UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය විවෘත කිරීම 3වනදා

ශී‍්‍ර ලංකා ජනරජයේ ප්‍රතිපාදනයන්ද සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාව මගින් සුවිසාල පිරිවැයක් දරා කොළඹ 05 නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක 566 දරණ ස්ථානයේදී ඉදි කොට ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය මෙම මස 03 වෙනි දින (2017.02.03) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සුරතින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සඟසතු කොට විවෘත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වසර 154 කට පෙර අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි මාහිමි, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමි, අතිපූජ්‍ය වරාපිටියේ සිරිසුමිත්ත මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථානය කර ගෙන ගිං ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී 1863 ජූලි මස 13 වෙනි දින සිදු කරන ලද ප්‍රථම උපසම්පදා මහා විනය කර්මයෙන් පසු ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වංශ කතාව අද දක්වා දිව එයි.

ඉතිරිය»

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]