| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 මහනුවර මැණික්හින්න 
										පල්ලේගුන්නෑපාන බෝධිගල විහාරයේ අභිනව 
										සංඝාවාසය ධර්මශාලාව හා ධාතුමන්දිරය සහිත 
										ගොඩනැගිල්ලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 
										මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක 
										තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන 
										මහානායක මාහිමියන් වහන්සේගේ අනුශාසනා 
										පරිදි මල්වතු විහාරාධිවාසී විංශද් වර්ගික 
										කාරක මහා සංඝසභාවේ වැඩබලන ලේඛකාධිකාරී, 
										පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා 
										අධ්‍යයන අංශයේ වැඩබැලූ අංශාධිපති ආචාර්ය 
										පහමුණේ ශ්‍රී සුමංගලාභිධාන නාහිමියන්ගේ හා 
										ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ 
										ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සුරතින් මාර්තු 
										මස 18 වෙනි දින සුබ මොහොතින් සිදු කරන 
										ලදී. මල්වතු මහාවිහාරාධිවාසී විංශද් 
										වර්ගික කාරක සංඝ සභික පල්ලේගුන්නෑපාන 
										බෝධිගල විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා 
										භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ 
										අධ්‍යයන අංශාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත 
										වැලිවිට සෝරත හිමියන්ගේ හා බෝධිගල බෞද්ධ 
										සමිතියේ මූලිකත්වයෙන් එම පුණ්‍ය කටයුත්ත 
										සිදු කෙරිණි.  | 
								 
								
									 | 
								 
								
									|   | 
								 
								
								
									| 
									 
									   | 
								 
								
							 
					 | 
					
						
මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය
						
						 
						 
						 
						 
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා 
පූණ්‍යෙීත්සවය 2018 මැයි මස 29 වෙනි අඟහරුවාදා දින පටන් ජූනි මස 27 වෙනි බුධ දින 
(පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පෝය දිනවල පෙරහර සහිතව ද සෙසු දිනවල 
පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය ක්‍රියා සිදුකරන බව මල්වතු මහා විහාරපාර්ශ්වයේ 
අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ 
සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක බදුළු මුතියංගන රජමහා 
විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් 
වහන්සේ ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදනවලින් ප්‍රකාශ කර ඇත. 
මැයි 29 අඟහරුවාදා (අධි පොසොන් පුර පසළොස්වක) ජූනි 06 (අව අටවක පෝදා) ජූනි 13 
(අමාවක) ජූනි 20 (පුර අටවක) සහ (ජූනි 27) ( පුර පසළොස්වක) යන දිනවල පෙරහර සහිතව ද 
(වාහල නාග) සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය කටයුතු සිදු කෙරේ. ජූලි 27 
කිවි දින ගිම්හාන සෘතුවෙහි 10 වෙනි පොහොය කොට ඊට පසුදින පෙරවස් එළඹීම ද අගෝස්තු 25 
වෙනි දින වස්සාන සෘතුවෙහි 02 වෙනි පොහොය කොට ඊට පසු දින පසුවස් එළඹීම ද ඔක්තෝබර් 24 
වෙනි බුධ දින වස්සාන සෘතුවෙහි 06 වෙනි පොහොය කොට එදිනම පෙරවස් පවාරණය ද, නොවැම්බර් 
22 වෙනි බ්‍රහස්පතින්දා 08 වෙනි පොහොය කොට එදිනම පසුවස් පවාරණය ද යෙදෙන්නේ ය. 
						ඉතිරිය»  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		
		
		  බක් පුර පසළොස්වක පෝය
		
		 
		 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 
		31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 
		වනදා සෙනසුරාදා ය.  
		
		  
		
		මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.  
		. 
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |