UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇහැළියගොඩ සෝරත නා හිමි

ඇහැළියගොඩ සෝරත නා හිමි

ඇහැළියගොඩ උඩුමත්ත ගම් ප්‍රදේශයේ ජන්මලාභය ලබා නිසි කල පැමිණි කල්හි ඇහැළියගොඩ රජයේ පාසලෙන් සිප් සතර හදාරා, තුදුස්වස් පූර්වයත් සමඟම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය මාත්ගමුවේ පඤ්ඤාජෝති නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ත්‍රිපිටකාචාර්ය අස්සැන්නාවත්තේ සිරි සුදස්සි හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1964 නොවැම්බර් මස 05 වන දින ගල්කන්ද සිරි නිකේත මූල මහා විහාර පින්බිමේදී ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වූහ.

උන්වහන්සේ බලගල්ල සරස්වතී මහා පිරිවෙනට ද ඉක්බිතිව වැඩිදුර අධ්‍යාපනය සඳහා මරදානේ ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනටද ඇතුළත් වූහ. උන්වහන්සේ බද්දේගම විමලවංශ අනුනායක ස්වාමීන් වහන්සේ යටතේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගත් උසස් පෙළ විභාගයත් සමත්ව ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලැබූහ. 1959 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළුවී සිංහල, පාලි, සංස්කෘත භාෂාවලින් සමත් ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.

අනතුරුව ගුරු සේවයට එකතු වූ උන්වහන්සේ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයට ප්‍රථම පත්වීම ලැබුණි. 1967 දී හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණි, ගරාවැටී තිබූ විද්‍යාලය විධිමත් ලෙස පුනර්ජීවයක් ලබාදීම සඳහා ඉතාමත් කැපවීමෙන් ක්‍රියා කළහ. අකර්මණ්‍යව තිබූ ගල්කන්ද සිරිනිකේත පිරිවෙන නැවත ආරම්භ කිරීමත් කොස්හේන ශී‍්‍ර විසුද්ධාරාමයේ සංරක්ෂණ කිරීමටත් තම ආචාර්ය සිරි සුදස්සි ස්වාමීන් වහන්සේට අවශ්‍ය ධෛර්ය හා උපදෙස් ලබාදෙමින් වැසීගිය පිරිවෙන නැවත ආරම්භ කළහ. 1973 දී ගල්කන්දෙන් කොස්හේන විහාරස්ථානයට වැඩමවා වදාළහ. 1977 දී ගොඩිගමුව මහා විද්‍යාලයට මාරුවක් ලබාගෙන එම විද්‍යාලය මෙන්ම තම පන්සල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉටුකරන ලදී. උන්වහන්සේ සියලු විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ ශ්‍රී විසුද්ධාරාමය අංග සම්පූර්ණ පින්බිමක් බවට පත් කළහ.

ගොඩිගමුව මහා විද්‍යාලයේ අධ්‍යාපන වට පිටාවකට අවශ්‍ය බාහිර මෙන් ම අභ්‍යන්තර කටයුතු කෙරෙහි අවධානය යොමුකරමින් අංග සම්පූර්ණ ක්‍රීඩාපිටියක් දරුවන්ට ලබාදෙන ලදී.

එම විදුහලේ විදුහල්පති භූමිකාවේ කටයුතු මැනවින් ඉටුකළහ. තම ගුරුවරයාණන් වූ අස්සැන්නාවත්තේ සිරි සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ කොස්හේන ගල්කන්ද ගිලානෝපස්ථාන සමිතියේ සියලු වගකීම භාරගෙන අකරගම, මීරිගම, දිවුලපිටිය මිනුවන්ගොඩ, මීගමුව යන රෝහල්වල රෝගීන් සඳහා දූනාගහ වැඩිහිටි නිවාසය. හැඳල පී‍්‍රතිපුර ළමා නිවාසය. ආනන්දපුර ළමා නිවාසය ආදි ළමා නිවාසවල අසරණ දරුවන්ටත් හැම වෙසක් පොහෝ දිනකම දෙන ලද දාන කටයුත්තේ පුරෝගාමී මෙහෙවර උන්වහන්සේ විසින් දරන ලදී. එවකට උන්වහන්සේගේ සහෝදර භික්ෂූන් වහන්සේලා දෙනමකගේද සහයෝගය ලැබුණි.

මිනුවන්ගොඩ කලාපයේ බුද්ධ ධර්මය ගුරු උපදේශක තනතුර, දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තනතුර රාමඤ්ඤ මහා නිකායේ අනුවිජ්ජක තනතුර, ශ්‍රී සුදර්ශි සමාජ සේවා ආයාතනයේ අධ්‍යක්ෂ ධුරය ආදිය ඉන් සමහරකි. 1995 අපේ‍්‍රල් මස පළමුවන දින ජන්මාන්තර ගත වූ සේක. ඒ මීට වසර විසි දෙකකට පෙරය. උන්වහන්සේගේ ගුණ සුවඳ සංවර්ධනය කරමින් කෙස්හේන ශ්‍රී විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති අස්සැන්නාවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් විහාරස්ථ දායක සභාවේ සහභාගීත්වයෙන් 2017 අපේ‍්‍රල් මස 01 වන දින සවස පහන් පූජාවක් පවත්වා අවසන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනාවක් පවත්වා පසුදින සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]