UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ලබන්නා වූ නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 85 වන වරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනාව අපේ‍්‍රල් මස 02 වැනි ඉරිදා ආරම්භකොට 10 වැනි සඳුදා දහවල් දේවාල මහා දානයෙන් අවසන් කෙරේ. දොරකඩ අස්න සහ අනුශාසනාව අපේ‍්‍රල් 09 වැනි දින රාතී‍්‍ර පැවැත්වේ. උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් ද්ශනා පැවැත්වේ. ආශිර්වාද පතා තැබීම පිණිස තෙල්, බෙහෙත් වර්ග, ගල් වැලි, පිරිත් පැන්, නූල්, යන්ත්‍ර සහ අනෙකුත් ආරක්ෂක දේ අපේ‍්‍රල් මස 02 දාට ප්‍රථම විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන්න.ගංගාරාම විහාරස්ථානය, 61 ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 .දුරකථන:–2327084,2435169 –ෆැක්ස් :–2439508

ඉතිරිය»

සූරියපුර සමනලපාලම රජමහා විහාරයේදී 8 වනදා සිට පින්කම් මාලාවක්

කන්තලේ සූරියපුර සමනල පාලම රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන අටවිසි බුදුකුටි සහිත බුද්ධප්‍රතිමා වහන්සේලා කොළඹ සිට වැඩම කරවීමේ පින්කමක් අපේ‍්‍රල් 8,9,10 තෙදින පුරා පැවැත්වේ. 8 වන දින සවස 2 ට පමණ කන්තලේ නගරයේ සිට රථ පෙරහරින් රජ මහා විහාරස්ථානයට වැඩමවා සවස 6.30 ට ප්‍රථම පූජාව කොටපොළ අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීම මත විහාරාධිපති ත්‍රිකුණාමල දිසාවේ ප්‍රධාන සංඝ නායක මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැලණිය හෙයියන්තුඩුව එම්. මහින්ද පෙරේරා සහ එම මහත්මිය ගේ දායකත්වයෙන් සසුනට පූජා කෙරෙනු ඇත. පින්කම් මාලාව අපේ‍්‍රල් 8 දින සිට 10 දා බක්පුර පසළොස්වක් පොහෝ දින දක්වා දවස මුළුල්ලේ පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැනසීම ලබන මග ...

“හනන්ති භෝගා දුම්මේධං
නෝ චෙ පාරගවේසිනෝ
භෝග තණ්හාය දුම්මේධෝ
හන්ති අඤ්ඤා ච අත්තනං”
(ධම්මපදය – තණ්හා වග්ගය)

සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා දහම් කාරණා කිහිපයක් අද දින ‘බුදුසරණ’ ධර්ම දේශනාව මඟින් පහදා දීම සඳහායි, මෙයින් බලාපොරොත්තුවන්නේ. ධර්මයට අනුව දිවි ගෙවීම දෙලොව සැපයට හේතු වන බව සම්බුද්ධ දේශනාව මඟින් මනාව පෙන්වා දී ඇත. ඉහත ගාථා ධර්මය ඛුද්ධක නිකායෙහි ධම්ම පදයට අයත් තණ්හා වග්ගයට අයත් වූවකි. එහි ගාථාර්ථය නම් ‘භෝගයෝ අනුවණයා නසයි. එහෙත් නිවන සොයන්නාට ඒවායින් අනතුරක් නැත. අඥානයා වස්තු ආශාව නිසා අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමා නසාගනී.’ යන්නය. මෙකී කාරණාව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ අපුත්තක නම් සිටුවරයෙක් අරමුණු කර ගනිමිනි. මෙම සිටුවරයාට විශාල ධනයක් හිමිව තිබුණි. එහෙත් ඉතා තණ්හාවෙන් දිවි ගෙවූ ඔහු නිසි ආහාරයක් පවා නොගත්තේ ය. එසේම වැරහැලි භාවිතා කළ හෙතෙම කොතරම් සැප සම්පත් තිබුණ ද බෙහෙවින් දුක්ඛිත දිවියක් ගත කළේ ය. දරුවන් ද නොවී ය. මෙලෙසින් දිවි ගෙවූ මොහු හදිසි රෝග තත්ත්වයක් නිසා මිය ගියේ ය. ඔහුගේ විශාල ධනයට හිමිකරුවෙක් නොවූ හෙයින් ඒ සියල්ල පසේනදි කොසොල් මහරජතුමා විසින් දින 07 ක් පුරාම රාජ්‍ය භාණ්ඩාගාරයට තම සේවකයන් යොදාගෙන රැගෙන යනු ලැබීය.

ඉතිරිය»

පුණ්‍ය කාලයයි අලුත් ජීවිතයයි

හතර වරිගයක ඥාතීන් සිහිපත් කරම්න් පින් අනුමෝදන් කිරීම බෞද්ධ සම්ප්‍රදායක්. මහින්දාගමනයත් සමඟ එම සම්ප්‍රදායේ ආරම්භය සනිටුහන් වීමත්,මිහිඳු මහ රහතන් වහන්සේ එම කාරණා අපට පැහැදිලි කරදීමත් සිදුවුණා.  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ළඟාවෙමින් තිබෙන අවස්ථාවක අවුරුදු සමරන විට බෞද්ධ සම්ප්‍රදායේ ක්‍රමයට අනුව මියගිය නෑදෑයන්ට පින් පෙත් අනුමෝදන් කිරීමෙන් අනතුරුව අලුත් අවුරුද්ද ආරම්භ කරයි. එය අපේ සංස්කෘතිය වෙයි.වර්තමාන සමාජයෙහි ජීවත් වන ඇතැම් පිරිස් අපගේ සංස්කෘතිය හඳුනන්නේ නැහැ. මහපොළොව මතට අලුතෙන් කඩා වැටුණ පිරිසක් වගෙයි. සංස්කෘතිය කුමක්ද ? කියා දන්නේ නැහැ. චාරිත්‍ර මොනවාද ? කියා දන්නේ නැහැ. එවැනි කාරණා දැනගන්න ක්‍රමයකුත් නැහැ. සොයා බලා විමසන්නේත් නැහැ. තමන් දන්නේ නැති බව තේරුම් ගන්නේත් නැහැ. තමන් සියල්ල දන්නා බවට සිතාගෙන සමාජයට කතා කරයි.

 ඉතිරිය»

සිදුහත් කුමරා මඟුල් කඩුවෙන් කෙස්වැටිය කපාදැමීම.
සිතුවම - පුන්සර උදාර

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]