UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මහනුවර යුගයට අයත් පෙතියාගොඩ ඓතිහාසික විහාර මන්දිරය

මහනුවර රාජධානි සමයට අයත් යැයි සැලකෙන පෙතියාගොඩ පුරාණ විහාරය ඓතිහාසික විහාරස්ථානයකි. විහාරස්ථානයේ දැනට පිළිසකර කිරීම්වලට ලක්ව ඇති පැරැණි විහාර මන්දිරය මහනුවර යුගයේ ඉදිකෙරුණු ටැම්පිට විහාරයකි. විසිවන සියවසේ මුල්භාගයේ දී කැලණි ගඟෙහි ආරක්ෂිත බැම්ම කැඩී යාමෙන් සිදු වු ජල ගැලීම හේතුවෙන් විහාර මන්දිරය යටවුණු අතර පොළොව මට්ටමේ සිට අඩි 10 ක් පමණ උස් ටැම් පිට විහාර මන්දිරය තනා තිබුණත් ජල ගැල්මෙන් එය යට වූ බව පැරැණි දායකයෝ සිහිපත් කරති. කෙසේ වුව ද පසුකාලීනව ටැම් වසා බැමි බැඳ විහාර මන්දිරය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. විහාරස්ථානයේ වර්තමාන දියුණුවෙහි අඩිතාලම දමනු ලැබුයේ අපවත් වී වදාළ සීනාදි සිව් කෝරළයේ විශේෂාධිකරණ සමථ බල සම්පන්න උපප්‍රධාන සංඝනායක වටරැක ශ්‍රී ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. වර්තමාන විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ආචාර්ය ශාස්ත්‍රපති දොම්පේ ඉන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. විහාරස්ථානයේ අභිවෘද්ධිය හා දායක දායිකාවන්ගේ කුදු මහත් අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කිරීමේ ඒකායන අරමුණෙන් උන්වහන්සේ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ධුරයට සමු දුන්හ.

ඉතිරිය»

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]