[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ 42 වන නවම් මහා පෙරහර  පසුගියදා (08) රාත්‍රියේ යෙදුණු සුබ මොහොතෙන් ආරම්භ වී වීදි සංචාරය කෙරිණි. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ මඟ පෙන්වීමෙන් මෙවරත් නවම් පෙරහර සංවිධාන කර තිබිණි. ඡායාරූපයේ දැක්වෙන්නේ සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණු අවස්ථාව. එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ද එක්ව සිටියහ.

කතරගම කිරි වෙහෙරේදී වාර්ෂික පින්කම් මාලාවක්

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් වහන්සේ පළඳවන දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසාන පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂික ව පවත්වන මහා පින්කම් මාලාව 50 වෙනි වරටත් පෙබරවාරි මස 26-27 යන දෙදින කිරිවෙහෙර අබියස දී පැවැත්වේ. පෙබරවාරි මස 26 දින සවස කතරගම කිරි වෙහෙර අබියස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් ද 27 වන දින හීල්දානය, දවල්දානය සඟසතු කොට පිළිගැන්වීම. ඊශ්වර ශ්‍රී ස්කන්ධකුමාර ශ්‍රී ගණදෙවි, දැඩිමුන්ඩ , පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වෙති. අතර එම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද, මියගිය සියලු දෙනාට පින්දීම ද, ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ.


නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]