UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ වෛශාඛ්‍ය පූණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (13) පැවැත්විණි. දෙදිනක් පුරා පැවැති එම උත්සවයේ දෙවන දිනය දා එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරස්ථ තිලෝක ශාන්ති බුද්ධ ප්‍රතිමාවහන්සේ අබියස දම්සක් පැවතුම් සූත්‍රය කෙටුම්පත් කළ ශිලා පවුර නිරාවරණය කළේ ය. මහාචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් සහ ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා විසින් රචිත බෞද්ධ ග්‍රන්ථ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද එහිදී සිදු කෙරිණි. විදේශීය රටවලින් වැඩම කළ සඟරුවන එහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණ පිළිගැන්වූහ. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම හිමි, තායිලන්තයේ මහාචූලාලොන්කොන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ධර්මාකෝෂාජාන් හිමි, ඇතුළු මහ සඟරුවන සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක, ෆීල්ඩ්, මාෂල් සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ සියලු විහාරාංග සුදු පිරියම් කෙරේ


උදාවන පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ සියලු විහාරාංග ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් සුදු තීන්ත ආලේප කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරේ.

ඉතිරිය»

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]