UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2017.02.04

වාද භේද දුරලමු සමගිව රට දිනමු

මනුෂ්‍යයා උසස් හෝ පහත් වන්නේ කරන කියන ක්‍රියා අනුවය. මිනිස් යන උසස් නාමයෙන් හඳුන්වනු ලබන්නේ ද සිතීමේ සහ විමසීමේ උසස් මනසක් මනුෂ්‍යයා හට ලැබී ඇති හෙයිනි. උසස් මනසින් කරන ක්‍රියා සිතන සිතිවිලිම උසස් වෙයි. එසේ උසස් හෝ පහත් සිතිවිලි, ක්‍රියා හට ගන්නේ මනැස මුල්වීමෙනි.

සිතීමේ සහ විමසීමේ ඇති නිදහස ආදර්ශයෙන් ලොවට පෙන්වා වදාළේ තථාගත බුදුපියාණන් වහන්සේ ය. මනුෂ්‍යයා උසස් හෝ පහත් වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් අනුවම බව උන්වහන්සේ මහත් කරුණාවෙන් පෙන්වා වදාළහ. බුදුරදුන්ගේ ලොව පහළවීමත් සමඟ එතෙක් පැවැති බැඳීම්වලින් නිදහස්ව මානව වර්ගයාගේ සියලු යහපත උදාවන්නට වූයේ උත්තරීතර සම්බුදු දහම හේතුවෙනි. එහෙත් අඳුරෙන් වෙළීගිය ජීවිතවලට සම්බුදු දහමේ ආලෝකයෙන් දෙලොව යහපත උදාවන්නට විය.

කවර සමාජයක් වුවද පටු වාද භේදවලින් තොර වූ විට සමගිය වර්ධනය වේ. විවිධ ජාතීන් වෙසෙන රටක සියලු දෙනා ඒකරාශීවන විට ආර්ථික සාමාජික සියලු ප්‍රශ්න පහසුවෙන් විසඳාගත හැකි බව අවබෝධ කර ගත යුතු ය.

මෙයට දශක හතකට ආසන්න කාලයකට පෙර එවකට රටට නිදහස පතා සියලු ජාතීන් එකට ඒකරාශී වූ බව අපේ ඉතිහාසය සාක්ෂි දරයි. එසේ සියලු ජන වර්ගයන්හි එකතුවෙන් උදාකරගත් නිදහස අර්ථවත් කිරීමට කටයුතු කිරීම මෙකල වෙසෙන සමාජයේ වගකීමය.

විරෝධතා දැක්වීමට, අදහස් දැක්වීමට, ලිවීමට, කියවීමට නිදහසක් නොතිබූ යුගයක් ගෙවා හමාරය. වත්මනෙහි ක්‍රියාත්මක යහපාලන රජය නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිදහස භුක්ති විඳින හැකියාවද උදාවී ඇත. බියවැද්දීම්, තාඩන පීඩනාදියෙන් තොරව නිදහසේ දිවි ගෙවීමට කාලය උදාකරදීම කෙතරම් අගනේදැයි මොහොතක් සිතා බැලිය හැකි ය. අඩු පාඩු ඇතත් නැතත් විවේචනයට ඇත්තේ මහඟු නිදහසකි. එහෙත් ඒ විවේචන සාධාරණද? අසාධාරණද? යි බුද්ධිමත් සමාජය නිහඬව බලා සිටිනු ඇත.

වර්තමානයේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර සුඛිත මුදිත ජන සමාජයක් ඇති කිරීම සඳහා ආදර්ශවත් පාලනයක් බිහිව ඇති බව සිහිපත් කළ යුතුව ඇත. රටෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපැත්තකට වී රට පාලනය කිරීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය විය. එහෙත් එම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකරාශී වී රට ගොඩ නැගීමට එක්වීම රටේත් ජන සමාජයේත් වාසනාවක් ලෙස කල්පනාවට ගත යුත්තකි. වසරකින් දෙකකින් ඇතැම් අපේක්ෂා ඉටු නොවනුයේ ලෙහෙසියෙන් පහසුවෙන් නොව දැඩි කැපවීමෙන්ම රට, ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතු බැවිනි. පටුවාද භේද අමතක කර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි නායකයන් මෙයට දෙවසරකට පෙර ඒකරාශී වී සමගියෙන් කළ අපේක්ෂා නිසාම යහපාලන රජයක් බිහි විය. මෙයට පෙර එබඳු අත්දැකීමක් හෝ නොතිබූ හෙයින් දැන් එම දේශපාලන පක්ෂ දෙක ඒකරාශීවී සමගි දාමයෙන් භේද පසෙකලා රට ගොඩනැගීමට කරන කැපවීම ඓතිහාසික වනු ඇත.

එහි වැදගත්කම ඇතැමෙකුට මෙතෙක් තෝරා ගැනීමට නොහැකිවී ඇති බවක්ද ඇතැම් විටෙක දක්නට ලැබෙන්නකි.

ඓතිහාසික මොහොතක රටක් ජන සමාජයක් තවදුරටත් අවශ්‍ය ආදර්ශවත් යුග මෙහෙවරකට පත් කිරීමට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම විය යුතු ය. පටු වාසි, ලාභ පසෙක ලා රටේත් ජනතාවගේත් පොදු යහපත උදෙසා කොන්දේසි විරහිතව සියලුදෙනා සහාය දීමෙන් මෙයට දෙවසරකට පෙර ජනතාව පැතූ යහපත් සමාජය බිහි කරගැනීම අපහසු නොවනු ඇත.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]