UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී... සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්‍රතිමාවහන්සේ වැඩම කිරීම ජුනි 6 වනදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා පුරා දින තුනක් රිය පෙරහරකින්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී ජුනි මස 26 වන දා සිට 28 වනදා දක්වා පස්වරු 6 සිට පැවැත්වේ. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 56 වන වරටය. ඩයලොග් සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙවර සැදැහැති දායකත්වය සපයනු ලැබේ.අනුබුදු මිහිඳු වාර්ෂික පෙරහර ජුනි 26 වනදා රාත්‍රී වීදි සංචාරය කෙරේ. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සිරස රූපවාහිනී නාලිකාව මගිනි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ඓතිහාසික ලංකා ගමනයෙන් 2325 වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවත් නිමිත්තෙන් සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් ලේක්හවුස් ආයතනයේ.....

ඉතිරිය»

දළදා මාළිගාවෙන් විහාරස්ථාන සංවර්ධනයට මූල්‍යාධාර

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව මගින් ක්‍රියාවට නංවනු ලබන ත්‍රස්තවාදී සමයෙහි විනාශයට පත් වූ මෙරට විහාරස්ථාන යළි නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක මුදලක් ලබාදීමට පියවර ගැණිනි.ඒ යටතේ එම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 144 ක් සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා වන මුදල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් බෙදා දෙනු ලැබේ.මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී දළදා මාළිගාවේ අරමුදලින් මෙය ක්‍රියාවට නංවනු ලැබේ.මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමල ධම්ම අනු නා හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමි.....

ඉතිරිය»

ධර්ම දේශනාව:

අරි අටඟි මඟ වඩිමින් පිළිවෙත් පුරන්නෝ

අපේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක චාතුමා නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අරමුණු කොට දේශනා කෙරුණු වැදගත් වන කාරණ රැසක් සිහියට නැඟෙන සූත්‍ර පාඨයක්. ඉහතින් සඳහන් කළේ. දවසක් දා බුදුරජාණන් වහන්සේ චාතුම නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන කාලයේ සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනමත්, උන්වහන්සේලාගේ ගෝලයෝ පන්සියයක් පමණ භික්ෂු පිරිසකුත් බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩියා. මේ පන්සියයක් භික්ෂු පිරිස අලුත පැවිදිවුණු පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ දකින්නට හරි ඕන කමකුත්. ආශාවකුත් තිබුණා. මේ පිරිස බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ස්ථානයට ඇවිත් තමන්ට ඒ දවසේ කාලය ගත කරන්නට ලබා දුන්නා. ආවාස ගෙවල් ඇතුළට ගිහින් තම තමන්ගේ සයනාසන, කොට්ට, ඇඳ ඇතිරිලි තෝරා ගන්නට, වෙන් කරගන්නට, ඔවුනොවුන් ශබ්ද නඟමින් කෑගසමින් හොඳ සයනාසන ආදිය වෙන් කරගන්ට පටන් ගත්තා. මේ මහ ඝෝෂාව බුදුහාමුදුරුවන්ට ඇහුණා. බුදුහාමුදුරුවෝ කවදත් නිශ්ශබ්දතාව ප්‍රිය කළ උතුම් ශාස්තෘවරයෙක්.

ඉතිරිය»

අධි පොසොන් පොහොය

අධි පොසොන් පොහොය මෙවර යෙදී ඇත්තේ මේ වෙසක් මාසයේ ම ය. එනම් මැයි 29 දාට ය. එබැවින් අප්‍රේල් 29 සිට මෙම 29 දක්වා වෙසක් මාසය ම වශයෙන් සැලකීමට ඇතැම් දෙනා කටයුතු කිරීමට යොදා ඇති බව පෙනේ. එය උතුම් කරුණකි. ඒ අනුව අප්‍රේල් 29 දාට යෙදුණු වෙසක් පොහොය ආමිස පූජාවට යොමු කළ බව ඇතැම් විට දක්නට ලැබුණි. දාන, සීල, භාවනාමය පින්කම් ප්‍රතිපත්තිමය වශයෙන් එදින ගත කළ බව සඳහන් කළ යුතු ය.  මෙම මැයි 29 දිනට යෙදෙන අධි පොසොන් පොහොය වෙසක් මාසයට ම යෙදුණු බැවින් වෙසක් පොහොය වශයෙන් සැලකීම නිවැරැදි බව කිවයුතු ව ඇත. 1883 ද අප්‍රේල් මාසයේ අග වෙසක් පොහොය ද මැයි මාසයේ අග අධි පොසොන් පොහොය යෙදීම නිසා එදා වැඩ සිටි ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගේ සහ බෞද්ධ පඬිවරුන්ගේ ද උපදෙස් ඊට ලැබී ඇත.

ඉතිරිය»

 

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]