UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පූණ්‍යෙීත්සවය 2018 මැයි මස 29 වෙනි අඟහරුවාදා දින පටන් ජූනි මස 27 වෙනි බුධ දින (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පෝය දිනවල පෙරහර සහිතව ද සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය ක්‍රියා සිදුකරන බව මල්වතු මහා විහාරපාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක බදුළු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදනවලින් ප්‍රකාශ කර ඇත. මැයි 29 අඟහරුවාදා (අධි පොසොන් පුර පසළොස්වක) ජූනි 06 (අව අටවක පෝදා) ජූනි 13 (අමාවක) ජූනි 20 (පුර අටවක) සහ (ජූනි 27) ( පුර පසළොස්වක) යන දිනවල පෙරහර සහිතව ද (වාහල නාග) සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය කටයුතු සිදු කෙරේ. ජූලි 27 කිවි දින ගිම්හාන සෘතුවෙහි 10 වෙනි පොහොය කොට ඊට පසුදින පෙරවස් එළඹීම ද අගෝස්තු 25 වෙනි දින වස්සාන සෘතුවෙහි 02 වෙනි පොහොය කොට ඊට පසු දින පසුවස් එළඹීම ද ඔක්තෝබර් 24 වෙනි බුධ දින වස්සාන සෘතුවෙහි 06 වෙනි පොහොය කොට එදිනම පෙරවස් පවාරණය ද, නොවැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා 08 වෙනි පොහොය කොට එදිනම පසුවස් පවාරණය ද යෙදෙන්නේ ය.

ඉතිරිය»

විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පුජා පෙළහර

මහා සංඝරත්නය වෙත නිවැරැදිව ත්‍රිපිටක ධර්මයෙහි අර්ථය විනිශ්චය කරන සාම්ප්‍රදායික ථෙරවාද ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම හා ධර්මවිනය ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන භික්ෂුව සතු කාර්ය භාරය පිළිබඳ දැනුවත් කිරීම සහ ශික්ෂාකාමී, ධර්මධර, භාවනාවට ලැදි උතුම් භික්ෂු ජීවිතයක් තුළින් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ විශිෂ්ට ධර්මාර්ථ පිළිබඳ දැනුවත් කිරීම. ආදී අරමුණු ඇති ව දහස් නමක් මහා සංඝරත්නය උදෙසා විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබේ. අනුරාධපුර ස්වර්ණමාලි මහසෑරදුන් අභියස අප්‍රේල් 12 දින උදෑසන 7.00 සිට සවස 03.00 දක්වා පැවැත්වෙන මෙම විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණයට සමගාමීව ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර නමින් සුවිශේෂී පින්කම් මාලාවක් ද එදින සන්ධ්‍යාවෙහි සිදු කිරීමට කටයුතු යොදා ඇති බව.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අද කළ යුතු දේ හෙටට කල් නො තබමු

“අපායට යන්නට වුණත් පමා නො වී යන්නට ඕන”යි අපේ ජනවහරේ කියමනක් පවතිනවා. අපාය කියන්නේ දුක් සහිත කටුක තැනක් කියලයි අප කවුරුත් දැන ගෙන තිබෙන්නේ. අපේ ධර්මයේ හැටියට අප නිතර ම පිනට දහමට යොමු වන්නේ ඒ අපායෙන් මිදී සසර ගත කරන්නට යි. ඉතින් මේ කටුක දුක් සහිත අපායට යන්නට වුණත් ප්‍රමාද වීම ඒ දුක තවත් දැඩි වෙන්ට හේතු වෙනවා කියන එක තමා ඒ ජනවහර අනුව ප්‍රකාශ වන්නේ. ඒක එහෙම වුණත් අපි හැම විට ම අපට පැවරෙන වගකීම් ඉටු කිරීමට යාමේ දී දකින දේ තමා එය කල් දමමින් කාලය මැරිම. මේ නිසා අපි හැමදාමත් පරදිනවා. ජය ගන්නේ වේලාවට කලාවට තමන්ගේ වගකීම් යුතුකම් ඉටු කරන තැනැත්තා යි. එය එක ආගමකට දහමකට පමණක් සිමා වූ කරුණක් නොවේ. විශ්ව සාධාරණ මතයක්. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා අද කළ යුතු දේ අද ම ඉටු කිරීම වැදගත් කියන මේ කරුණ. “අජ්ජේව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ” “අද අද එයි මරු පින් කර ගන්නේ” කියලා අපේ පැරණි කවි පදයකුත් තිබෙනවා. ඒ මුලින් කී බුදුවදනේ සරල අදහස ම යි.

ඉතිරිය»

යුද බිය දුරු කොට සාමය උදා කළ බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය

බුදුරදුන් බුද්ධත්වයට පත්ව පස්වන වර්ෂය ද උදාවෙමින් පැවතුණි. ලෝවැසියන් පිළිබඳ පතළ මහා කරුණාවෙන් ලොව දෙස බලා වදාරණ බුදුරජාණන් වහන්සේ එකල ලංකාවේ වාසය කළ චුලෝදර හා මහෝදර නම් නාරජුන්, දෙපොළ මැණික් පුටුවක් මුල් කරගෙන යුද්ධ කිරීමට යන බව සැවැත්නුවර ජේතවනාරාමයේ සිට දිවැසින් දුටු සේක. යුද්ධයක් හටගත්තේ නම් ලක්වැසි නාග පිරිසට සිදුවිය හැකි විනාශය දුටු බුදුරජාණන් වහන්සේ ඊට මාස කීපයකට පෙර තම ඤාතීන් වූ ශාක්‍ය, කෝලිය දෙපිරිසට අනුකම්පා කර යුද්ධයේ ආදීනව පෙන්වා වදාළේ යම් සේ ද? එපමණ ම වූ මහා කරුණාවෙන් යුක්තව ලක්දිව නාගදීපයට වැඩම කර විනාශකාරි යුද්ධය වැළැක්වීමට කටයුතු කළේ අද වන් බක් පොහෝ දිනක ය. එදා ශාක්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් යුද්ධයක් ආරම්භ කළේ ජලය මුල් කරගෙන ය. මෙදා නාග ගෝත්‍රිකයින් ලංකාවේ යුද්ධයක් ආරම්භ කළේ මැණික් පුටුවක් හෙවත් සිංහාසනයක් මුල් කරගෙන ය.

ඉතිරිය»

බුදුරදුන් නාගදීපයට වැඩම කළ වගයි.
සිතුවම සත්සර ඉලංගසිංහ

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]