[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල
මංගල මහ සෑ රදුන් වහන්සේ

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

මහනුවර ඇසළ පෙරහර ගමන් මඟ

ශ්‍රීමත් ශාලි වාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1941 වැන්නේ මතු විෂ්ණු විංශතියට අයත් පිතර යුග පඤ්චාබ්දයෙහි තෙවන ඉධාවත්සර භේද නාමධාරී ‘චන්ද්‍ර’ දේවතාධිපති’ විකාරි’ නම් මෙම වර්ෂය වනාහි කටක රවි දාහත් භාග වූ චන්ද්‍ර මාස ක්‍රමයෙන් නිකිණි මස පුර දියවක නම් තිථිය ලත් ගුරු දින ශුද්ධ සූර්යෝදයාදී පැය 57 පසුවී විනාඩි 52 ට හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2019 වැන්නෙහි අගෝස්තු මස 02 වෙනි කිවි දින පෙ.ව. 05 පසුවී විනාඩි 10 ට උතුරු දිශාභිමුකව සිරිත් පරිදි පේකොට තබන ලද ‘පණස’ වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර, දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ ‘කප්’ සිටුවීමට සුබයි. කුඹල් පෙරහර : රාජ්‍ය වර්ෂ 2019 ක් වූ අගෝස්තු මස 05 දින සඳු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසු වී විනාඩි 01 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිට ට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) , යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළවිටත් ගෙවදීම. අගෝස්තු මස 06 වන දින, කුජ දින රාත්‍රී 07 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට සියලු ආරක්ෂක විධි විධාන

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලැබුවා වූ උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන, ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දෙවිවරුන් වෙත සිදු කෙරෙන පූජාවක් ලෙසත් පවත්වන්නා වූ චාරිත්‍රානුකූල පෙරහර මංගල්‍යයකි මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර මංගල්‍යය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් සිව් මහා දේවාල කේන්ද්‍රකර ගනිමින් ඉකුත් දෙවන දා සුබ නැකතින් කප් සිටුවීම සිදු වූ අතර, දෙවැනිදා සිට 4 වැනිදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනු ලැබිණි. පළමු කුඹල් පෙරහර 5 වන දා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් දළදා වීදියට ප්‍රවිශ්ටවීමෙන් ආරම්භ විය. පුරා දින පහක් පස්වන දා සිට 9 වන දා දක්වා කුඹල් පෙරහර පහක් වීදි සංචාරය කෙරේ. පළමු රන්දෝලි පෙරහර අගෝස්තු 10 වන දා වීදි සංචාරය කෙරේ. රන්දෝලි පෙරහර 11, 12, 13 දිනවල වීදි සංචාරය කර, අවසන් රන්දෝලි පෙරහර පෝදා රාත්‍රී පැවැත්වේ. පසුදා දියකැපීමත්, දිවා පෙරහරත් පවත්වා පෙරහර ගෙවදීමෙන් පසු පෙරහර සන්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්වනු ලැබේ.

 

ධර්ම දේශනාව:

සිත රැකගත යුතු ඔබමය

සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුදුසමය තුළ අන්තර්ගත වේ. සිතක ස්වරූපය කෙසේදැයි ඔබෙන් කවුරුන් හෝ ඇසුවහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක් ද? එවැනි අවස්ථාවක දී ඔබට මතකයේ තිබේ නම් බුදුරජාණන් වහන්සේ වරෙක දේශනා කළ ගාථා පාඨයක් සිහියට එනු ඇත. ඒ අන් කිසිවක් නොව “දූරංගමං එකචරං - අසරීරං ගුහාසයං” ගාථාවයි. එමගින් සිත පිළිබඳ ඉතා සරල අවබෝධයක් ලබා ගත හැකි ය. අද අප විමසීමට බඳුන් කරන්නේ තමන්ගේ සිත තමන් විසින් ම ආරක්ෂා කරගත යුතුයි යන කාරණාවයි. එය ප්‍රකට කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයක් ධම්මපද පාලියේ එයි. එය භික්ඛු වර්ගය තුළ අන්තර්ගත ය. "අත්තා හි අත්තනො නාථො - අත්තා හි අත්තනො ගතී
තස්මා සඤ්ඤමයත්තානං - අස්සං භද්‍රංච වාණිජො"
ධම්ම පදයේ භික්ඛු වර්ගයේ අන්තර්ගත ගාථා සමූහයෙන් පෙන්වාදීමට අපේක්ෂා කොට ඇත්තේ භික්ෂුවක සතුවිය යුතු වූ ගුණාංග පිළිබඳ පැහැදිලි කරනු පිණිස ය. එහෙත් භික්ඛු වර්ගයේ අන්තර්ගත ගාථාවලින් කියැවෙන ධර්ම කාරණා භික්ෂූන් සඳහා පමණක් දේශනා කර ඇතැයි, ගිහියනට කිසි වැදගත්කමක් නැතැයි ඉවත දැමිය නොහේ. එම ගාථාවලින් කියැවෙන, ලබාදෙන ධර්ම කරුණු භික්ෂුවට මෙන්ම ඔබටත් එක සේ ම ජීවිතයට ළඟා කරගත හැකි ය. එම නිසා මෙකී දේශනා භික්ෂූන් සඳහා පමණකි යනුවෙන් ලඝු කොට, ඉවත දැමීම බෞද්ධයනට ඔබින දෙයක් නොවේ.

 

සෙංකඩගල ඇසළ මහා පෙරහර මංගල්‍යය

සිරිසර සිරිලක කන්ද උඩරට සෙංකඩගල පුරවරය තේජෝ බල පරාක්‍රමයෙන් මෙන් ම, අසිරිමත් විචිත්‍ර ලීලාවෙන් ජනමන ප්‍රබෝධමත් කරන ශ්‍රී දළදා මන්දිරයත්, ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, කතරගම කඳ සුරිඳු, පත්තිනි යන සිව් දේවාලත්, ඇසළ පෙරහර සමයේ දෙස් විදෙස් දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ චිත්ත සන්තාන දර්ශන මාත්‍රයෙන් ම ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී යන්නේ ය. මෙම පෙරහර මංගල්‍ය සම්බන්ධ ව ප්‍රධාන කාර්යයන් අතර, කප් සිටුවීම, ඇතුළත පූජා, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, දිය කැපීම, දවල් පෙරහර, රජ දැක්ම, වලිය කුන් නැටීම හා ශාන්තිය වේ. මඟුල් කප සිටුවීම සුබ නැකතින් සිදුවන අතර, දේව පූජාවක් වශයෙන් පෙරහර බාධාවක් නැතිව ජනතාවට ශාන්තිය ලබාදීම සඳහා සාර්ථකව කරගෙන යාමට දේව වරමක් අයැදීම එහි පරමාර්ථය යි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]