UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ‘අතුල දස්සන’ බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පාරමිතා පෙරහර මාර්තු මස 31 වෙනිදා පුර පසළොස්වක පොහෝදින පැවැත්වීමට අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ‘අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් සංවිධානය කර ඇත.

“පාරමිතා” යන වචනය සවණතට යොමුවන විට මූලික වශයෙන් බුදුදහම හා බැඳී පවතින වචනයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. අප සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා විවිධ ආත්ම භාවයන්හි ‘සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෙවත් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් දාන සීලාදී පෙරුම් පිරූ බව බුද්ධ චරිතය ඇසුරින් පැහැදිලි වේ.

බොරැල්ලේ පාරමිතා පෙරහර 1991 මල් පෙරහරකින් සමාරම්භව 2018 මාර්තු 31 වන දින පැවැත්වෙන පුන් පොහෝදින පෙරහරට 27 වසරක් සපිරෙයි. දේශීය විදේශීය සැදැහැවතුන්ගේ සහයෙන් හා සහභාගිත්වයෙන් මෙම පාරමිතා පෙරහර වර්ෂයෙන් වර්ෂය සංවර්ධනය ජන හදවතට සමීප වූ පෙරහරක් බව සඳහන් කළ යුතු ය. මෙම පෙරහරේ නිර්මාතෘවරයා වන්නේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමිපාණන් වහන්සේ යි.

වාර්ෂිකව මෙම පාරමිතා පෙරහරට අමතරව ලංකාවේ විවිධ පූජනීයස්ථාන පදනම් කරගෙන නෙළුම්මල් පූජාවට සමගාමිව පැවැත්වෙන තෙසැත්තෑඤාණ පූජාව සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සංඝගත දක්ෂිණාව, දුෂ්කර පළාත්වල තෝරාගත් පාසල් කීපයක් උදෙසා ළමයින්ට ඇඳුම් පැළඳුම් ආහාරපානාදිය ප්‍රදානය කිරීම ආදී විශේෂ වැඩසටහන් රාශියක් සඳහන් කළ හැකි ය. මෙම සියලු සද්කාර්යයන් සඳහා අතුල නාහිමිපාණන්ට දායකදායිකාවන්ගේත්, ආශි‍්‍රතයන්ගේත්, හිතෛෂීන්ගෙන්ද ලැබෙන නොමද සහාය මහත් ශක්තියක් වී ඇත. එසේම උන්වහන්සේගේ කුදුමහත් ප්‍රජා සත්කාර්යයන් උදෙසා උගත් බුද්ධිමත් ශිෂ්‍යවරයන් වහන්සේලාගෙන් ලැබෙන ශක්තියද මහත් අනුබලයක් වී ඇත. විහාරාධිකාරී බෝගහවැව රතන නාහිමිපාණන්ද ලන්ඩන් නුවර අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක වඳුරඹ කස්සප නාහිමිපාණන් වහන්සේද පරිවේණාචාර්ය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමියන් ද සඳහන් කරන්නේ ගෞරවයෙනි.

මෙම පාරමිතා පෙරහට ගිහි පැවිදි සම්භාවනිය පිරිසක්ද මැති ඇමැතිවරුන්ද ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් සහභාගීවීමට නියමිත ය.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]