[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සිල්වතුන්ට බුහුමන් කළොත් ආයු වර්ණ සැප බල ලැබෙනවා

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො - චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දීඝලම්බක නුවර ආසන්නයේ වන කුටියක වැඩ සිටින සේක. එකල දීඝායු කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තපස් රැකුමට වනයට ගියේ ය. අටසාළිස් වසරකට පසුව තමාගේ කුල පරම්පරාව රැකීමේ ආශාවෙන් බිරිඳක් සරණ පාවා ගත්තේ ය. කලෙකින් දරුවෙකු ලබා බමුණා හා බැමිණිය තමන්ගේ සිඟිති පුතා රැගෙන වන කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණියහ. ප්‍රථමයෙන් ඒ දෙදෙන වැඳ නමස්කාර කළහ. බුදුරජාණන් වහන්සේ “දීඝායු කො හොථ” දිගාසිරි ලැබේවායි වදාළ සේක. යළි සිඟිත්තා වන්දවන විට කිසිවක් නො වදාළ සේක. මෙයින් තැතිගත් බමුණා මෙයට හේතු කුමක්දැයි බුදුරදුන්ගෙන් විචාළේ ය. “බමුණ, මේ දරුවාට උවදුරක් ඇත. දරුවාට ආයුෂ ඇත්තේ හත් දවසකැ”යි වදාළ සේක. මව්පිය දෙදෙන මහා කම්පනයට පත්විය. තම පුතාගේ ජීවිතය බේරා ගැනීමට උපායක්, ක්‍රමයක්, පිළියමක් නැද්දැයි ඇසූහ. “බමුණ, ඔබේ නිවස පවිත්‍ර කරවා මණ්ඩපයක් සාදවන්න. ආසන පනවා මහා සංඝ රත්නයට ආරාධනා කොට ගෙදරට වැඩමවා ගන්න. උන් වහන්සේ වඩා හිඳුවා පුතා මැද තබා හත් දිනක් පිරිත් දේශනා කරවන්නට යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බමුණා ද විගස ගේ දොර පවිත්‍ර කරවී ය. මණ්ඩපය තනා සංඝයා වහන්සේ වැඩම වූහ. පුතු ද බිම හොවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවීය. සත්වන දවස බුදුරජාණන් වහන්සේ ද වැඩි සේක. දෙවියෝ ද පැමිණිය හ. මෙම කුමරු වෙසමුණි රජුගේ නියමයෙන් ‘අවරුද්ධ’ නම් යකුට බිලි වන්නට සිටි නමුත්, මේ පිරිතේ ආනුභාවයෙන් ජීවිතය ආරක්ෂා විය.


       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]