UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝටි පහක ඉඩම සසුනට පිදූ අපේ කාලයේ සුජාතාව

කෝටි පහක ඉඩම සසුනට පිදූ අපේ කාලයේ සුජාතාව

ඇය තමන්ට අයත් කෝටි 5 කට ආසන්න වටිනාකමක් ඇති පර්චස් 100 ක ඉඩම සහ නිවාස දෙක සඟසතු කොට පූජා කළ අපේ කාලයේ සුජාතාවකි. මේ මහා පුණ්‍ය කර්මය සිදුකරමින් බුද්ධ දේශනාවට අනුව අත්හැරීමේ ගුණය පසක් කර දුන් මේ පින්වතිය මාතර වෙලේගොඩ මැදපාර කරුණා නිවසේ පදිංචි ඥානවති කොඩිකාර මහත්මියයි.

ඇයගේ සැමියා ජේ.එම්. කරුණාරත්නය. ඒ මහතා දාන, ශීල, භාවනාවලට යොමුවෙමින් සිටිය දී මීට වසර දෙකකට පෙර අහංගම පදිංචි අවිවාහක තම ඥාති සොහොයුරියක් විසින් ඇයට අයත් දේපළ සඟ සතු කිරීමේ උදාර පින්කමකට සහභාගි වී ඇත. ඒ පින්කම දුටු කරුණාරත්න මහතාට ද දහම් සිතිවිලි ඇතිවිය. “අපේ දේපළ සඟ සතුකර පූජා කරමු” යැයි ඔහු තම බිරිය වන ඥානවතී කොඩිකාර මහත්මියගෙන් ඇසුවේ ය. එහෙත් ඒ පින්කම කරන්නට පෙර ජේ.එම්.කරුණාරත්න මහතා මීට වසරකට පෙර දිවියෙන් සමුගත්තේ ය. තම සැමියාගේ ඉල්ලීම සිහිපත්වූ ඥානවතී මහත්මිය තම සහෝදර සහෝදරියන් වන කෝලිත, නන්දා,අමිතා, ප්‍රඥා,අමරසිරි, සරත් යන අය සමඟ ද සාකච්ඡා කොට ඒ දේපළ සඟසතු කිරීමට තීරණය කර ඇත. මේ අනුව මේ නිවාස ප්‍රදේශයේ තරුණ තරුණියන් ආගමට දහමට ලැදි, හැදියාවෙන් යුතු පිරිසක් ලෙස සමාජයට එක් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස “කරුණා මැදුර” වශයෙන් නම් කර සඟසතු කිරීමට පියවර ගත්තා ය. ඒ බුද්ධ දේශනාවේ සඳහන් පරිදි තණ්හාව, ආශාව නැති කරගෙන අත්හැරීමේ ගුණය පසක් කරමිනි.

වයස අවුරුදු 75 ක ජීවිතයේ කඩඉම පසුකරන ඥානවතී. මාතාව මේ උතුම් පරිත්‍යාගය වෙලේගොඩ සුනන්දාරාමය වෙත සඟසතු කළේ බම්බලපිටිය සිරිවජිරාරාමාධිපති අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමිපාණන් ඇතුළු මහ ාසංඝරත්නය ඉදිරියේදී ය.මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඇය ශාසන ගෞරව ප්‍රණාමය නාමයෙන් පිදුම් ලැබුවා ය.

අද මේ කරුණා මන්දිරය ප්‍රදේශයේ තරුණ පරපුරට කරුණාව මෛත්‍රිය ජනිත කරවන, ඔවුන් යහපත් පුරවැසියන් බවට පත්කරන ආගමික මධ්‍යස්ථානයකි. මේ උතුම් පින්කමේ බලයෙන් පරලොව සැපත් ජේ.එම්. කරුණාරත්න මහතාට අමා මහ නිවන් සුව අත්වේවා!යි අපි ප්‍රාර්ථනා කරමු. ඥානවතී කොඩිකාර මහත්මියට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා!

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]