UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මාරක, කරව්ගහවැව අංක 2341 දරණ නිවසේ පදිංචි, මප/ විල් / රදුන්නේවැව ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙකු වශයෙන් සේවයේ නියුතු එම්.ජී. රූපසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් ඔහුට බද්ධ කළ යුතු බව මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර ඇති බව කියයි.

****

දැනට ඔහුට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන නිසා ඒ මුදල දැරිය නොහැකිබව එක්දරු පියෙකු වන එම්.ජී. රූපසිංහ මහතා දන්වා සිටී. මොහුගේ වකුගඩු රෝගය සුවකර ගැනීම සඳහා මොහුට වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා ඒ වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. ඒ සඳහා පහත සඳහන් දුරකතන අංක අමතන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි. විල්ගමුව - මහජන බැංකු ගිණුම් අංක 122 – 2 – 00120016198, දුරකථන අංක – 071 8173684 හා 0663666126

****

“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් 077 0190882 දුරකථන අංකයෙන් වැඩි විස්තර විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

මහනුවර අස්ගිරිය ශ්‍රී ධම්මදස්සි මාවත අංක 24 පදිංචි ඩබ්ලිව්. එච්.එෆ්. ගුණවර්ධන මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇති බව කියයි. වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 077 3050144 හෝ 071 80 00026 හෝ 081 2215519 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

මිනුවන්ගොඩ කුඩාගොඩ, නො187/ඩී, හොරම්පැල්ල, ලිපිනයේ පදිංචි සී.ඩග්ලස් ප්‍රනාන්දු මහතා ලියුකේමියාව රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබන අතර ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බව කියයි. ඔහුට ප්‍රතිකාර කරනු ලබන රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්. මාත සෙල්වරාජන් මහතා ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉක්මනින් වකුගඩුවක් බද්ධකළ යුතුයැයි නිර්දේශ කොට ඇති බව කියයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බවයි.

රෝග තත්ත්වය හේතුවෙන් සතියකට වරක් ශරීරයේ ලේ මාරු කිරීමට සිදුව ඇති අතර ඒ වෙනුවෙන් සතිපතා මුදලක් දැරීමට සිදු වී ඇති බවද කියයි. වකුගඩු සැත්කමට විශාල මුදලක් වැය වන බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකුවෙත්නම් දුරකථන අංක 0773506917 හෝ 076 6540271 ට දැනුම් දෙන ලෙසත් මුදල් ආධාර ලබාදෙන්නේ නම් ඔහු නමින් මිනුවන්ගොඩ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරම්භකොට ඇති 100980295469 ගිණුමට හෝ මිනුවන්ගොඩ මහජන බැංකුවේ ආරම්භ කර ඇති 021 – 2 – 002 – 1 – 4764215 ගිණුමට මුදල් ආධාර ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කෙරේ.

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]