UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයත් සිහිකරණ වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ උන්වහන්සේගේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහෝ දිනකම සිදු වූ නිසාය. බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන්වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට වැඩම කළ උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේදී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජුද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බවද සිහිකරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නා රජු අතර මිණිපළඟක් අරභයා එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී.

ඉතිරිය»

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]