UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මහරහත් මිහිඳු මා හිමි දැක්ම

ශ්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව සංස්කෘතිකව වෙනස් රාජ්‍යයකි. එහි බහුතර සිංහලයන්ද, බෞද්ධයන්ද සමඟ සෙසු ජාතීහුද වෙසෙන බව නොරහසකි. එහෙත් මේ සියලු ශ්‍රී ලාංකිකයෝ එකම සංස්කෘතියකට අයත් වෙති . මෙකී එකම සංස්කෘතියකට අයත්වීම නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ අර්බුද පැන නොනැඟී පැවතිණි. එකී සංස්කෘතිය ක්‍රමයෙන් තුවාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී සිතිවිලි ක්‍රියාත්මකව යම් යම් අර්බුද රෙටි පැන නැඟි බවද අපි දනිමු. තිස්වසරක යුද්ධයකින් පීඩාවට පත් සමාජයක් සිතිය යුත්තේ එකී යුද්ධයට පෙර ශ්‍රී ලාංකේය සමාජයෙහි තිබූ සංහිඳියාව පැවතුණේ කෙසේද? යන්නයි. ඊට ලැබෙන පිළිතුර විය යුත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනය හා දැක්ම සමාජගතව තිබූ නිසා වෙනි යන්නයි. මිහිඳු මහරහතන් වහන්සේ් වඩින්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ විසූයේ ම්ලේච්ඡ ජන සමාජයක්ය යන්න කල්පිතයකි. නූතන අනාවරණය වීම් අනුව, ශ්‍රී ලාංකේය ආදී සමාජය මිහිඳු මහරහතන් වහන්සේට පෙරද ශික්ෂිත හා බොහෝ දියුණු සමාජ ලක්ෂණවලින් සමන්විත සමාජයක්ව පැවති බව දත යුතුයි.යක්ෂ, නාග, ගෝත්‍ර වැනි සමාජ ගෝත්‍රික සමාජ නොවූ බවත්, එකී සමාජයන්හි යම් යම් සමාජමය සාධනීය ලක්ෂණ තිබූ බවත් දැන් දැන් අනාවරණය වන තොරතුරු අනුව පෙනී යයි. මෙයින් පෙනෙන්නේ මිහිඳු මහ රහත් ආගමනයට පෙර, මිහිඳු මහරහතන් වහන්සේ විසින් වෙනස් කරනු ලැබූවද,තරමක දියුණු මානව සමාජයක් මෙහි ස්ථාපිතව පැවැති බවයි. එකී දියුණු මානව සමාජය මිිහිඳු මහරහතන් වහන්සේ විසින් කරනු ලැබූයේ බෞද්ධමය වූ මුහුණුවරකට හැරවීමයි.

ඉතිරිය»

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

  • tmp.asp?ID=fea01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]