UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දැහැමි ජීවිතයකට ඇරඹුමක්

එක කලෙක මිනිසුන් කණ්ඩායමක් වෙළෙදාම සඳහා නැව් නැග පිටත්ව ගියහ. නොසිතූ අවස්ථාවක කුණාටුවකට හසුවී නැව ගිලෙන්නට විය.ඉන් එක් තරුණයකු දුෂ්කරතා මැද ගොඩ බිමකට ළගාවිය. තමා සතු සියලු ධනය අහිමි විය. කුසට ආහාරයක් නැත. ගතට වස්ත්‍රයක්ද නැත. මෙම තරුණයා කෙසේ හෝ ජීවිතය ආරම්භ කළ යුතු යැයි කල්පනා කළේය. ගස්වල පොතු පට්ටා උපයෝගී කොට කෝටු කැබලි වලින් ඇඳුමක් සකස් කර ගත්තේය. ටික දුරක් එන විට මෙම තරුණයාට මැටි භාජනයක් ලැබුණේය. එය සුරතට ගෙන ටික දුරක් ගමන් කරන විට මිනිස් ජනාවාසයක් දක්නට ලැබුණි. මේ අපූරු තැනැත්තා විටෙක දෙවියකු යැයි ඒ ගම්වැසි සමහරු ඇදහූහ. ඇතැම්හු තාපසයකු යැයි ද රහතන් වහන්සේ නමක් යැයි ද විශ්වාස කළහ. ලීවලින් සකස් කර ගන්නා ලද වස්ත්‍රයක් නිසා ඔහු දාරුචිරිය නමින් ප්‍රසිද්ධියට පත් විය. කලක් ගත විය. මිනිසුන්ගේ ගෞරවය වැඩි විය. නමුත් සත්‍ය එය නොවේ. මේ බව වටහා ගත් , මීට පෙර, ආත්ම භවයක යහළුවෙක් එක් රුකක දෙවියෙක් වී වාසය කළේය. ඒ දේවතාවා දාරුචිරියගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

ඉතිරිය»

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]