UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 : ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය අභ්‍යාස - 6

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 :

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය අභ්‍යාස - 6

වඩාත් නිවැරැදි පිළිතුරෙහි අංකය ඉදිරියේ ඇති වරහන් තුළ ලියන්න

1) කණිෂ්ක රජතුමා බුදු සමය වැළඳ ගැනීමෙන් අනතුරුව බුදුසමයේ සංරක්ෂණය, සංවර්ධනය හා ව්‍යාප්තිය වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටුකළ පාලකයෙකි. බුදු සමයේ උන්නතිය වෙනුවෙන් මෙතුමා කළ ප්‍රමුඛ කාර්යයක් වන්නේ,

1. දුසිල් මහණුන් සසුනෙන් නෙරපා ශාසනය පිරිසුදු කිරීමය
2. ථෙරවාදී බුදු සමය දේශාන්තරයන්හි ව්‍යාප්ත කිරීමය
3. ථෙරවාදී ධර්ම සංගීතයක් පැවැත්වීමට අනුග්‍රහ දැක්වීමය
4. විසිරී පැවැති ථෙරවාදී ධර්මය ඒකරාශී කිරීමය
5. ධර්මය තඹ තහඩුවල ලියා තැන්පත් කිරීමය

2) පැරැණි ශ්‍රී ලංකාවේ විවිධ ඇදහිලි හා විශ්වාස මෙන්ම භාරතයේ ප්‍රකටව පැවැති ආගමික සංවිධානවල ක්‍රියාකාරිත්වයන් ද පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි. ජෛනාගම මෙරට පැවැති බවට සාක්ෂියක් ලෙසින් ඇතැම් ජෛන සාධුවරුන් උදෙසා පණ්ඩුකාභය රජු ආරාම ඉදිකරදීම පෙන්වා දිය හැකිය. එවැනි එක් ජෛනාගමික සාධුවරයෙක් වූයේ,

1. ව්‍යාධදේවයාය
2. ජුතින්ධරය
3. කුම්භණ්ඩය
4. මහෙජය
5. වෛශ්‍රවණය

3) අතීතයේදී බ්‍රහ්ම දේශය හෙවත් ස්වර්ණ භූමිය යනුවෙන් හඳුන්වා තිබූ බෞද්ධ රාජ්‍ය වර්තමානයේ හඳුන්වනු ලබන්නේ,

1. තායිලන්තය නමින්ය
2. චීනය නමින්ය
3. මියන්මාරය නමින්ය
4. කොරියාව නමින්ය
5. ජපානය නමින්ය

4) තායි භික්ෂු ශාසනය ‘ධම්මයුත්තික නිකාය’ හා ‘මහා නිකාය’ යනුවෙන් වෙන්කොට විනය නීති දැඩි ලෙස පවත්වා ගෙන යාමට අනුබල දෙන රජතුමා නම්,

1. සූර්යවංශික රාම රජතුමාය
2. අනවරථ රජතුමාය
3. ධම්මචේතිය රජතුමාය
4. මොන්කුත් රජතුමාය
5. කේයංසිත්ථ රජතුමාය

5) මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කළ මුල්දින කිහිපය තුළදී දේශනා කරන ලද සූත්‍ර ලෙස සඳහන් වන්නේ,

1. චුලහත්ථිපදෝම, ආසිවිසෝපම, මහාසමය යන සූත්‍රය
2.චුල්ලහත්ථිපදෝම, අනමතග්ගේය, දේවදූත යන සූත්‍රය
3.චුල්ලහත්ථිපදෝම, දේවදූත, කූටදන්ත යන සූත්‍රය
4.චුල්ලහත්ථිපදෝම, අනමතග්ගේය,මහා සුදස්සන සූත්‍රය
5.චුල්හත්ථිපදෝම, අග්ගික්ඛන්ධොපම, චූලමාලුක්‍ය යන සූත්‍රය

6) භික්ෂුණීන් සඳහා මෙරට ඉදිකළ ප්‍රථම ආරාමය ලෙස වාර්තාගත වන්නේ මින් කුමන ස්ථානයද?

1. වෙස්සගිරිය ආරාමයයි
2. පාචීනාරාමයයි
3. ඉසුරුමුණියයි
4. හත්ථාල්හක ආරාමයයි
5. ථූපාරාමයයි

7)භාරතය තුළ බෞද්ධ ග්‍රන්ථ විනාශ වෙද්දී එම ග්‍රන්ථ එක් රැස් කොට ඒවා සිය දේශයේ භාෂාවට නඟා සංරක්ෂණය කිරීම පිණිස දායකත්වය සපයන ලද බෞද්ධ රට වන්නේ මින් කුමක්ද?

1.බුරුමයයි

2.තායිලන්තයයි

3.ජපානයයි

4.කොරියාවයි

5.චීනයයි

8) ‘සසෙන්’ යනු ධ්‍යාන මුද්‍රාවෙන් හිඳගෙන කරනු ලබන ශුන්‍යතා භාවනාවයි. එසේ භාවනා කිරීමෙන් ක්‍රමිකව හෝ ක්ෂණික ව බුද්ධත්වය ලැබිය හැකි බව ‘සෙන්’ ඉගැන්වීමයි. මෙම බුද්ධත්වය හැඳින්වීම සඳහා භාවිතා කරනු ලබන්නේ,.

1. බොන් යන්නය
2. මත්සුරි යන්නය
3. බුත්සු යන්ය
4. සතොරි යන්නය
5. ජෝදෝ යන්නය

9) පොළොන්නරු යුගයේ විසූ ගුරුළු ගෝමීන්ගේ අමාවතුර නම් සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථයෙන් විස්තර වන්නේ බුදුරදුන්ගේ

1. අරහං ගුණයයි
2. සුගතෝ ගුණයයි
3. පුරිසදම්ම සාරථී ගුණයයි
4. සත්ථා දේවමනුස්සානං ගුණයයි
5. භගවා ගුණයයි

10) මථුරා බුදු පිළිමයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ මින් කුමක්ද?

1. ශාක්‍යසිංහ ලීලාව, විවෘත නෙත් ස්වාභාවික හිසකෙස්ය
2.ශාක්‍යසිංහ ලීලාව, විවෘත නෙත්, කැරළි ගැසුණු හිසකෙස්ය
3. ශාක්‍යසිංහ ලීලාව, අඩවන් නෙත්, ස්වාභාවික හිස කෙස්ය
4. ශාක්‍යසිංහ ලීලාව, අඩවන් නෙත්, කැරළි ගැසුණු හිසකෙස්ය
5. ශාක්‍යසිංහ ලීලාව, මන්දස්මිතය, ස්වාභාවික හිස කෙස්ය


පිළිතුරු

1-5

2-3

3-3

4-4

5-2

6-4

7-5

8-4

9-3

10-2

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]