UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අධිකරණ නායක පදවියට

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අධිකරණ නායක පදවියට

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියෝ

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන් හි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියෝ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මණ්ඩලත්‍රයේ මහා සංඝ සභාව විසින් එහි අධිකරණ නායක පදවියට පත් කරනු ලැබ සිටිති. ඒ සමඟ උන් වහන්සේට “ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක” යන ගෞරව නාමය ද පිරිනමා ඇත.

මාතර මිරිස්ස හේන්වල ගම්පියසේ උපත ලද මිරිස්සේ ධම්මික නා හිමියෝ, 1973 දී මිරිස්සේ උඩුපිල ශ්‍රී සුධර්මාරාමයේ දී මිරිස්සේ චන්දජෝති, මිරිස්සේ පියදස්සි යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගතව මූලික අධ්‍යාපන ලබා කොළඹ සරසවියට ඇතුළත් විය.

කොළඹ සරසවියෙන් ප්‍රථම උපාධිය ද කැනඩාවේ වැන්කුවර් හි සයිමන් ප්‍රේෂර් සරසවියෙන් “පාසල් දරුවන් තුළ මානසික ආතතිය නැති කිරීමට බෞද්ධ භාවනා ක්‍රමයෙන් ලැබිය හැකි ප්‍රයෝජන” නම් පර්යේෂණ කෘතිය ඉදිරිපත් කරමින් ශාස්ත්‍රපති උපාධිය ද, “ස්වාමීන් වහන්සේ නමකගේ දෛනික ප්‍රතිපදා තුළින් යොනිසෝ මනසිකාරය ගැන අධ්‍යනයක්” නම් වූ පර්යේෂණ කෘතිය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය ද ලැබූහ. කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ බෞද්ධ විහාර සංගමය විසින් කළ ආරාධනාවකට අනුව කැනඩාවට වැඩම කළ මිරිස්සේ ධම්මික ස්වාමීන්වහන්සේ සුදු ජාතිකයන්ට ද බෞද්ධ දර්ශනය හඳුන්වා දුන් අතර, දහම් පාසලක් ආරම්භකරමින් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි දී අමිල මෙහෙවරක් සිදු කළහ.

කුරුණෑගල දඹදෙණිය කවුඩුමුන්න සීලක්ඛන්ධ පිරිවෙනෙහි පරිවෙනාධිපතිවරයකු වශයෙන් ද, ඇහැලියගොඩ ඇරෑපොල මහින්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු වශයෙන් ද සේවය කොට 1990 වසරේ සිට වසර පහක් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස ද කටයුතු කළ උන් වහන්සේ අතිපූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේ හා දායක පිරිසගේ බලවත් වූ ඉල්ලීම නිසා 1990 වසරේ දී බත්තරමුල්ල සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනට වැඩම කළහ. දුටු දුටුවන්ගේ සිත් සතන් පහදවන පැවැත්මෙන් යුතු උන්වහන්සේ සීලයෙන් ද, ගුණයෙන් ද, බහුශ්‍රැතභාවයෙන් ද, ධර්මඤාණයෙන් ද පිරිපුන් ය. උන්වහන්සේ සැබෑ ම චරිතාදර්ශයකි. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කරගනිමින් ලක්වාසී, ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි හඬින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි. ආගමික වශයෙන් මෙන් ම සමාජයීය වශයෙන් උන්වහන්සේ සිදුකරනු ලබන සේවය අතිමහත් ය.විචිත්‍ර ධර්මකථික හා වියත්ධර්මධරයන් වහන්සේ නමක් වන උන්වහන්සේ දේශීය හා විදේශීය ධර්මදූත හිමි නමක් වශයෙන් කීර්තියක් දරන අතර බෞද්ධ උපදේශනය පිළිබඳ විශාරද හිමි නමක් වශයෙන් ද භාවනා ආචාර්ය හිමි නමක් වශයෙන් ද ජනාදරයට පත්ව සිටිති.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]