UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

අපමණ කල් අපමණ දුක් විඳින්නෝ

අගක් මුලක් නොපෙනෙන සසර වූ කලී කාන්තාරයකි. නිිරුදකයකි. ඒ නිරුදක සසරේ ගමන් කිරීම විවිධ උපද්‍රවයන්ට තෝතැන්නකි. සොරුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් විවිධ ගැහැට ගෙන දෙන්නෙකි. එමෙන්ම සසර වූ කලී මහා සාගරයකි. එහි අගක් මුලක් නොපෙනේ. සසර නමැති සැඩ පහරට හසුවූවන්ට එතෙරක් හෝ මෙතෙරක් නැත. ඇතැමෙක් මේ සැඩ පහරට හසුවී අපමණ දුකකට පත් වෙති. සැඩ පහරේ බිය ජනක සුළු තත්ත්වය වටහා ගන්නෝ මුළු වීර්යයම යොදා සසරින් එතෙර වෙති. ඒ සඳහා උත්සුක වෙති. උනන්දු වෙති. ඒ සසර කතරින් එතෙර වීමට උත්සුක වූවෝ පෙරුම් දම් පුරති. පෙරුම් පිරීම යනු බුද්ධත්වය හෙවත් අවබෝධය ඇති කර ගැනීම පිණිස ආත්මයක් හෙවත් භවයක් පාසා පින් දහම් පිරීමයි. ඒ පින් දහම් පිරීම මෙන්ම කුසල ධර්ම වැඩිමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සසරින් එතෙර විය හැකි ය. ඒ තුන්තරා බෝධිය නම් බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අර්හත්වයට පත්වීමයි. ඒ තත්ත්වය උදාකර නොගන්නාතාක් සත්වයා ඉපදෙමින් මියයමින් අපමණ දුකකට පත්වෙති.

ඉතිරිය»

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]