[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය

 

කැලණිය මානෙල්වත්ත ජගත් බොදු සරසවි පරිශ්‍රයේ දී
රටට සෙත්පතා කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ඇරඹේ

ඉන්දියාව, නේපාලය, භූතානය, ටිබෙටය, හිමාල අරුණාචල්, ලඩක්, මොන්ගෝලියා ආදී රටවල කන්ජූර් සජ්ඣායනාව ඉතා ගෞරවයෙන් පැවැත්වෙන බව සඳහන් වේ. මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සම්පූර්ණ ධර්මය හිමාලය භෝඨ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ කන්ජූර් නමිනි. හිමාලයේ දිගු කලක් වනගත ව ත්‍රිපිටක සජ්ඣායනාවෙහි ම නිරත සංඝපීතෘන් වහන්සේ 48 නමක් මෙරටට වැඩම වූයේ භූතානයේ අග රජු ජිග්මේ කෙහෙසර් නම්ග්යෙල් වැන්චුක්ගේ සහ මව්රැජින අශී ත්ස්හෙරින් යැන්ග්ඩොන් බිසවගේ මැදිහත්වීමෙනි. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භූතාන රජු සහ රජ පවුලේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවක දී භූතානය වෙත බුදුසමය රැගෙන ගිය පත්ම සම්භව රහතන් වහන්සේ ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා මෙරට වැඩම කර වසර 1300 ක් සපිරෙන බව හෙළි වී ඇත. එම අවස්ථාව අනුස්මරණය කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමා ප්‍රධාන ලක් රජයට සහ මෙරට ජනතාවට ආශීර්වාද කිරීමත්, වර්තමානයේ ලොව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය දුරු කිරීමට ආශීර්වාද කිරීම යන කරුණු ප්‍රධාන අරමුණු කර ගනිමින් ත්‍රිපිටක සජ්ඣායනාවක් මෙරට දී පැවැත්වීම කෙරෙහි භූතාන රජතුමාගේ ක්ෂණික අවධානය යොමු විය. ඊට අදාළ ව භූතානයේ සුත්‍රධර ධර්මදූතයාණන් වහන්සේ මෙරටට වැඩම කර, එම ත්‍රිපිටක සජ්ඣායනාව ඉපැරැණි සම්ප්‍රදායන්ට අනුකූල ව සිදු කිරීම මෙහෙයවනු ලබන්නේ තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භාරතයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භූතානයේ හිටපු කතානායක ඔසුපසන් ඩොර්පේ මහතා විසිනි.


නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]