UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ පුනරුද අරමුදල මඟින් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා පුණ්‍යාධාර ලබාදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී රුපියල් මිලියන 107 ක පුණ්‍යාධාර විහාරාධිපති ස්වාමින් වහන්සේලා වෙත පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, ප්‍රමුඛ මහා සඟ රුවනද කථානායක කරු ජයසූරිය, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මහත්වරුන්ද, ආරාධිතයන්ද ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වී සිටියහ. බෞද්ධ පුනරුද අරමුදල මඟින් වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට ආධාර ලබාදුන් අවස්ථාව.

 

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව දුරුතු පෝදා

ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑය වෙත සිදු කෙරෙන කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාව ද, මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. කප්රුක් පූජා පෙරහර දුරුතු පෝදා (12) පස්වරු 2 ට මිහින්තලේ සාංචි විහාරය අසලින් ආරම්භ කෙරේ. මිහින්තලේ මහ සෑ වන්දනාව සඳහා මාසිකව සිදු කෙරෙන කප්රුක් පූජාවේ දායකත්වය දැරීමට කැමැති බෞද්ධ සංවිධානවලට සහ සැදැහැතියන් වෙත ආරාධනා කරන අතර වැඩි විස්තර සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතන අංක වෙතින් දැනගත හැකිය.

ඉතිරිය»

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]