[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රුහුණු පුරවරයේ ඓතිහාසික පින්බිම තම්මැන්නාගල රාජමහා විහාරය

කඳු මුදුනේ ඉපැරණි දාගැබක් තිබූ බවට සාධක ඇත. දැනට හමු වී ඇති පැරණි ගඩොළු අනුරාධපුර යුගයට අයත් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතයයි. මෙම පර්වතය ආසන්නයේ ම කටාරම් කෙටූ ගල් ගුහාවක් දක්නට ඇති අතර, අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ විසූ බවට විශ්වාසයක් පවතී. අනුරාධපුර මධ්‍ය යුගයට අයත් යැයි සැලකෙන ඉපැරැණි පුරාවිද්‍යාත්මක භූමියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පහළ ඉඳිවැව ගමෙහි පිහිටා ඇත. තම්මැන්නාගල රජමහා විහාරය නමින් හැඳින්වෙන මෙම විහාරය සූරියවැව නගරයේ සිට මීගහජඳුරට පැමිණ එතැන සිට හම්බන්තොට මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ දුරක් ගිය විට හමුවෙයි. එහි පර්වතය මතට නැගුණවිට අවට හාත්පස පරිසරය අතිශය සුන්දර දසුනක් මවාපායි.දකුණු දෙසින් මාගම්පුර වරාය දක්නට හැකි ය. තවත් ඉසව්වකට ඇස ගැටෙනුයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ය.හාත්පස විහිද ගිය කුඹුරු යාය එදා මෙදා තුර තම්මැන්නාගල ඇත්තන්ගේ සාරවත් අස්වැන්නේ ශේෂයන් ය.නිතර දෙවේලේ හමුවන වන අලින්ගේ රජ දහනක් ව ඇති මහා වනාන්තරය මේ ඓතිහාසික උරුමය නිහඬව සඟවා ගෙන සිටිනවා යැයි හැඟෙන්නේ ය.

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]