UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරිසිමලේ පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුනේ දී බුදුන්වහන්සේගේ ශ්‍රී පද්ම ආකෘතියක් තැන්පත් කිරීමේ පින්කම

අරිසිමලේ පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුනේ දී බුදුන්වහන්සේගේ ශ්‍රී පද්ම ආකෘතියක් තැන්පත් කිරීමේ පින්කම


පින්කමට සහභාගී වූ පිරිසෙන් කොටසක්. වෛද්‍ය ශානිකා මහත්මියද මෙහි සිටී.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පිහිටි අරිසිමලේ පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුනේ දී ස්වර්ණාලේපිත පිත්තල ලෝහයෙන් නිර්මාණය කරන ලද බුදුන්වහන්සේගේ ශ්‍රී පද්ම ආකෘතියක් තැන්පත් කිරීමේ පින්කමක් ඉකුත් 01දා සිදු කෙරිණි.

යාං ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී කුරුකැටියාවේ සුගතවංශ හිමියන්ගේ ඉල්ලීමකට අනුව කිරිබත්ගොඩ පදිංචි වෛද්‍ය ශානිකා විජයගුණසේකර මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම සිරිපතුල ආකෘතිය සඟ සතු කෙරිණි. අරිසිමලේ වන සෙනසුනේ සේනාසනාධිපති නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක කොමුරේ තිලකවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පවත්වන ලදී.

ඊට සමඟාමීව භික්ෂූන්වහන්සේ හතළිස්නමක් සඳහා දවල් සඟසතු දක්ෂිණාවක් පිරිනැමීම සහ ගැබිනි මවුවරුන් පනස්දෙනෙකු සඳහා දිවා ආහාරය පිරිනමා ළදරු උපකරණ ලබාදී ඔවුන් වෙත වෛද්‍ය උපදෙස් ලබාදීමද වෛද්‍ය ශානිකා විජේගුණසේකර මහත්මිය අතින් සිදුවිය. මෙම පුණ්‍යමහෝත්සවය සංවිධානය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව රන්වැලි කඳවුර, ශ්‍රී ලංකා යුද හමුදාව පුල්මුඩේ කඳවුර සහ විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ හා පුල්මුඩේ පොලිස් ස්ථානයේ සහායද නොඅඩුව ලැබිණි.

දියසෙන් පුර විමල හිමියන්ද එහිදී අනුශාසනාවක් සිදු කළ අතර රත්නපුර නන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයද ශ්‍රී ලංකා යුද හමුදාවේ 622 බලසේනා මූලස්ථානාධිපති කර්නල් මංජුල කරුණාරත්න, ශ්‍රී ලංකා නාවික හමුදාව ‘රන්වැලි’ කඳවුර පුල්මුඩේ අණදෙන නිලධාරි කමාන්ඩර් වී.එස්. මල්ලවආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදාව ගජබා කඳවුර පුල්මුඩේ අණදෙන නිලධාරි මේජර් චමින්ද පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]