UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණිය තරුණ බෞද්ධ සමිතියේදී දුරුතු පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම – ගාල්ලේ කුමාර කාශ්‍යප හිමියන් විසින්ද, 7.00 බුද්ධ පූජාව , 8.15 භාවනාව 9.15 – ධර්ම දේශනය – බටලන්දේ චන්දකිත්ති හිමියන් විසින්ද, 10.30 බුද්ධ පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමියන් විසින්ද, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.30 බෝධි පූජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි. 6.30 සිල් පවාරණය පැවැත්වෙයි.


කඩවත සමාධි මැදුර

පෝදා පෙරවරු 6.30 - සීල සමාදානය, වන්දනා - මකුරුප්පේ සිරිනන්ද හිමි, 8.00 – 8.30 – පිරිත් සජ්ඣායනා හා සිල් මෙනෙහි කිරීම, 8.30 – 11.00 භාවනා පුහුණුව - පයාගල නන්ද හිමි, 11.00 – 12.00 දවල් බුද්ධ පූජාව 1-1.30 මාසික සභා රැස්වීම. පස්වරු - 1.30 – 2.00 ධම්මපදය - ශාන්තිදේව හිමි, 2.00 – 4.00 ධර්ම සාකච්ඡාව - පයාගල නන්ද හිමි, 4.30 -5.30 සිල් පවාරණය – බුද්ධ පුජාව සහ බෝධි වන්දනාව


ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

පෝදා පෙරවරු 5.25 – 6.00 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6. – 6.30 උදෑසන බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 ගුවන් විදුලි ධර්මදේශනාව කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිධ හිමි, 9.00 – 10.30 ගුවන් විදුලි ධර්ම සාකච්ඡාව, 10.30 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පිරිත් දේශනය මහ සඟරුවන සමග පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 4.00 – 5.00 ගුවන් විදුලි ධර්මදේශනාව කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාන අංශයේ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 5.00 – 6.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.30 – 7.00 ගුවන් විදුලි ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇටම්පිටියේ හේමවංශ හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව අරංගල ශෛලාරාමාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, 9.30 සිට පසුදා පහන්වන තුරු සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12. 30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව ආචාර්ය වැලිගෙපොල සීලවංස හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව රන්වල ඤාණාවාස හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ වන්දනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර මා හිමි, 2.00 – 2.30 ධර්ම සාකච්ඡාව, 4.00 – 5.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති මහඔය අනුරුද්ධ හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව, මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින උපාසක උපාසිකාවන්ට පිළිගැන්වේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේ දී දුරුතු පුන් පොහෝ දින අළුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දස සිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.30 – 10.30 දහම් දෙසුම මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනීත හිමි 3.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්මවිහාරි හිමි, සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පින්කම් රැසක් දුරුතු පෝදා පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන්කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීම කංචුක පූජාවද පැවැත්වේ.

උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. දුරුතු පෝදා බත් දන්සල හා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සැල කිරිවෙහෙර චෛත්‍යයේ ප්‍රධාන වාසල් දොරටුව අබියස දානශාලාවේ පැවැත්වේ.

සවස කිරිවෙහෙර විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට පැමිණ බෝධීන් වහන්සේ නානුමුර කර මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජා පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී 7.00 ට අටවිසි බෝමලුව අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාව කිරිවෙහෙර 3වන මලුව සමීපයේ පහන් 5000ක ආලෝක පූජාව ද පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව - කටුබැද්ද- තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන් සිදු කරනු ලැබේ.

අලුයම 5.30ට – කිරිපිඬු දානය සිහිත පෙරහර, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව - දම්පහළ ඤාණරතන නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනය – හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9. 30- 10.30 ජාතක කථා දේශනය – දම්පහළ ඤාණසුධීර හිමි, 10.30 – 11.00 භාවනාව - දම්පහළ ඤාණරතන නාහිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව - දම්පහළ ඤාණසුධීර හිමි, 1.00 – 2.30 ගිහි දේශනය – ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.00 ධර්ම දේශනය – වැලිමඩ ඤාණාරාම හිමි, 3.00 – 3.45 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව , 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනාව ධර්මායතනවාසී ස්වාමින්වහන්සේලා, 5.00ට සිල් පවාරණය සිදුකිරීම – දම්පහළ ඤාණරතන නාහිමි, 6.30 – 7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධිපුජාව සිදුකිරීම හා පුණ්‍යානුමෝදනාව - දම්පහළ ඤාණරතන නාහිමි, පස්වරු 12.30 ට බුදුසරණ පුවත්පත බෙදාදීම – දායකත්වය බුරුතගොල්ල – ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනෙවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මඟිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු - 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පණ්ඩිත රන්වල ඥාණාවාස හිමි, 8.00 – 9.00 භාවනාව -ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව – වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව – අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව ඇරැව්වල සමිත හිමි, පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඉන්දියාවේ මෛත්‍රීපාල හිමි, පන්විල සරණ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, , 2.00 – 3.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව – වජිරාරාමවාසි ඤාණසිහ හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය – ගංගොඩවිල සුභද්‍රාරාම මහපිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත දියගම නාරද හිමි, 5.00 – 6.00 ධම්මපදය – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජා සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ දුරුතු පුන් පොහොය වැඩසටහන පොහෝ දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළු පන්සලේ) සන්නිපාතශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි බෝමළු විහාරවාසී ශාස්ත්‍රවේදී කුඩා ඇළගමුවේ ඥානසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 - අටසිල් සමාදන් කරවීම, 6.30 - උදෑසන බුද්ධ පූජාව 8.00 – ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කිරිගල්වැවේ ඥානාලෝක හිමි 9.00 – ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම. 9.15 – ගිහිදේශනය, ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා 10.30 – බුද්ධ පූජාව දවල් 12.00 – ජාතක කතා දේශනාව, භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි පස්වරු 1.00 – ධර්ම දේශනාව පණ්ඩිත කණුබිච්චියේ රතනජෝති හිමි, 2.00 – ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 – දම්සභා මණ්ඩපය සහභාගිත්වය ශාස්ත්‍රවේදී රත්මල්ගහවැවේ රතනසිරි හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා, 4.00 – භාවනා වැඩසටහන, මෙහෙයවීම පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, ප.ව. 5.55 සිල් පවාරණය, ප.ව. 6.00 නිමාව


බම්බලපිටියේ වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව විද්‍යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නා හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී උල්ලිදුවාවේ විනයධම්ම හිමි, 10.00 – 11.00 භාවනාව අනුශාසනාව හා බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, 12.30 – 1.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සිරිවජිරාරමවාසී රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, 4.00 – 5.00 ගිහිදේශනාව ජයසේන එදිරිසිංහ මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරමවාසී ස්වාමීන්වහන්සේලා


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් දුරුතු පෝදා දවස පුරා ආගමික වතාවත් පැවැත්වේ. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන්කරවීම හා තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 දහම් දෙසුම ගම්පහ සිරිසීවලි හිමි, 10.00 – 11.30 දහම් දෙසුම උණවටුනේ වංශානන්ද හිමි, පස්වරු 1.00 -2.45 දහම් දෙසුම පළාතොට පඤ්ඤානන්ද හිමි, 3.00 – 4.00 දම් දෙසුම රංවිල ඥානාවාස හිමිි, 4.30 -6.00 දහම් දෙසුම කහගොල්ලේ සෝමවංශ හිමි, 6. 15 – 7.00 පානදුරේ අරියධම්ම හිමියන් විසින් පැවැත් වූ බෝධි පූජා (පටිගත කළ එකකි) 7.00 – 8.00 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.10 – 10.30 ධර්ම දේශනය ගල්කිස්සේ සමාහිත හිමි


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේ දුරුතු පොහෝදා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 සිට උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනා - තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව- කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව විනයාචාර්ය වැල්ලම්පිටියේ විනයවංශ හිමි, 10.30 - 11.00 දවල් සම්බුද්ධ පුජාව – තලල්ලේ සිරිමහින්ද නාහිමි,පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය - ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමින් වහන්සේලා, 1.00 – 2.00 මාසික රැස්විම

වාර්ෂික ශ්‍රී සංඝමිත්තා පෙරහර මෙදින විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මූලිකත්වයන් හා ප්‍රධාන දායක සභාවේ ද දායකත්වයෙන් ද ප්‍රදේශවාසී ආයතන කිහිපයක අනුග්‍රාහක දායකත්වයෙන්ද විහාරස්ථානයට සම්බන්ධ බැතිමත් පින්වතුන්ගේද අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.


සීදුව සුගතාරාමයේ පින්කම්

සීදුව සුගතාරාමයේදී දුරුතු පෝදා දවස පුරා ශීල, භාවනා ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ආදි පින්කම් මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ පින්කම

පෝදා පෙරවරු 5.30-.6.00 කිරි ආහාර බුද්ධ පූජාව, 6.00-7.30 සීල සමාදානය , බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව

මෙහෙයවීම :– බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි.

08.00-09.00 :– ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 09.30-10.30 ධර්ම දේශනාව

සිය නෑ කෝරලයේ ප්‍රධාන සංඝ නායක හෙයියන්තුඩුව රාජමහා විහාරාධිපති වැලමිටියාවේ සීලරතන නාහිමි, 11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසි අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව

දරණාගම කුසලධම්ම නාහිමි, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා

මෙහෙයවීම :– ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මහතා

2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි. 3.30-4.30 ධර්ම දේශනාව, වතුරුවිල සිරිසුජාත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව, වේරදුවේ මහින්ද හිමි, 5.30-6.00 මහ ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය.

මෙහෙයවීම :– ශ්‍රී සම්බෝධි විහාරවාසි බොරලන්දේ වජිරඤාණ හිමි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]