[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතානයේ සංඝපීතෘන් වහන්සේලා විසින් කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ආරම්භ කරන ලද කැලණියේ මානෙල්වත්ත මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

කතරගම කිරි වෙහෙරේදී වාර්ෂික පින්කම් මාලාවක්

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් වහන්සේ පළඳවන දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසාන පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂික ව පවත්වන මහා පින්කම් මාලාව 50 වෙනි වරටත් පෙබරවාරි මස 26-27 යන දෙදින කිරිවෙහෙර අබියස දී පැවැත්වේ. පෙබරවාරි මස 26 දින සවස කතරගම කිරි වෙහෙර අබියස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් ද 27 වන දින හීල්දානය, දවල්දානය සඟසතු කොට පිළිගැන්වීම. ඊශ්වර ශ්‍රී ස්කන්ධකුමාර ශ්‍රී ගණදෙවි, දැඩිමුන්ඩ , පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වෙති. අතර එම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද, මියගිය සියලු දෙනාට පින්දීම ද, ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ.

ධර්ම දේශනාව:

මානය හමුවේ ඤාණය දුරු වේ

පුත්තා මත්ති ධනං මත්ති - ඉති බාලෝ විහඤ්ඤති, අත්තාහි අත්තනො නත්ති - පුත්තෝ කුතෝ ධනං අර්හත්වයට පත් නොවූ සෑම දෙනාගේ ම සිත තුළ අඩු වැඩි වශයෙන් පවතින ක්ලේෂ ධර්මයන් ලෙස මානය හැඳීන්වෙනවා. මානයෙහි මූල නිෂ්පාදකයා වන්නේ මෝහය යි. ඤාණය දුරු කරන ප්‍රබල ක්ලේෂ ධර්මය වන්නේ ද මානය යි. මානය නම් මැනීම යනුයි. භෞතික වශයෙන් ද්‍රව්‍ය සහ ද්‍රව විවිධ මිණුම්, කිරුම් උපකරණ භාවිත කර ගනිමින් මානනය කළ හැකි ය. එහෙත් පුද්ගල සිත තුළ ගොඩනැගෙන මානය පුද්ගල බද්ධ ය. කෙනෙකුට ධනය හේතුවෙන් මානය ඇතිවිය හැකියි. බලය හේතුවෙන් මානය ඇති විය හැකියි. කුලය, ගෝත්‍රය හේතුවෙන් මානය ඇති විය හැකියි. පැවිද්දෙකුට පැවිද්දෙකුගේ භෞතික සිතුවිලි මත පිහිටන තනතුරු, වරප්‍රසාද, ගරු නාම හේතු කොට ගෙන මානය ඇතිවිය හැකියි. පුද්ගල බද්ධ ව මානය සිත තුළ ගොඩනැගීමට හේතුව ලෙස මම කියා පුද්ගලයෙක් සිටීම, මම කියන පුද්ගලයා සැපෙහි යෙදවිය යුතුයි, දුකින් මිදවිය යුතුයි යන අනාර්ය ආකල්ප මත පිහිටීම ආදිය හේතු වේ. නිරතුරුව ම සිත මානයට සිතුවිලි සකස් කර ගනී .ඒ අනුව පංචස්කන්ධය යනු මම ය, මෙම පංචස්කන්ධය තුළ සිටිනුයේ මම ය, මෙම පංචස්කන්ධය තමාට අභිමත පරිදි පාලනය කර ගත හැකිය යන සාවද්‍ය වැටහීමක් තුළ නිරන්තරයෙන් ම මිනිස් සිත තණ්හා, මාන, දිට්ඨි, අවිද්‍යා ආදී වූ අකුසලගත ව ක්‍රියා කරයි.

 

කැලණිය මානෙල්වත්ත ජගත් බොදු සරසවි පරිශ්‍රයේ දී රටට සෙත්පතා කන්ජූර් ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ඇරඹේ

ඉන්දියාව, නේපාලය, භූතානය, ටිබෙටය, හිමාල අරුණාචල්, ලඩක්, මොන්ගෝලියා ආදී රටවල කන්ජූර් සජ්ඣායනාව ඉතා ගෞරවයෙන් පැවැත්වෙන බව සඳහන් වේ. මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ සම්පූර්ණ ධර්මය හිමාලය භෝඨ භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ කන්ජූර් නමිනි. හිමාලයේ දිගු කලක් වනගත ව ත්‍රිපිටක සජ්ඣායනාවෙහි ම නිරත සංඝපීතෘන් වහන්සේ 48 නමක් මෙරටට වැඩම වූයේ භූතානයේ අග රජු ජිග්මේ කෙහෙසර් නම්ග්යෙල් වැන්චුක්ගේ සහ මව්රැජින අශී ත්ස්හෙරින් යැන්ග්ඩොන් බිසවගේ මැදිහත්වීමෙනි. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භූතාන රජු සහ රජ පවුලේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවක දී භූතානය වෙත බුදුසමය රැගෙන ගිය පත්ම සම්භව රහතන් වහන්සේ ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා මෙරට වැඩම කර වසර 1300 ක් සපිරෙන බව හෙළි වී ඇත. එම අවස්ථාව අනුස්මරණය කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමා ප්‍රධාන ලක් රජයට සහ මෙරට ජනතාවට ආශීර්වාද කිරීමත්, වර්තමානයේ ලොව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය දුරු කිරීමට ආශීර්වාද කිරීම යන කරුණු ප්‍රධාන අරමුණු කර ගනිමින් ත්‍රිපිටක සජ්ඣායනාවක් මෙරට දී පැවැත්වීම කෙරෙහි භූතාන රජතුමාගේ ක්ෂණික අවධානය යොමු විය. ඊට අදාළ ව භූතානයේ සුත්‍රධර ධර්මදූතයාණන් වහන්සේ මෙරටට වැඩම කර, එම ත්‍රිපිටක සජ්ඣායනාව ඉපැරැණි සම්ප්‍රදායන්ට අනුකූල ව සිදු කිරීම මෙහෙයවනු ලබන්නේ තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භාරතයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භූතානයේ හිටපු කතානායක ඔසුපසන් ඩොර්පේ මහතා විසිනි.

 

බුද්ධ ශ්‍රාවිකා ධර්ම ඤාණය ප්‍රගුණ කරවීමට මානෙල්වත්ත බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයෙන් නොමිලයේ අධ්‍යාපන පහසුකම්

කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයෙන් ආගමික, ශාස්ත්‍රීය සහ ශාසනික වශයෙන් උදාර මෙහෙවර රැසක් සිදුවන බව නොරහසකි. ඒ අතර බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනය 2011 අරඹා එය පවත්වාගෙන යමින් සුවිසල් සේවයක් සිදු කෙරේ. එම අධ්‍යයන ආයතනය ආරම්භ වූයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක මානෙල්වත්ත මහා විහාරාධිපති නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා හා මඟ පෙන්වීමට අනුව ය. එහි තේමාව වනුයේ රට පුරා විසිරී සිටින බුද්ධ ශ්‍රාවිකාවන්ගේ ධර්ම ඥානය හා ධර්ම සන්නිවේදන කුසලතා ඔප් නංවාලමින් සම්බුදු සසුන සුරක්ෂිත කිරීම හා ලෝවැසියන්ට ධර්ම දානය බෙදා දීම ය. බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයට අනුගත ව කටයුතු කිරීම හා චර්යා හැඩ ගස්වා ගැනීම, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම හඳුනාගෙන ඊට හෘදයාංගම ව කටයුතු කිරීම, වර්තමාන සමාජ සංස්කෘතික, තාක්ෂණික අභියෝග හා දුෂ්කරතා ජය ගැනීම පිණිස බුදුදහමේ ඉගැන්වීම් ආදේශ කර ගැනීම, බෞද්ධ සන්නිවේදන ක්‍රමෝපාය බුදුදහම විශ්ව සමාජයට ප්‍රචලිත කිරීම සඳහා අත්හදා බැලීම, ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙස අධ්‍යයනය කිරීම, බුදු මග, ජාතක කතා ඇසුරෙන් පුද්ගල පෞරුෂ සංවර්ධනයට මග පෙන්වීම, සමාජ සුරක්ෂිත භාවය සඳහා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා භාවිත කිරීම, බුදුදහමේ මනෝවිද්‍යාත්මක හා උපදේශාත්මක ප්‍රවේශය කාලීන ගැටලු විසඳීම සඳහා යොදා ගැනීම, විවිධ ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ප්‍රයෝගීකරණය හා එහි නිම් වළලු පුළුල් කිරීම, චිත්ත පාරිශුද්ධිය හා විරාගී චරණය උදෙසා භාවනා ක්‍රම පුහුණුව බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයෙහි මූලික පරමාර්ථ අතර වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

 

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]