවය

රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සියවස් සැමරුම හා පොසොන් පූජෝත්සවය ජුනි 22 දින සත්වේලේ පිරිත් දේශනාව ආරම්භවී විහාර අස්න, දේව දූත පෙරහර, දොරකඩ අස්න අනුශාසනා දේශනාව හා චෛත්‍යය පූජාව ,බෝධි පූජාව පැවැත්වේ. සියවස ග්‍රන්ථය එළිදැක්වීම හා ශතාධික සංඝගත දක්ෂිණාවද පැවැත්වේ. උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් සිදුවෙන ආලෝක පූජාව ජුනි 22-28 දක්වාද කුඩා සිතුල්පව්ව ආලෝක පූජාව ඩයනා බිස්කට් සමාගම අනුග්‍රහයෙන්ද මගුල් මහා විහාර ආලෝක පූජාව තරිඳු දිනුවන් ද සිල්වා මහතාගේ අනුග්‍රහයෙන්ද පැවැත්වේ.

ජුනි 27 පොසොන් පොහෝ දින දවස පුරා සීල භාවනා ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පුජා, බුද්ධ පූජා පින්කම් පැවැත්වීමට සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මැටරඹ හේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සංවිධානය කොට ඇත.

****

පහළගම පොසොන් කලාපය තෙදිනක්

රත්නපුර – ඇහැලියගොඩ පහළගම ශ්‍රී රාහුල විද්‍යාලය ගොඩනැගීමේ සංගමය හා ආදි සිසුන් විසින් පවත්වනු ලබන තොරණ සහ පොසොන් කලාපය ජූනි 27 – 30 දක්වා නැදුරන පහළගම බෙලිගස් හන්දියේ දී පැවැත්වේ.

පොසොන් කලාපය බොදු බැති ගී නර්තන හා භක්තිගීත ප්‍රසංගයකින්ද විචිත්‍රවත් වේ. දිනපතා සවස 7 සිට පසුදා පහන්වනතුරු පොසොන් කලාපය පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසයි.

****

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් මහා පෙරහර

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ වාර්ෂික පොසොන් මහා පෙරහර පෝදින උදේ 08.30 ට සමිති මූලස්ථානයෙන් ආරම්භකර මහනුවර වීදි සංචාරය කරන බවත්, ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන මහනුවර මහ නගර සභාව ආණ්ඩුකාර කාර්යාලය, මහනුවර පොලීසිය, මහලේකම් කාර්යාලය අනුග්‍රහය ලබා මෙවර පෙරහර අත්‍යලංකාරයෙන් පැවැත්වීමට විධි විධාන යොදා ඇති බව ශ්‍රී පුෂ්පදාන සමිතියේ ලේකම් වෝල්ටර් රණසිංහ මහතා සඳහන් කරයි. අඩු ආදායම්ලාභී පවුල් සියයකට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම ද සිදු කෙරේ.

****

පලීපාන ශ්‍රී පූර්වාරාමයේ 93 වෙනි පොසොන් පෙරහර

පූජාපිටිය පලීපාන ශ්‍රී පූර්වාරාමයේ 93 වෙනි පොසොන් මහා පෙරහර පොසොන් පුර පසළොස්වක පෝයදින සවස 2.00 ට විහාරමළුවෙන් ආරම්භ කර වීදි සංචාරය කෙරේ.

****

ගල්මඩුව රාජමහා විහාරයේ පොසොන් මහා පෙරහර

ඓතිහාසික ගල්මඩුව රාජමහා විහාරයේ පොසොන් මහා පෙරහර 12 වෙනි වතාවටත් ජූලි මස පළමුවෙනිදා (01) සවස හතරට ආරම්භ කෙරේ. මෙදින පෙරහර විහාරමළුවෙන් පිටත්ව අරංගල හන්දියෙන් අංක 621 මාර්ගයෙන් නත්තරන්පොත හන්දියට පිවිස කුණ්ඩසාලේ දිගන මාර්ගයෙන් අංක 631 කලා පුර මාර්ගයට පිවිස කලා පුරය හරහා විහාරස්ථානයට ළඟා වේ. විහාරාධිපති ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පොසොන් මහා පෙරහර අත්‍යලංකාරයෙන් පැවැත්වීමට විධි විධාන යොදා ඇති බව විහාර කාර්ය සාධක සමිතියේ උප සභාපති එච්.එම්.කේ. බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ අතර නත්තරන්පොත ශුභ සාධක සමිතිය මගින් මෙදින පොසොන් පෝය දින ගල්මඩුව රාජමහා විහාරයේ සිල් සමාදන්වන උපාසක පිරිසට දවල් උපාසක දානය පිරිනැමීමටද කටයුතු යොදා ඇත. ශුභ සාධක සමිතිය පොසොන් පෝය නිමිත්තෙන් මෙවර දානය පිරිනමනු ලබන්නේ පහළොස්වෙනි වතාවටය.

****

ඕමල්පේ සෝභිත හිමියන්ගේ මෙහෙයවීමෙන් මුලතිව්හිදී පින්කම් රැසක්

අභයදානය සහ සත්ත්ව අයිතීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාඩම කියාදුන් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය අනුස්මරණය කරමින් කිරි එළදෙනුන් සියයකට අභයදානය ද අඩු ආදායම්ලාභි පවුල්වෙත පරිත්‍යාග කෙරෙන මහා පින්කමක් පොසොන් පුන් පොහෝ දා පෙරවරු 9.30 ට මුලතිව්, නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරේ.

ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම පින්කම සංවිධානය කරන්නේ මුලතිව් යුද හමුදා සේනාංකයේ බ්‍රිගේඩියර් කොස්තා මහතා ප්‍රධාන නිලයන් විසිනි. එම පින්කමට සමගාමීව ප්‍රදේශයේ රෝහල්වලට සහ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් රෝද පුටු 50 ක් පරිත්‍යාග කෙරෙන අතර පාසල් දරුවන් රැසකට අධ්‍යාපනික උපකරණ පිරිනැමීම ද සිදු වේ. මේ අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට උදලුතල සහ අඹ පැළ බෙදාදීමත් සිදු කෙරේ. එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන අතර යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිත ය.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 10.00 – 11.15 ගිරිභණ්ඩ පූජා පින්කම පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම කළමණාකාර උපදේශක දීපාල් සූරියආරච්චි මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව උඩුදුම්බර විජයකිත්ති හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව නාවල ඤාණරතන හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව - කටුබැද්ද - තෙලවල – විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහභාගීත්වයෙන් පුරපොහෝදින වැඩසටහන සිදු කෙරේ.

පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.15 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි. 3.15 සිට 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව, දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

****

කළුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතියේ පොසොන් දන්සල

පොල්ගහවෙල තලවත්තේ ගෙදර කළුගමුවේ මහින්ද තරුණ බෞද්ධ සමිතිය මඟින් වාර්ෂිකව මිහින්තලේ මැදමළුවේ පවත්වාගෙන යනු ලබන පොසොන් දන්සල මේ වර්ෂයේ ද 47 වන වර්ෂයටත් පැවැත්වේ.

පොසොන් පෙර පොහෝ දින රාත්‍රී බිස්කට්, කොත්තමල්ලි, තේ, කෝපි වලින් ද පසුදා පහන්වනතුරු සංග්‍රහ කෙරේ. පොසොන් පුර පොහෝ දින උදේ හීල් දානය, බුද්ධ පූජාව පවත්වා මහ සඟරුවනට දන් පිළිගන්වා සිල් සමාදන් වූ පිරිස වෙත දානය පිරි නැමේ. එතැන් සිට වන්දනාමාන කිරීමට පැමිණෙන පිරිස වෙත බත් දන්සලක් පැවැත්වේ. එදින දිවා කාලයේ බුද්ධ පූජා පවත්වන අතර මහ සඟරුවනටද දන් පිළිගැන්වේ. එදින රාත්‍රී විස්කෝතු, කොත්තමල්ලී, තේ, කෝපිවලින් පහන්වනතුරු සංග්‍රහ කෙරෙන බව කියයි.

****

කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන පොසොන් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, වැලිකල පඤ්ඤාතර හිමි, 7.30-9.45 ධර්ම දේශනාව ගල්කිස්සේ සමාහිත හිමි 10.00-11.00 ධර්ම දේශනාව මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි

පස්වරු 01.00-03.00 ධර්ම දේශනාව ගොම්බද්දල දමිත හිමි 03.15-04.30 ධර්මදේශනාව කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමි, 04.45-06.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි

****

බියගම පුණ්‍යවර්ධනාරාමය

කෝරළයාගම පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසී සැමගේ අනුග්‍රයෙන් මෙවර බියගම පුණ්‍යවර්ධනාරාමයේ පොසොන් කලාපය,තොරණ, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් පැවැත්වේ.

****

ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා රූපවාහිනියේ පොසොන් පොහෝ දින වැඩසටහන් මාලාව

පෝදා පෙරවරු 5.30- 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි 08.00-9.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 09.30-10.30 ධර්ම දේශනාව, මිරිස්සේ ධම්මික හිමි, 11.00-11.30 ව්‍යංජන 1008 කින් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි,

මෙහෙයවීම සහන් වනිගරත්න මහතා 2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව තලගල සුමනරතන නාහිමි, 4.30-5.30 ධර්ම දේශනාව, ඇලිකේවල සීලරතන හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 - 7.00 උදෑසන බුද්ධපූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය දේශනය දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව සූරියවැව සාරානන්ද හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව 05.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයතනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව ඇටිකේවෙල ධම්මානන්ද හිමි.

****

බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෙරවරු 06.00-07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි 08.00-08.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 08.30-09.30 ධර්මානුශාසනාව – ගෞරව ශාස්ත්‍රවේදී ගලගම ශාන්තජීව හිමි, 09.30-11.00 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15-01.15 – සෙත් පිරිත් – සිරි වජිරාරාමාධිකාරි, සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි,

පස්වරු 01.15-02.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-04.00 ගිහි දේශනය – ශාස්ත්‍රාචාර්ය ජයසේන එදිරිසිංහ මහතා , 04.00-05.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී කටුවන පියරතන හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත කිරම රාහුල හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමින් වහන්සේලා

****

සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මැණික්බෝවේ දීපාලෝක හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලාරාමාවාසී ශාස්ත්‍රපති පණ්ඩිත දළුගම සමිතඤාණ හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ඇරැව්වල සමිත හිමි, ඔරුවල සුධීර හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, තලාගම බුද්ධසිරි හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව පිළියන්දල වෑවල සිරිවිජයාරාමවාසී ශාස්ත්‍රපති පණ්ඩිත කදුරුපොකුණේ ධම්මාලෝක හිමි, 02.45 – 03.45 ධර්ම දේශනාව මහරගම ධර්මායතනවාසී ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 – 6.00 ධම්මපදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ පොසොන් පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පොසොන් පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පොසොන් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළ තලාවේ සුමනසිරි හිමියන් සංවිධානය කරති. 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කිරිගල්වැවේ ඥාණාලෝක නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව ආචාර්ය රාජකීය පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, සහභාගීත්වය , (ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය, වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික, ශ්‍රී සුමංගල පිරිවෙන් අධ්‍යක්ෂක)ආචාර්ය තුඹුල්ලේ සීලකන්ධ නාහිමි (රුවන්වැලි සෑ පරිවේණාධිපති)වැල්ලගිරියේ සීලසුමන නාහිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා. 4.00 භාවනා වැඩසටහන, ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේ දී පොසොන් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 06.00 සිට පස්වරු 6.00 දක්වා සීලා , භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 08.00 -9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරි ගැමුණුපුර සෝමවංශ හිමි 9.00 -10.00 දහම් දෙසුම ගල්කිස්සේ සෝමානන්ද හිමි 10.00 -11.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී මඩිහේ සුගතසිරි හිමි 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00-12.30 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1.00- 2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මීතලාවේ විනීත හිමි. 2.15-3.00 ධම්මපදය 3.00-5.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ගල්නෑවේ සුගතවිහාරි හිමි. සවස 6.00 සිට ,අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. මෙම පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ සාදර අනුග්‍රහයෙනි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 10.00 – 11.15 ගිරිභාණ්ඩ පූජා පින්කම පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම කළමණාකාර උපදේශක දීපාල් සූරියආරච්චි මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව උඩුදුම්බර විජයකිත්ති හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව නාවල ඤාණරතන හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පොසොන් පෝදා පින්කම් රැසක් සිදුකිරීමට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල්පහන්, ගිලන්පස හා කිරිආහාර පූජාවන්ද ෂඩ්වර්ණ ශාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමද සිදු කෙරේ.

උදෑසන ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේදීද කිිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටු ඉදිරිපිට දානශාලාවේ පෝදා බත් දන්සල ද පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සලද එම ස්ථානයේදී පැවැත්වේ.

සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර මලුවේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට පැමිණ මල්, පහන්, ගිලන්පස, හා අටපිරිකර පූජාකර බෝධි පුජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථායේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ සවස ධර්මදේශනාව කිරිවෙහර විහාරස්ථ අට විසිබෝමළුවේ දි පැවැත්වෙන අතර පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වැනි මළුවේ දී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, මහාසේන සිල් සමිතිය, ශී‍්‍ර ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක පිරිස එම පින්කම් සංවිධානය කර ඇත.

****

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද , නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00-06.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පුජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසි,ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනාව 10.30-11.00 දවල් සම්බුද්ධ පුජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසි ස්වාමින්වහන්සේලා විසින් 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය 3.30-4.30 දම්සක්පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 5.00-6.00 ධර්ම දේශනය කොළඹ 10 මරදාන බෞද්ධාරාමාධිපති ශාස්ත්‍රවේදී ලුණුගම්වෙහෙර් විමලානන්ද නාහිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රි 8.00 -9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයකි)

****

බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.00 – 9.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.00 – 10.00 බෞද්ධයා මාධ්‍ය ජාලයේ සජීව ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 සම්බුද්ධ පුජාව පින්කම, පස්වරු 12.30 – 1.00 සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ආචාර්ය කිවුලේගෙදර නාරද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් පුර පසළොස්වක පොහොය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේදී ධර්ම දේශනා, සදහම් වන්දනාවක් හා භාවනා වැඩසටහනක් පැවැත්වේ. පෙ.ව. 8.30 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නාගොඩ ශාසනවංශ හිමි, 9.30 සදහම් වන්දනාව, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 2.00 ට ධර්ම දේශනාව ගොවින්න මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත නවදගල ශ්‍රී චන්ද්‍රසිරි නාහිමි සවස 4.00 විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි. සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජා හා බෝධි පුජා පින්කමකි.

****

උඩුගම ශාසනාලංකාරාරාමය

ගාල්ල,උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේදි පොසොන් පොහෝදා විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වේ. දාන, ශීල, භාවනා පින්කම්වලට මුල්තැන දෙමින් පවත්වන එම වැඩසටහන නිමාවට පත්වන්නේ (පොසොන් පොහෝදා) රාත්‍රි 7.30 ට විහාරස්ථානයේ උඩමළුවේ වැඩසිටින දඹදිව සිට වැඩම කරවනු ලැබු ශී‍්‍ර මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන සුවිශේෂි බෝධි පුජාමය පින්කමෙනි. පාලක විහාරාධිපති උඩුගම සාරානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි එම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සතරපේරුවේ දායක කාරකාදීන් කටයුතු යොදා ඇත.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පොසොන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

සිසිල් පැන් දන්සල 21 වැනි වරටත් මිහින්තලේ දී

කොළඹ 5, හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත, ශාස්ත්‍රපති කිහිඹියේ විජිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉසිපතානාරාම කාන්තා සමිතියේ මූලිකත්වයෙන් සැදැහැවත් පින්වතුන්ගේ ආධාර ඇතිව 21 වරටත් ඓතිහාසික මිහින්තලේ පූජා භූමිය ඇතුළත පවත්වන ‘සිසිල්පැන් දන්සල ජුනි මස 27,28 දෙදින තුළ සිදුකිරීමට සූදානම් කර ඇත.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]