[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය:

බිනර මස මහණ දම

අනඳ හිමි මැදිහත්ව රකින්නට මහණ දම
බුද්ධ මාතාවන් ද සපිරිවර සමඟින් ම
බුදු සමිඳු වෙත ගියේ ලැබ ගන්න සිය පැතු ම
ඒ පැතුම ඉටු වුණා බිනර මස පොහොදා ම

සසුන් දොර විවර විය ළඳුන් හට පැතු විලස
අෂ්ට ගරු ධර්ම ටික රකිමින් ම නිසි විල ස
මහණ දම් පුරන්නට ඇවතකුත් නියම ලෙස
නියම කළෙ බුදු සමිඳු ඒඋතුම් බිනර මස


අපේ පිරිවෙන

අලංකාර ගම් පියසක පිහි ටලා
පඤ්ඤානන්ද පිරිවෙන නම් වීලා
එහි ඉගෙනුම ලබමු අපි සැවොමා
ආගමික වැඩත් කරනවා එක් වීලා


උතුම් සරණ

සරණින් පළමු සරණය සම්බුදු සරණ
සරණින් දෙවන සරණය සදහම් සරණ
සරණින් තෙවන සරණය මහ සඟ සරණ
සරණින් උතුම් සරණය තෙරුවන් සරණ


ආදර අම්මේ

සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
ජීවත්වන්නට සිටියත් අම්මේ
නොසිතූ මොහොතක
ඔබ මා හැර දමා ගියේ ඇයි අම්මේ
ඔබ රුව
මගෙ හදවතින් මැකී නොයයි
මගේ අම්මේ
නැවතත් මතු දිනක
ඔබ මගෙ අම්මා වේවා
පතනෙමි අම්මේ


වස්සානය

නිකිණි පුන් පොහෝ දා වස් සමාදන් වෙලා
සඟ රුවන වැඩ සිටිති දැන් විහාරෙට වෙලා
දායක පිනැත්තෝ වැසි සළු ද පූජා කළා
පින් සිතින් සතුටු වෙමි මම ද ඒ දෙස බලා

පින් කැමැති පිනැත්තෝ විහාරෙට එක් වෙලා
බුදුන් , දම් . සඟුන් වැඳ සුවඳ දුම් පුදාලා
සැදෑ කල උදාවේ පහන් වැට දල්වලා
වඳින්නෙමු අපි සැවොම අම නිවන් පතාලා


කහගොල්ලේ සෝමවංශ හිමි

මධුර ලෙසින් අම දහම් දෙසන විට
බුදු කුටියක් මැවෙනවා අප හද තුළ
තේරුම් ගන්නට අප හට නිසි ලෙස
දහම් දෙසයි ගරු හිමි
කහගොල්ලේ සෝමවංශ හිමි


පුදුමය

කරුණාව
දයාව
මෛත්‍රිය
ඉරිසියාව
ක්‍රෝධය
මානය
එකම සිතක
හටගන්න
හැටිනෙ පුදුමෙ


කොරෝනා

ඉපදී රටක චීනය වැනි ඉතා දුර
අද මුළු ලෝකයම ඇත හුදෙකලා කර
දිළිඳු ය ධනවත් ය උස්මිටි කම් නොහැර
කොරෝනාව රජයයි දස අත පැතිර

මහ කරුණා ගුණය පෙන්වූ ලොවට අග
අතහැර දැමූ නිසා බුදු හිමි දෙසූ මඟ
දුක් වේදනා විඳ රෝබිය ඉහළ නැඟ
අද දණ නමනවා නොපෙනෙන යකෙකු ළඟ


සැනසුම් මඟ

උතුම් මිනිසත් බව ලැබූවත්
සසර ගමනේ දුක් ලැබූවත්
කෙලෙස් මළ හදවත පුරාගෙන
කොහේ මේ යන්නේ

තෙරක් නොපෙනෙන මහා සසරේ
ඉපිද ඉපිදී නැවත මියෙමින්
සසරෙ බියකරු බවක් නොදැනී
කොහේ මේ යන්නේ

නිමල විල මැද සුපිපි මල මෙන්
බවුන් වඩමින් අතැර කෙලෙසුන්
ගොයුම් ගොත් මුනි මාවතේ
සදා සැනසෙන්නේ


චන්දා තෙරණී

අහරට ලොබ වී පැවිදි ව සසුනේ
දහම් ඔවා නිරතුරුව ම ඇසුණේ
කෙලෙසුන් දුරු කර සුව විඳ නිවනේ
චන්දා තෙරණිය සසරින් මිදුණේ


පිළිගැනීම

බොහෝ දුර රට සිට
සිටන් පැමිණිය මේ රට
ඔහුව පිළිගැනුමට
පැමිණි නෑ සිය කැළක් සතුටට
එමෙන් පින් කළ වුන්
දෙව් ලොවට පිවිසීමෙන්
දෙව් ලොව දෙවිවරුන්
ඔහුව පිළිගෙන පුදයි බුහුමන්


උතුම් පදවි

සම්බුදු හිමි ලොවේ තෙද
පසේ බුදුහු ලොවේ තෙද
රහතුන් වේ ලොවේ තෙද
එ මඟ අනුගමනය යි සොඳ

ගෝඨාභය මැතිදු සඳ
සෙන්පතියෙකි බෝම සොඳ
සියලුම බාධක වෙද
ජනපති ලෙස වැජඹෙ අද

බෝසත් කෙලෙසුන් සිඳ
සම්මා සම්බුදු වීය තෙද
හිමි දෙසු ඒ දහම් පද
අප අනු ගමනයි සොඳ


පනිසිල් රකිමු

වෙර ගනිමින් සිතට
පර පණ නිබඳ රැකුමට
දුර බලා හැම විට
කරමු පින්කම් නිවන් දැකුමට

වැරදි දේ නොම කොට
බොරු වංචාව විසි කොට
රහමෙර බැහැර කොට
දිරි ගනිමු පන්සිල් ම රැකුමට


මගෙ පුතේ මගෙ දුවේ

අපේ්කම රැක ගන්න උරුම දෙය සුර කින්න
දිවි මඟම ජය ගන්න හොඳම මිනිසකු වන්න
ඉරු දිනයෙ විදු බිම යි පන්සලට පිවි සෙන්න
මගෙ පුතේ මගෙ දුවේ එපා කම්මැළි වන්න


       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]