UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි පොසොන් පොහොය

 අධි පොසොන් පොහොය

අධි පොසොන් පොහොය මෙවර යෙදී ඇත්තේ මේ වෙසක් මාසයේ ම ය. එනම් මැයි 29 දාට ය. එබැවින් අප්‍රේල් 29 සිට මෙම 29 දක්වා වෙසක් මාසය ම වශයෙන් සැලකීමට ඇතැම් දෙනා කටයුතු කිරීමට යොදා ඇති බව පෙනේ. එය උතුම් කරුණකි.

ඒ අනුව අප්‍රේල් 29 දාට යෙදුණු වෙසක් පොහොය ආමිස පූජාවට යොමු කළ බව ඇතැම් විට දක්නට ලැබුණි. දාන, සීල, භාවනාමය පින්කම් ප්‍රතිපත්තිමය වශයෙන් එදින ගත කළ බව සඳහන් කළ යුතු ය.

මෙම මැයි 29 දිනට යෙදෙන අධි පොසොන් පොහොය වෙසක් මාසයට ම යෙදුණු බැවින් වෙසක් පොහොය වශයෙන් සැලකීම නිවැරැදි බව කිවයුතු ව ඇත.

1883 ද අප්‍රේල් මාසයේ අග වෙසක් පොහොය ද මැයි මාසයේ අග අධි පොසොන් පොහොය යෙදීම නිසා එදා වැඩ සිටි ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගේ සහ බෞද්ධ පඬිවරුන්ගේ ද උපදෙස් ඊට ලැබී ඇත. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි, වැලිගම ශ්‍රී සුමංගල නා හිමි වැනි එදා වැඩ සිටි පණ්ඩිත නා හිමිපාණන් වහන්සේලාගේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා, ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා ආදී පඬිවරුන්ගේ උපදෙස් පරිදි අප්‍රේල් අගට යෙදුණු පොහොය දිනය වෙසක් පොහොය වශයෙන් නක්ෂත්‍රයට අනුව ද යෙදී පැවැති බැවින් එය ද වෙනස් නොකොට එම පොහොය ප්‍රතිපත්ති පූජාමය කටයුතුවලට යොදවා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ. මැයි මාසයේ අගට යෙදෙන අධි පොසොන් පොහොය ආමිස පූජාවන්ට යොදා ගැනීමට එදා උපදෙස් ලැබී ඇත.

ඒ අනුව වෙසක් තොරණ, වෙසක් දන් සල්, වෙසක් පෙරහර, වෙසක් නාට්‍ය ආදී වෙසක් උත්සවය වෙනුවෙන් සිදු කරනු ලබන සියල්ලක් යොදාගෙන ඇත්තේ මෙම මැයි අග යෙදුණු වෙසක් පොහෝ දිනට බව සැලකිය යුතුය. බෞද්ධ කොඩිය එළි දක්වන ලද්දේ ද එම වෙසක් පොහෝ දිනයේ දී බව ඉතිහාසගතව තිබේ.

ඉකුත් දිනයන් හි ඇති වූ වර්ෂාපතනය නිසා ඇතැම් ගම්, නියම් ගම් ජලගැලීම් උවදුරට මුහුණ දුන්හ. එබැවින් මෙම අධි පොසොන් පොහෝ දිනයට යෙදෙන වෙසක් පොහොය සිහිපත් කරගෙන දන්සල් සඳහා කෙරෙන සියලු පරිත්‍යාගයන් ජල විපතින් අනතුරට පත් ගම් නියම් ගම් විමසා බලා, ඒ අසරණ වූ ජනතාවට උපකාරවත් වීමට යොදාගත යුතු බව කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඒ ඒ ගම් නියම් ගම්වල පිහිටි වෙහෙර විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේලාගේ උපදෙස් ලබා ගැනීම අතිශයින් ම වැදගත් බව ද සැලකිය යුතු කරුණකි.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවුණු මේ වෙසඟ මාසය තුළ උන්වහන්සේ අනුමත කළ ප්‍රතිපත්ති පූජාවටත් ආමිස පූජාවටත් යෙදීම චන්ද්‍රයාගේ ගමන අනුව යෙදී ඇති මේ අධි පොසොන් පොහෝ දිනයේ යෙදීම අගනා සිදුවීමක් බව ද සැලකිය හැකි ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]