UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවැරැදි ඇසුර සාර්ථකත්වයක අඩිතාලමයි

නිවැරැදි ඇසුර සාර්ථකත්වයක අඩිතාලමයි

එදිනෙදා ජීවිතයේ බලපවත්වනු ලබන ප්‍රශ්න මනසෙහි රඳවාගෙන සිටීෙමි පුරුද්දක් බොහෝ දෙනා තුළ දක්නට ලැබෙයි. ගැටලු නැති, ප්‍රශ්න නැති, අවුල් නැති නිදහස් මනසක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. මනස අවුල් වන ක්‍රියාකාරකම් සිදුවන පරිසරයක ජීවත් වන නිසාම මනස අවුල් නොකරගෙන සිටීමට දක්ෂ විය යුතුයි. මනස සංවර ලෙස සමබරව තබාගැනීම බාල, තරුණ, මහලු යන සියලු වයස් කාණ්ඩ නියෝජනය කරන සියලු දෙනාටම වැදගත් වෙයි.

මනස නිරවුල් වන තරමට ප්‍රඥාාව පෑදෙන නිසා නිරවුල්ව සාර්ථකව කටයුතු කරගැනීෙමි හැකියාව ලැබෙයි.බුද්ධිමත් පුද්ගලයා මනසට පැමිණෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබාදෙමින් එම ගැටලු ඉවත් කරගනී. මෝඩ හෙවත් අනුවණ පුද්ගලයා සැම තැනම තිබෙන කුණු ගොඩවල් මනසට දමාගෙන මනස ව්‍යාකූල කරගනී. එවැනි අවුල් වූ මනසක් තිබෙන මවක් හෝ පියෙක් සිටින නිවසක් කෙබඳු තත්ත්වයකට පත්ෙවිවිද?එම දරුවන්ට කාගේ පිහිටක්ද?මනස පාලනය කරගැනීම වැදගත්ම කාරණාවක් වෙයි.

බුදුන්, දහම්, සඟුන් වන්දනා කර අවසන් වූ විගස ජීවිතයට අදාළ වන කාරණා තුනක් එක්කාසු කරගෙන සිටී .පින්කමක් අවසානයේ මළගිය ඥාාතීන්ට පින් ලබාදෙයි. දෙවියන්ට පින් ලබාදෙයි.අප ආරක්ෂා කරන දෙවි දේවතාවන්ට පින් දීම යුතුකමක්. සතර වරම් දෙවිවරුන් සතර පෝයට සතර පැත්තෙන් පැමිණිලා පංචශීලය අනුව ධර්මානුකූලව ජීවිතය සකස් කරගන්නා මිනිසුන්ගේ දුක සැප බලා ඔවුන්ට ආශිර්වාද කරනවාය යන අදහස බෞද්ධ සමාජයෙහි විශ්වාසයක් පවතී. දෙවියන්ට පින් ලබාදී අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් ද සිදුකරයි. ඒ සඳහා ඉමිනා පුඤ්ඤ කම්ෙමින යන ප්‍රාර්ථනා ගාථා පාඨය භාවිත කරයි.

(ඉමිනා පුඤ්ඤ කම්ෙමින) ෙමි සිද්ධ කළාවූ පින්කමේ ආනිශංසයේ බලයෙන් (මා මේ බාල සමාගමෝ )ප්‍රඥාව නැති, බුද්ධියෙන් තොර මනුෂ්‍යත්වය හඳුනන්නේ නැති , අවබෝධය නැති, කතා කළ යුතු නොකළ යුතු තැන නොදන්නා , ජීවිතය හඳුනන්නේ නැති මිනිසුන්ගේ සිත් පිළිබඳ වැටහීමක් නැති, සමාජය පිළිබඳ අවබෝධයක් නැති මෝඩ මිනිසුන්ගේ ආශ්‍රය මට නොලැෙබිවා යන්නයි. මෝඩ පුද්ගලයන් ආශ්‍රය භයානකයි.අනුවණ පුද්ගලයෙකු තමාගේ මිතුරෙකු විම තුළ තමාගේ ජීවිතයද අවදානම් වෙයි. අනුවණ පුද්ගලයා සැම විටම අනුවණ ක්‍රියා කිරීමට පෙළඹෙයි. බුදු දහම ඇසුර පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරයි. මේ තරම් ගැඹුරට එම කාරණා විශ්ලේෂණය කරනු ලබන වෙනත් දහමක් හෝ දර්ශනයක් නැහැ. පුද්ගල ඇසුර අනුව මිනිසුන් වෙනස් වන බව බුදු දහම ප්‍රකාශ කරයි. ඇසුරට අනුකූලව මිනිසුන් පමණක් නොවෙයි, සතුන්ද වෙනස් වෙයි. කලෑෙවි ජිවත්වූ වල් ඇතෙකු හීලෑ කරගැනීමට අවශ්‍ය වූ විට හීලෑ ඇතුන්ගේ ඇසුරට යොමු කරයි. අවසාන වශයෙන් හීලෑ ඇතුන්ගේ ස්වභාවයට හුරුවෙයි. අයහපත් පුද්ගලයෙකු යහපත් කිරීමට ආශ්‍රය බලපායි.වර්තමාන සමාජයෙහි යහපත් පුද්ගලයෙකු අයහපත් වීමටත් එම ඇසුරම බලපායි. ඇසුර නිසා නරක්වු බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් වෙයි. නමුත් ඇසුර නිසා යහපත් වූ අවස්ථාවන්ද පවතී.

ඉස්සර නොතිබුණ පේස්බුක් ඇසුර නිසා වර්තමානය වන විට කෙතරම් ප්‍රමාණයක් ජීවිත අවුල් කරගෙන සිටිනවාද?එවැනි වචනයක් අපගේ ශබ්ද කෝෂය තුළ අන්තර්ගතව තිබුණෙත් නැහැ.පේස්බුක් අයහපත් නැති වුවත්, එය ඇසුරු කරන පුද්ගලයාගේ ස්වභාවය අහපත් වෙයි.නිර්මාණය කෙතරම් හොඳ වුවත්, අනුවණ පුද්ගලයන්ට තාක්ෂණික දියුණුව ලැබුණාට පසුව එය මෝඩ වැඩ සඳහාම යොදවයි. මෝඩයෙකුට ශිල්ප ඤාණය ලැබුණත් ,එම ශිල්ප ඥාානය අනුවණයා අනුවණ ක්‍රියාවක් සඳහාම යොදවනු ලබන බව බුදුරජාණන් වහන්සේ වදාරනු ලබයි.දැනුුම තිබුණත් ඔහු අනුවණ නම්, එම දැනුම අයහපත සඳහාම යොදවයි.

අනුවණ තරුණ පිරිස් තාක්ෂණික දියුණුවත් සමඟ ජීවිත අවුල් කරගනී. අවබෝධය ප්‍රඥාව අතවශ්‍ය කාරණාවක් වෙයි. මොළය නැත්නම්, වෙන මොනවා තිබුණත් ඵලක් නැහැ. මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන බලය කෙතරම් තිබුණත් මොළය නැතිනම්, ඇති ඵලයක් නැහැ. මොළය තිබෙනවා නම්, මොනවා නැතත් ගැටලුවක් නැහැ. මොළය තිබෙන පුද්ගලයාට සියල්ල ක්‍රමානුකූලව ගොඩනඟා ගත හැකියි. බොහෝ සාර්ථක පුද්ගලයන් කුඩා ස්ථානයකින් ආරම්භය ගත් පිරිස් වෙයි. කුඩා ස්ථානයකින් පටන් ගත් ඔවුන් අවසානය විශාල ස්ථානයකින් කෙළවර කරයි. බුදුරජාණන් වහන්සේගේ චරිත කතාවෙහි පෙරුම් පිරීමට පටන් ගනු ලැබුෙවිත් අම්මාගේ වචනයකින් .කල්ප ගණනක් පෙරුම්පුරා අවසානයේ දීපංකර බෝධි මූලයෙහි නියත විවරණ ලබයි. බුදුරජාණන් වහන්සේ නමකට නියත විවරණ ලබාදෙන්නේද, බුදුරජාණන් වහන්සේ නමක්මයි. නියත විවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර පුරා ගමන් කළා. සෑම සාර්ථක පුද්ගලයෙකුම කුඩා තැනකින් පටන් ගනු ලැබුවත් ඔවුන් සඳහා ඇසුර බලවත්ව බලපානු ලබයි.මෝඩයෙකුගේ ඇසුර වැටුණ විට ඔහු මෝඩයෙකු වෙයි. මෝඩයකු වුවත්,ප්‍රඥාාවන්තයෙකුගේ ඇසුර ලැබීමෙන්,ප්‍රඥාවන්තයෙකු නොවුණත් මොඩකමෙන් වැළකී සිටීයි.එම නිසා ඇසුර වැදගත් වෙයි.

බොහෝ අම්මාවරුන් දරුවන් බිහිකරන්න දන්නවා වුණාට දරුවන් හදන්න දන්නේ නැහැ. දරුවන් පුංචි දරුවෙකු ලෙස සිටිනවාට ඇතැම් අම්මාවාරුන් වැඩි කැමැත්තක් දක්වයි.එම දරුවා වැඩෙන දරුවෙක් නිසාත් එම දරුවාට අත්දැකීම් අවශ්‍ය වන නිසා දරුවාට හුදකලාව තනියෙන් වැඩ කරගැනීමට අවශ්‍ය බවසිතා දරුවාගේ මනසට යහපත් කාරණා දැමිය යුතු බවට සිතන අම්මාවරුන් අඩුයි. යහපත් ඇසුර දරුවන්ට යහපතක්ම උදාකරයි. නිවස තුළ හොඳම මිතුරා අම්මා බව අම්මා විසින් අවබෝධ කරගත යුතුයි. දරුවන් බියවද්දවා ශික්ෂණය කළ නොහැකියි. එම නිසා දරුවාගේ හොඳම යෙහෙළිය අම්මා විය යුතුයි. ඇතැම් දරුවන් තමාගේ වාසිය සඳහා කපටිකමට බොරු කියයි.

ජීවිත අවුල් කරගනූ ලැබු දරුවන් පිළිබඳව අධ්‍යනය කළ විට ඔවුන්ගේ දෙමවිපියන් දරුවාට කිසිම දෙයක් තිනවම කරගැනීමට අවස්ථාව ලබානොදී දෙමවිපියන් විසින් සියල්ල ඉටුකරදෙමින් වැඩි ආදරයකින් හැදූ වැඩු දරුවන් වෙයි. ළමයාට ළමයෙක් වීමට අවස්ථාව ලබානොදී බෝනික්කෙකු සේ සළකා හැදු වැඩූ දරුවන් ජීවිතය අවුල් කරගනී. ගැටලුවක් මනසට පැමිණි විට විසඳාගැනීමට අවබෝධයක් නැහැ. ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නොමැති කමින් කේන්ති අරගෙන බැනවදිමින් රණ්ඩු කරගනී. අවසානයේ හිරගෙදරට යාමට සිදුවෙයි. ඒ සඳහා ඇසුර බලපායි. ක්ෂණිකව කිපෙන දරුවෙකුගේ දෙමව්පියන්ද ක්ෂණිකවම කිපෙන අය වෙයි. සමාජයට ද්වේෂ කරන පුද්ගලයෙකු දෙස බලන විට ඔහුගේ මව පියාද එවැනි අය වයි.

බුදු දහම තුළ සියලු ගැටලු නිවැරැදිව නිරවුල්ව විග්‍රහ කරයි. කිසියම් හේතුවක් නිසා ඵලය හටගනී. හේතුව නොසොයා ඵලයට ප්‍රතිකාර කළ නොහැකිය. හේතුව නොසොයා ඵලයට ප්‍රතිකාර ලබාදුන් විට වෙනත් ප්‍රශ්නයක ආරම්භයක් මිස එය උත්තරයක් නොවෙයි. අප එම දර්ශනය අනුව ජීවිතය සකස් කරගත් පිරිසක් .අප එම දර්ශනය අනුව රට ගොඩනැඟු පිරිසක්. මේ රට අපට උරුම වුයේද එම දහම අනුගමනය කළ නිසයි.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]