[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු රදුන් ගිනිහල් ගෙයි සිටි නාග රාජයා දමනය කිරීම
සිතුවම - හර්ෂ ගුණවර්ධන

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන සහ හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන ‘ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල’ හත්වන වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයදුම්පත් කැඳවා ඇත. ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ 80 වන ජන්ම දිනය නිමිති කොට ගෙන 2015 ජනවාරි මස 02 වන දින, මෙම ශිෂ්‍යත්ව අරමුදල නායක ස්වාමීන් වහන්සේගේ පුද්ගලික ධන පරිත්‍යාග වශයෙන් ලද රු. 525.000.00 ක මුදලින් ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරක ම ‘බුදුසරණ’ පුවත්පතේ පළ කළ මෙවැනි දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා තෝරාගනු ලබන සිසුන් වෙත මසකට රුපියල් 2, 500.00 බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලබයි. 2016 වසරේ සිසුන් 82 වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම අරමුදල මගින් ශිෂ්‍යත්වයක් ලැබීම සඳහා සුදුසුකම ලැබූ ලංකාවේ දිස්ත්‍රික්ක 16 ශිෂ්‍යත්වලාභීන් 253 වෙත රු. 9, 295,000.00 ක මුදලක් 2020 ජූනි මස අවසානය වන විට ගෙවා ඇත.


ධර්ම දේශනාව:

සිල්වතුන්ට බුහුමන් කළොත් ආයු වර්ණ සැප බල ලැබෙනවා

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො - චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දීඝලම්බක නුවර ආසන්නයේ වන කුටියක වැඩ සිටින සේක. එකල දීඝායු කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තපස් රැකුමට වනයට ගියේ ය. අටසාළිස් වසරකට පසුව තමාගේ කුල පරම්පරාව රැකීමේ ආශාවෙන් බිරිඳක් සරණ පාවා ගත්තේ ය. කලෙකින් දරුවෙකු ලබා බමුණා හා බැමිණිය තමන්ගේ සිඟිති පුතා රැගෙන වන කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණියහ. ප්‍රථමයෙන් ඒ දෙදෙන වැඳ නමස්කාර කළහ. බුදුරජාණන් වහන්සේ “දීඝායු කො හොථ” දිගාසිරි ලැබේවායි වදාළ සේක. යළි සිඟිත්තා වන්දවන විට කිසිවක් නො වදාළ සේක. මෙයින් තැතිගත් බමුණා මෙයට හේතු කුමක්දැයි බුදුරදුන්ගෙන් විචාළේ ය. “බමුණ, මේ දරුවාට උවදුරක් ඇත. දරුවාට ආයුෂ ඇත්තේ හත් දවසකැ”යි වදාළ සේක. මව්පිය දෙදෙන මහා කම්පනයට පත්විය. තම පුතාගේ ජීවිතය බේරා ගැනීමට උපායක්, ක්‍රමයක්, පිළියමක් නැද්දැයි ඇසූහ. “බමුණ, ඔබේ නිවස පවිත්‍ර කරවා මණ්ඩපයක් සාදවන්න. ආසන පනවා මහා සංඝ රත්නයට ආරාධනා කොට ගෙදරට වැඩමවා ගන්න. උන් වහන්සේ වඩා හිඳුවා පුතා මැද තබා හත් දිනක් පිරිත් දේශනා කරවන්නට යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බමුණා ද විගස ගේ දොර පවිත්‍ර කරවී ය. මණ්ඩපය තනා සංඝයා වහන්සේ වැඩම වූහ. පුතු ද බිම හොවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවීය. සත්වන දවස බුදුරජාණන් වහන්සේ ද වැඩි සේක. දෙවියෝ ද පැමිණිය හ. මෙම කුමරු වෙසමුණි රජුගේ නියමයෙන් ‘අවරුද්ධ’ නම් යකුට බිලි වන්නට සිටි නමුත්, මේ පිරිතේ ආනුභාවයෙන් ජීවිතය ආරක්ෂා විය.

 

දානය ලෝකය වෙනස් කරයි

2000 වසරේ අග භාගයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ෆී‍්‍රමොන්ට්  (Fremont)  ජාතික පාසලෙහි හත වසරේ ඉගෙනුම ලැබූ සංක්‍රමණික ශිෂ්‍යයෙකු වූ කයිට්ලී චුන්ග්ට ඔහුගේ 12 වන උපන් දිනය වෙනුවෙන් තෑගි කළ බයිසිකලය පාසල් රථගාල තුළ දී සොරකම් කෙරිණි. ඉන් බොහෝ ළතැවුලට පත් දරුවා මහ හඬින් ඉකිබිඳිණු දුටු ඔහුගේ පන්තියේ මිතුරු මිතුරියන් ඔහු වටා එක්ව ඔහු ව අස්වැසූහ. “කයිට්ලී! අනේ, අඬන්න එපා, අපි, අපේ සල්ලි එකතු කරලා ඔයාට අලුත් බයිසිකලයක් අරන් දෙන්නම්.” ඉන්පසු පරිත්‍යාගශීලී කුඩා දරුවෝ හැකි අයුරින් මුදල් එකතු කළහ. මේ පිළිබඳ ව ඇසූ පන්තිභාර ගුරුවරිය ගුරු මඬුල්ල දැනුම්වත් කළ අතර, ඔවුහු ද මීට එකතු වූහ. ගුරු මඬුල්ලෙන් මේ ගැන දැනගත් අනධ්‍යයන පාසල් සේවකයෝ ද මුදල් පරිත්‍යාග කළහ. අවසානයේ බයිසිකල් හතරකට ප්‍රමාණවත් මුදල් එකතු විය. ඉන් එක බයිසිකලයක් කයිට්ලීට ද, අනෙක් බයිසිකල් තුන වෙනත් දුප්පත් සිසුන් තිදෙනෙකුට ද පිළිවෙළින් ලැබිණි. කනින් කන මේ ගැන ඇසූ මව්පියෝ ද තවත් බයිසිකල් කිහිපයක් පාසලට රැගෙන දුන්හ. මේ බයිසිකල් දානය සිදුවීම ගැන දැනගත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු මාධ්‍යවලට ඒ ගැන වාර්තා කළෙන්, මාධ්‍ය එය මහජනයා වෙත සම්ප්‍රේෂණය කළහ. ඉන් පසු දිනෙක, එක්තරා පුද්ගලයෙකු පාසලට පැමිණ විදුහල්පතිතුමන්ගෙන් සමාව අයැද සිටියේ ය. ඒ කයිට්ලීගේ බයිසිකලය සොරකම් කළ තැනැත්තා ය. එබඳු සොරකම් යළිත් නොකරන බවට පොරොන්දු වූ ඔහු, තම සොරකම්වලින් ඉපයූ මුදල් සියල්ලෙන් ම ෆී‍්‍රමොන්ට් පාසලට බයිසිකල් මිලට ගෙන දුන්නේ ය. කුඩා දරුවන්ගේ දානමය සිතිවිලි කෙතරම් දෙනෙකුගේ ජීවිත කුසලය වෙත යොමු කරනු ලැබී ද? ‘සැබෑ ලෝකය වෙනස් කිරීම යනු මෙයයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]