UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සියඹලා හැන්දෑව අභිනවාරාමයේ ශ්‍රී බුද්ධරක්ඛිත දහම් පාසල

සියඹලා හැන්දෑව අභිනවාරාමයේ ශ්‍රී බුද්ධරක්ඛිත දහම් පාසල


ප්‍රධානාචාර්ය පාතේගම අස්සජි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මැදමුලන සියඹලාහැන්දෑව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී බුද්ධ රක්ඛිත දහම් පාසල දක්ෂ සිසු දරු පිරිසක් ඉගෙනුම ලබන ප්‍රදේශයේ ජනාදරයට පත් දහම් පාසලකි.

වීරකැටිය මිද්දෙණිය මහා මාර්ගයේ මීගස්ආර හන්දියෙන් දකුණට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ විට සියඹලා හැන්ඳෑව අභිනවාරාමය හමුවේ.

මෙම දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය ලෙස අභිනවාරාමාධිපති උඩ අපරැක්ක ශ්‍රී සෝමානන්ද පිරිවෙනෙහි ආචාර්ය පාතේගම අස්සජි හිමියෝ කටයුතු කරති.

ප්‍රධානාචාර්ය හිමි සහ පරවාහැර සත්‍යාලෝක හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය සිසුනට දහම් අධ්‍යාපනය ලබාදීමේ උතුම් කාර්යයෙහි නිරතව සිටිති. මීගස්ආර, කපුගම්පොත, කුඩාබිබුල, ගල්පොත්තයාය කිංචිගුණේ හා දෙගම්පොත ඇතුළු අවට ගම් රැසක සිසුහුද මෙම දහම්පාසලෙහි අධ්‍යාපනය හදාරති. දහම් පාඨශාලාත්තර දහම් දැනුම පද්‍ය ගායනා හා කථික තරගවලින්ද ප්‍රාදේශීය පළාත් හා සමස්තලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් සිසුහුදු ද ඒ අතර සිටිති.

අභිනවාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ ගල්පොත්තයායේ නන්දසාර හිමියන්ගෙන් පසු විහාරාධිපති පල්ලෙමුලනේ බුද්ධරක්ඛිත හිමියන්විසින් 1985 වර්ෂයේදී මෙම දහම්පාසල ආරම්භකොට ඇත. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කලක් අක්‍රියව පැවැති දහම් පාසල පාතේගම අස්සජි හිමියන් විහාරාධිපති ධූරයට පත්වීමෙන් පසු 1987 වර්ෂයේදී නැවත ආරම්භ කොට ඇත.

කටුමැටි ගසා ඉදිකර තිබූ ඉපැරැණි කුටියක පවත්වාගෙන ගිය විහාරගෙය වෙනුවට දර්ශනීය විහාර මන්දිරයක් හා චෛත්‍යයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට ඇතත් ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරවී ඇත. දහම් පාසලේ ඩෙස් බංකු හා කළුලෑලි හිඟයද ඉගැන්වීමේ කටයුතුවලට මහත් බාධාවක්ව පවතී.

විහාරාධිපති පාතේගම අස්සජි හිමියන්ගේ දැඩි උත්සාහය හා කැපවීම මත දහම්පාසල් ගොඩනැගිල්ලක් හා දර්ශනීය අටවිසි මහා බෝධි ප්‍රාකාරයක් ඉදිකොට ඇත. නල ජලය, සනීපාරක්ෂක පහසුකම් හා විදුලි බලය පහසුකම්ද තරමක් දුරට සපුරාගෙන තිබේ.

ගමේ දායක දායිකාවන්ගේත්, ඔවුන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේත් අධ්‍යාත්මික දියුණුව උදෙසා විහාරස්ථානය හා දහම් පාසල මුල්කොටගෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවති. මෙම විහාරස්ථානයේ හා දහම් පාසලේ දැනට පවතින අඩුපාඩු පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත සපුරාගෙන අනාගතයේ දී රටට දැයට වැඩදායී ගුණ ගරුක පුරවැසියන් පිරිසක් බිහිකිරීම විහාරාධිපති හිමියන්ගේ එකම අපේක්ෂාවය.



දහම් පාසලේ සිසු සිසුවියන්ගෙන් කොටසක්

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]