UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුර දුරු කරමු

අඳුර දුරු කරමු

උදා අරුණලු නැඟෙන වෙලාවට රක්ත වර්ණ අහස මොනතරම් ලස්සනද? තුරු පත් අතු අතර පිනි බිංදු වැටිලා. මුතු කැට වගේ දිලිසෙනවා. කුරුල්ලෝ මිහිරි ගීත ගයනවා. මල් කැකුළු ටිකෙන් ටික හිනැහෙමින් නේක පැහැයෙන් මුළු පරිසරයම වර්ණවත් කරනවා. අලුත් දවසක් පිළිගන්නට හැමෝම කඩිමුඩියේ සැරසෙනවා.

අරුණු උදයක මේ චමත්කාරය දකින්නට නම් පුංචි දූ පුතුන් අලස නොවී උදෑසනම පිබිදෙන්නට ඕනෑ. සීතලට ගුලිවෙලා නිදා ගන්න හිතුණත් ගහ කොළ, සියොතුන් පවා ප්‍රබෝධයෙන් අලුත් දවසක් අරඹන්නට සැරසෙන වෙලාවට නිදාගෙන සිටීම සුදුසු නෑ.

දුවේ! පුතේ! හිරු නැඟී ලෝකය එළිය කරනවා වගේ පුංචි ඔබත් ජීවිතය ආලෝකමත් කරගන්නට ඕනෑ. අඳුරු අහස, කළුවර පරිසරය දකින්නට අපි කිසිවෙක් කැමැති නෑ. හිරු බැස ගිය පසු පරිසරයම අඳුරෙන් වැසී යනවා. ඒ වගේ අපගේ ජීවිතයේත් අඳුර තිබෙනවා. අන්ධකාරයෙන් වැසුණු ජීවිතයක් තමන්ටවත්, අනුන්ටවත් ප්‍රයෝජනයක් නෑ.

ජීවිතය අඳුරු කරන දුෂ්චරිත මොනවාද? උදෑසනින් පිබිදෙන්නේ නැතිනම්, දත් මැද මුහුණ සෝදා පිරිසුදුව ඉන්නේ නැතිනම්, පිළිවෙළට ඇඳුම් අඳින්නට, ආහාර ගන්නට දන්නේ නැතිනම්, සතුන්ට හිංසා කරනවා නම්, බොරු, කේළාම් කියනවා නම්, සොර සිතකින් අනුන්ගේ දේ ගන්නවා නම්, අම්මට තාත්තට, වැඩිහිටියන්ට අකීකරු නම් ආදී මේ සියලු දේ ජීවිතය අඳුරු කරනවා. මේ නිසා දුෂ්චරිත දුරු කොට සුචරිත ජීවිතයට සමීප කරගන්නට ඕනෑ. හරියට රැයේ අඳුරු පටල ඉරා හිරු ලෝකයම එළිය කරනවා වගේ. එවිට මුළු ජීවිතයම එළිය වෙනවා.

දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන් අමතා කැඩපතකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඇසුවා. මුහුණ බලා ගැනීමට, මුහුණේ අඩුපාඩු දැක ඒවා නැති කරගෙන ලස්සන වීමට බව රාහුල පොඩි හාමුදුරුවෝ පිළිතුරු දුන්නා.

“රාහුල, කැඩපතකින් මුහුණ බලා, අඩුපාඩු නැතිකරගෙන මුහුණ ලස්සන කරගන්නවා වගේ අපේ ජීවිතයත් ලස්සන කර ගන්න ඕනෑ. නුවණින් බලා ජීවිතයේ අඩුපාඩු මඟ හරවා ගන්න ඕනෑ’යි බුදුහාමුදුරුවෝ රාහුල පොඩි හාමුදුරුවන්ට අවවාද දුන්නා.

ජීවිතය දෙස නුවණින් බලන්නේ කෙසේද?

යම් දෙයක් කරන්නට පෙර ඒ දේ නිසා තමන්ට අවැඩක්, අයහපතක්, නපුරුක් සිදුවේදැයි හොඳින් සිතා බලන්නට ඕනෑ. ඒ වගේම තමන් කරන දේ නිසා අම්මට, තාත්තට, නෑදෑ හිතමිතුරන්ට, කිසිවෙකුට, කරදරයක්, නපුරක්, සිත් රිදවීමක් සිදුවේදැයි සිතන්නට ඕනෑ. එසේ තමන් කරන දෙයින් තමන්ට යහපතක්, අනුන්ටද යහපතක් වේදැයි සිතන්නට ඕනෑ.

තමන්ට අයහපත්, අනුන්ටද අයහපත් විපාක ලැබෙන දෙයක් කළොත් කඳුළුසලන්නට, දුක්වෙන්නට, පසුතැවිලි වෙන්නට සිදුවෙනවා. එවැනි දේ කිරීමෙන් පව් සිදුවෙනවා. පුංචි ඔබගේ ජීවිතය අඳුරින් වෙලා ගන්නවා. ඒ නිසා එවැනි දේ කිරීමෙන් වළකින්නට ඕනෑ. යහපත් දරුවෙක් වෙන්නට ඕනෑ. බුදුහාමුදුරුවෝ යහපත් දරුවෙක් වෙන හැටි අපූර්ව ලෙස විස්තර කර තිබෙනවා. එවැනි දරුවෙකු ට අම්මගේ, තාත්තගේ වගේම සමාජයේ හැමෝගෙම ආදරය, ගෞරවය ලැබෙනවා. ලෝකය එළිය කරන හිරු වගේ බබළනවා.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]