UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

මෙත් සිතක මහිමය

“න මෙ චිත්තං විපරිණතං භවිස්සති. න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච
විහරිස්සාමි. මෙත්තචිත්තෙ න දොසන්තරො ති”

අද ලංකාවාසී බෞද්ධයන්ට වැදගත් දිනයක්. එනම් අද වගේ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් නව වන මාසයේ දී මහියංගණයේ මහානාග වනයට වැඩමකර යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ බව සඳහන් වෙනවා. එවන් අතිඋතුම් පොහෝ දිනයකදී ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම සඳහා මජ්ක්‍ධිම නිකායේ එන කකචූපම සූත්‍රය ඇසුරු කර ගනිමින් මෙම ධර්ම විග්‍රහය කිරීමට අපේක්ෂා කරනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින දිනයකදි මොලීයඵග්ගුන හිමියන් අරභයා දේශනා කළ බව සඳහන් වෙනවා. මොලීයඵග්ගුන හිමියන් නිතර භික්ෂුණීන් වහන්සේ සමඟ සල්ලාපයේ යෙදෙන අතර භික්ෂුණීන් පිළිබඳව යම් දෝසයක් අගුණයක් කථා කළ විට එයට උරණ වී භික්ෂූන් සමඟ වාද විවාද කරනවා. කළහ කරනවා. මේ ආකාරයටම මොලීයඵග්ගුන හිමියන්ගේ දෝෂයක් හෝ අගුණක් ගැන කතා කළ විට භික්ෂුණින්ද වාද විවාද කරගන්නවා. මේ ගැන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළ විට ඵග්ගුන හිමියන් කැඳවා එහි ඇත්ත නැත්ත විමසුවා. එය භාරගත් විට බුදුරජාණන් වහන්සේ ඔහුට අවවාද කරමින් මුලින් සඳහන් කළ උද්ධෘතය ප්‍රකාශ කළා. කෙනෙකු තමා ඉදිරියේදී හෝ අනභිමුඛව හෝ චෝදනාවක් හෝ ගැරහීමක් හෝ කරන විට මන්ත්‍රයක් ලෙසට මෙසේ සිතිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

ඉතිරිය»

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]