UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිඳගල රජ මහා විහාරස්ථ ධම්මරතන දහම් පාසල

හිඳගල රජ මහා විහාරස්ථ ධම්මරතන දහම් පාසල

ප්‍රධානාචාර්ය පාතේගම අස්සජි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

ඓතිහාසික කන්ද උඩරට හන්තාන කඳු පාමුල පිහිටා ඇති ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැරැණිම දහම් පාසල වන ශ්‍රී හිඳගල රජ මහා විහාරස්ථ ධම්මරතන දහම් පාසල ඇඹිල්මිගම ධම්මරතන නා හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම දහම් පාසල සිසු සිසුවියන් පහළොස් දෙනකුගෙන් හා ආචාර්ය මණ්ඩලය හතර දෙනකුගෙන් ආරම්භ කෙරිණි. දැනට ශත වර්ෂයකට අධික කාලයක් සපුරා ඇති මෙම දහම් පාසලේ වත්මන් ආචාර්ය මණ්ඩලය විසි එක් දෙනෙකුගෙන් සහ සිසු සිසුවියන් තුන්සිය දෙනකුගෙන් සමන්විතය. වත්මන් විහාරාධිපති ධූරය හොබවන්නේ ඇඹිල්මිගම පඤ්ඤාකිත්ති නා හිමියන්ය. උප ප්‍රධානාචාර්ය ධූරය හොබවන්නේ එච්. මෛත්‍රීපාල මහතාය.

2014 ශාසනාරක්ෂකබල මණ්ඩල සිසු නිපුණතා තරගාවලියේ පළමු, දෙවන, තෙවන, සිව්වන, සහ පස්වන ස්ථාන ලබා ගත් සිසු සිසුවියන් දොළොස් දෙනෙක් ද, මහනුවර තරුණ බෞද්ධ සමිතියේ කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් දෙවන ස්ථානය ද, කාව්‍ය නිර්මාණ කුසලතා සහතිකය ද, කාව්‍ය නිර්මාණ ගුරු සම්මාන සහතිකය ද , යොවුන් ගවේෂණ තරගයේ ලෝකඩ පදක්කම ද ලබා ගන්නා ලදී.

2015 වසරේ සිසු නිපුණ තාක්ෂණ බල මණ්ඩල තරගාවලියේදී ප්‍රථම ස්ථාන දෙකක් සහිතව පළමු ස්ථානයේ සිට පස්වන ස්ථාන දක්වා ජයග්‍රහණය කළ සිසු සිසුවියන් හත් දෙනෙක්ද, 2015 තරුණ බෞද්ධ සමිතිය මෙහෙය වූ තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ද, ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ද ලබා ගන්නා ලදී. 2015 මහනුවර මානව හිමිකම් කාර්යාලය මෙහෙය වූ ගද්‍ය රචනා තරගයේ ලෝකඩ පදක්කම් සහිත ජයග්‍රාහී සහතික ලබා ගන්නා ලදී. 2016 ශාසනබල මණ්ඩල නිපුණතා තරගයේ ප්‍රථම ස්ථානය සමඟ පළමු ස්ථානයේ සිට පස්වන ස්ථාන දක්වා ජයග්‍රහණය කළ සිසු සිසුවියෝ දොළක්හක් ද වෙති.

මහනුවර තරුණ බෞද්ධ සංගමය මෙහෙය වූ කථික තරගාවලියේ දී කනිෂ්ඨ අංශ තරගයේ ප්‍රථම ස්ථානය ද, පද්‍ය ගායනා තරගයේ දෙවන ස්ථානය ද ලබා ගන්නා ලදී.සෑම පුර පසළොස්වක පොහොය දිනකම විශේෂ දාන, ශීල, භාවනා වැඩසටහන් රැසක් පවත්වමින්, සියලු සිසු දරුවන් දිරි ගන්වා, දැහැමි සමාජයක් බිහි කිරීම උදෙසා විහාරවාසී ඇඹිල්මිගම ධම්මරක්ඛිත හිමි සමඟ ආචාර්ය මණ්ඩලයේ ඇප කැපවීම නිබඳව අගය කළ යුතුය.

කනිෂ්ඨ අංශයේ සහ ජ්‍යෙෂ්ඨ අංශයේ සිසු සිසුවියන්ගෙන් කොටසක්

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]