[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දානය ලෝකය වෙනස් කරයි

2000 වසරේ අග භාගයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ෆී‍්‍රමොන්ට්  (Fremont)  ජාතික පාසලෙහි හත වසරේ ඉගෙනුම ලැබූ සංක්‍රමණික ශිෂ්‍යයෙකු වූ කයිට්ලී චුන්ග්ට ඔහුගේ 12 වන උපන් දිනය වෙනුවෙන් තෑගි කළ බයිසිකලය පාසල් රථගාල තුළ දී සොරකම් කෙරිණි. ඉන් බොහෝ ළතැවුලට පත් දරුවා මහ හඬින් ඉකිබිඳිණු දුටු ඔහුගේ පන්තියේ මිතුරු මිතුරියන් ඔහු වටා එක්ව ඔහු ව අස්වැසූහ. “කයිට්ලී! අනේ, අඬන්න එපා, අපි, අපේ සල්ලි එකතු කරලා ඔයාට අලුත් බයිසිකලයක් අරන් දෙන්නම්.” ඉන්පසු පරිත්‍යාගශීලී කුඩා දරුවෝ හැකි අයුරින් මුදල් එකතු කළහ. මේ පිළිබඳ ව ඇසූ පන්තිභාර ගුරුවරිය ගුරු මඬුල්ල දැනුම්වත් කළ අතර, ඔවුහු ද මීට එකතු වූහ. ගුරු මඬුල්ලෙන් මේ ගැන දැනගත් අනධ්‍යයන පාසල් සේවකයෝ ද මුදල් පරිත්‍යාග කළහ. අවසානයේ බයිසිකල් හතරකට ප්‍රමාණවත් මුදල් එකතු විය. ඉන් එක බයිසිකලයක් කයිට්ලීට ද, අනෙක් බයිසිකල් තුන වෙනත් දුප්පත් සිසුන් තිදෙනෙකුට ද පිළිවෙළින් ලැබිණි. කනින් කන මේ ගැන ඇසූ මව්පියෝ ද තවත් බයිසිකල් කිහිපයක් පාසලට රැගෙන දුන්හ. මේ බයිසිකල් දානය සිදුවීම ගැන දැනගත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු මාධ්‍යවලට ඒ ගැන වාර්තා කළෙන්, මාධ්‍ය එය මහජනයා වෙත සම්ප්‍රේෂණය කළහ. ඉන් පසු දිනෙක, එක්තරා පුද්ගලයෙකු පාසලට පැමිණ විදුහල්පතිතුමන්ගෙන් සමාව අයැද සිටියේ ය. ඒ කයිට්ලීගේ බයිසිකලය සොරකම් කළ තැනැත්තා ය. එබඳු සොරකම් යළිත් නොකරන බවට පොරොන්දු වූ ඔහු, තම සොරකම්වලින් ඉපයූ මුදල් සියල්ලෙන් ම ෆී‍්‍රමොන්ට් පාසලට බයිසිකල් මිලට ගෙන දුන්නේ ය. කුඩා දරුවන්ගේ දානමය සිතිවිලි කෙතරම් දෙනෙකුගේ ජීවිත කුසලය වෙත යොමු කරනු ලැබී ද? ‘සැබෑ ලෝකය වෙනස් කිරීම යනු මෙයයි.


       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]