UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් උළෙල

ජාත්‍යන්තර වෙසක් උළෙල

700 කට අධික ජාත්‍යන්තර බෞද්ධ නියෝජිත පිරිසක් මෙරටට

එක්සත්ජාතින්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස හා ගාම්භීර ලෙස පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කැබිනට් අනුකාරක කමිටුව හා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ මට්ටමෙන් පත්කරන ලද අනුකමිටු 10 කින් සංවිධානය කෙරෙන බව බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට මෙරට ස්ථාපිත වූ නිර්මල ථෙරවාදී බුදු දහම වසර 2500 කට ආසන්න කාලයක් ආරක්ෂා කර ගනිමින් ලෝකයේ ආසියාතික රටවලට බුදුදහම ප්‍රචලිත කරමින් ලෝකයේ ථෙරවාදි බුදුදහම ආරක්ෂා කර ගත් ඉපැරණිම රට වශයෙන් ශී‍්‍ර ලංකාව බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරිම සඳහා ලබාදී ඇති දායකත්වය වර්තමාන ලෝකයේ බුදු දහම අගයන රටවලට මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දුවක් දක්වන ලෝක ජනතාවට පණිවිඩයක් ගෙන යාම ඉලක්ක කර ගෙන මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙලෙහි කටයුතු කරනු ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

1950 ගුණපාල මලලසේකර මැතිතුමන් ශ්‍රී ලංකාවේ ථෙරවාදි බුදුදහමේ නායකත්වය හා ලෝක බෞද්ධ උරුමය රැක ගනිමින් ආරම්භ කරන ලද ලෝක බෞද්ධ මහා සම්මේලනය 1950 අපේ‍්‍රල් 26 වන දින ශ්‍රී දළදා මාලිගාව අභියස පවත්වමින් ලෝක බෞද්ධ ජන මතය ශ්‍රී ලංකාව කෙරෙහි රඳවා ගැනීමට සමත්වූ අතර එය දශකයකට ආසන්න කාලයක් ඔහුගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වු නමුත්, වර්තමානයේ ලෝක බෞද්ධ මූලස්ථානය තායිලන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. ථෙරවාදී බුදුදහමේ පුරෝගාමී රටක් වශයෙන් ශ්‍රී ලංකාව 1999 වසරේදී එක්සත්ජාතින්ගේ මහා මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් එවකට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන්ගේ පුරෝගාමිත්වයෙන් වෙසක් දිනය ලෝක බෞද්ධ ජනතාවගේ නිවාඩු දිනයක් බවට පත්කර ගනිමින් එක්සත්ජාතින්ගේ වෙසක් දින උළෙල තායිලන්තය කේන්ද්‍රකරගනිමින් 13 වසරක් පවත්වා ඇති අතර, දෙවතාවක් වියට්නාමයේ දී මෙම වෙසක් දින උළෙල පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙල සඳහා සමස්ත බෞද්ධ ජනතාව නියෝජනය කරමින් 700 කට ආසන්න බෞද්ධ නියෝජිත පිරිසක් සහභාගි වීමට නියමිත අතර, මෙම බෞද්ධ නියෝජිත පිරිසට තායිලන්තයේ සංඝරාජ නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහානායක ස්වාමින් වහන්සේලා බෞද්ධ සංවිධානවල නායකයින් , මැතිඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊට ඇතුළත් වන බව බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි මෙම ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සහභාගි වීම සඳහා බෞද්ධ රටවල් 19 ක රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට මේ වන විටත් ආරාධනා කර ඇති අතර, ඉන්දියාව, ජපානය , තායිලන්තය, බුරුමය, නේපාලය, දකුණු කොරියාව, කාම්බෝජය වැනි රටවලින් මේ වන විටත්, එම ආරාධනාවන් පිළිගෙන ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

මෙවර ජාත්‍යන්තර වෙසක් දිනයේ සමාරම්භක උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අතර, එදිනම පාර්ලිමේන්තු දියවන්නා පරිශ්‍රයේ ජාත්‍යන්තර වෙසක් කලාපයක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහනේ දෙවන දිනයේදී බෞද්ධ සන්නිවේදනය,බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ සංචාරක හා ව්‍යාපාරික යන අංශ ඉලක්ක කර ගෙන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වෙන අතර, දෙවන දින සන්ධ්‍යා භාගයේදි ජාත්‍යන්තර සංස්කෘතික උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුවේ එකඟත්වය පරිදි මෙවර තේමාව වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් සමාජ සාධාරණත්වයන් උදෙසා තිරසාර ලෝක සාමයක් යන්න බවයි

2017 එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙල සම්බන්ධීකරණය කිරීම සඳහා කොළඹ 07 විජේරාම මාවතේ චාරිකාරාමයේ ජාත්‍යන්තර වෙසක් දින ලේකම් කාර්යාලය පවත්වාගෙන යයි.

අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මල්වතු , අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ නිකායවල නායක ස්වාමින් වහන්සේලා ඇතුළු උත්තරීතර කමිටුවක් මෙම උළෙල සංවිධානය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කර ඇති අතර මීට අමතරව එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙලේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව සඳහා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත. මිත්‍රපාල මහතාගේ සභාපතිත්වවයෙන් හා එක්සත් ජාතින්ගේ වෙසක් දින කමිටුවේ ජාත්‍යන්තර සභාපති තායිලන්තයේ අතිපූජ්‍ය බ්‍රහ්ම පණ්ඩිත් ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර කමිටුවක්ද ක්‍රියාත්මක වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]