UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

ධර්ම දේශනාව:

සැනසීම ලබන මග ...

“හනන්ති භෝගා දුම්මේධං
නෝ චෙ පාරගවේසිනෝ
භෝග තණ්හාය දුම්මේධෝ
හන්ති අඤ්ඤා ච අත්තනං”
(ධම්මපදය – තණ්හා වග්ගය)

සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා දහම් කාරණා කිහිපයක් අද දින ‘බුදුසරණ’ ධර්ම දේශනාව මඟින් පහදා දීම සඳහායි, මෙයින් බලාපොරොත්තුවන්නේ. ධර්මයට අනුව දිවි ගෙවීම දෙලොව සැපයට හේතු වන බව සම්බුද්ධ දේශනාව මඟින් මනාව පෙන්වා දී ඇත. ඉහත ගාථා ධර්මය ඛුද්ධක නිකායෙහි ධම්ම පදයට අයත් තණ්හා වග්ගයට අයත් වූවකි. එහි ගාථාර්ථය නම් ‘භෝගයෝ අනුවණයා නසයි. එහෙත් නිවන සොයන්නාට ඒවායින් අනතුරක් නැත. අඥානයා වස්තු ආශාව නිසා අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමා නසාගනී.’ යන්නය. මෙකී කාරණාව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ අපුත්තක නම් සිටුවරයෙක් අරමුණු කර ගනිමිනි. මෙම සිටුවරයාට විශාල ධනයක් හිමිව තිබුණි. එහෙත් ඉතා තණ්හාවෙන් දිවි ගෙවූ ඔහු නිසි ආහාරයක් පවා නොගත්තේ ය. එසේම වැරහැලි භාවිතා කළ හෙතෙම කොතරම් සැප සම්පත් තිබුණ ද බෙහෙවින් දුක්ඛිත දිවියක් ගත කළේ ය. දරුවන් ද නොවී ය. මෙලෙසින් දිවි ගෙවූ මොහු හදිසි රෝග තත්ත්වයක් නිසා මිය ගියේ ය. ඔහුගේ විශාල ධනයට හිමිකරුවෙක් නොවූ හෙයින් ඒ සියල්ල පසේනදි කොසොල් මහරජතුමා විසින් දින 07 ක් පුරාම රාජ්‍ය භාණ්ඩාගාරයට තම සේවකයන් යොදාගෙන රැගෙන යනු ලැබීය. සෑම දිනකම බුදුපියාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට යන මහරජුට මේ නිසා උන්වහන්සේ හමුවීම සඳහා යාමට නොහැකි විය. සත් දිනකට පසු බුදුරදුන් හමුවීමට ගොස් උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසව සිටි පසේනදි කොසොල් මහ රජතුමාගෙන් බුදු හිමියන් විමසනු ලැබුවේ දින හතකින් තමන් වහන්සේ හමුවීමට නො ආ හේතුව පිළිබඳවය.

ඉතිරිය»

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]