[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැරැදි කරන්නේ අනුන් නිසා ද? තමන් නිසා ද?

වැරැදි කරන්නේ අනුන් නිසා ද? තමන් නිසා ද?

අප ජීවත්වන සමයේ දී අපේ ජීවිතයට ප්‍රායෝගිකව ධර්මය එකතු කර ගත යුත්තේ කෙසේ දැයි විමසා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමා, තමා විසින් ම තමන් හඳුනාගත යුතු බව. අප යම් පමණකින් හෝ හඳුනා ගත යුතුම යි.

අප විසින් අප හඳුනා නොගතහොත් ,අප ගමන් කරන්නේ කවර දිසාවකට ද? කුමක් කරනවා ද? ආදී වශයෙන් අපට හඳුනා ගැනීමට නොහැකි ය. අපගේ ජීවිත අයාලයේ යෑමට පටන් ගනු ඇත. කුමක් කරනවාදැ’යි නොදැන කටයුතු කරන්නා, සිහියෙන් තොරව වාසය කරන්නා තමා ගැන විමසා ‘ බලන විට අප සිහියෙන් ජීවත් වනවාදැ’යි සිහියට නගා ගැනීමට පහසු වනු ඇත. තමා ගත කළ කාලය තුළ තමාට නොයෙක් අරමුණු පවතින්නට ඇත. යහපත් අරමුණු සඳහා ළඟාවීමට සියලු දෙනාම කැමැති ය. සියලු දෙනාගේ ම කැමැත්ත වනුයේ යහපත් අරමුණු ඔස්සේ යහපත්ව කටයුතු කිරීමට ය. විමසා බලමු , බොහෝ දෙනාට නිවන් දැකීමේ අරමුණ කෙතරම් තිබෙනවා ද?

ලෞකික ජීවිතයේදී පවා තමා අධ්‍යාපනය ලබන කාලයේ දී තම අපේක්ෂාව සඳහා ගමන් කිරීමට අරමුණු පවතී. රැකියාවක දී වුවත් තම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වර්ධනය කරගැනීම තුළින් ඉහළ තත්ත්වයකට පත්වීමට කවුරුත් කැමැති වේ. එසේ කැමැති නම් ඊට සුදුසු ගැලපෙන, ප්‍රායෝගික වැඩ පිළිවෙළ සකස් කර ගත යුතුයි. අපේ ජීවිතයේ එබඳු අරමුණක් සඳහා යාමේ දී ඊට වැඩිපුර බාධා කරන්නේ අම්මා, තාත්තා ද? සහෝදර , සහෝදරියෝ ද? නැතිනම් ඤාතීන් ද? දරුවන් ද? එසේ නැතිනම් තමාගේම ඇතුළාන්තරයෙන් ද? තමන් අධ්‍යාපනය ලබන කාලයේදි මොනතරම් පාඩම් කළ යුතු ද? එහෙත් ඒවා පසෙකින් තබා නිදාගැනීමට කැමැති වන්නේ කවුරුන් නිසාද? එසේමත් නැතිනම් රූපවාහිනිය දෙස බලා ගෙන ඉන්නේ, එසේත් නොමැතිනම් නිකරුණේ යහළු මිතුරන් සමඟ ඇවිදීමට යන්නේ?

යම් කිසි ඉහළ තත්ත්වයකට පත්වීමට එක් වේලාවක දී අරමුණු වුවත්, සිතුවත් ඒ සඳහා සියලු දෙනාටම යා හැකි ද? ඉතින්, වැඩිපුරම එබඳු දේට බාධා පැමිණෙන්නේ කවරෙකුගෙන් ද තමන්ගේම ඇතුළාන්තයෙන්ම යි. සියලු බාධා පැමිණෙන්නේ, එසේ වැඩිපුර බාධා කරන තැනැත්තා හතුරෙක් ද? මිතුරෙක් ද? එසේ බාධා කරන්නා හතුරෙක් නම් තමාට බාධා කරන හතුරෙක් තමා තුළම පවතින බව අමතක නොකළ යුතුයි. අපාගත වීමට පවා වැඩිපුරම කටයුතු කරන්නේත් ඒ තැනැත්තා ම යි. තමාගේම සිත තමාට වෙලාවකට හතුරෙක් වැනියි.

අඩු තරමෙන් අප එයවත් තේරුම් ගෙන තිබෙනවා ද? සමහර අවස්ථාවලදී තමා යම් දේකට ඇබ්බැහි වුවායැයි සිතයි. සුරාව බොන්නා ඊට ඇබ්බැහි වූවා යැයි සිතීමට ඉඩ ඇත. එමෙන්ම බොහෝ නරක, පහත් අයහපත් දේවලට ඇබ්බැහිවී ඇත. එසේ ඇබ්බැහි වූවාට පසු එය සිදුවන්නේ කෙසේ ද? එසේ සිදු නොකර සිටීමට ඉඩ නොදෙනුයේ තමාගේම සිත ය. එසේ නම් එක දිගට හතුරුකම් කරන කෙනෙකු සොයා ගියේ ද අපේ සිත ය. එමෙන්ම එක් අරමුණක තබා ගනිමින් ඉහළ තත්ත්වයකට පත්වීමට උදව් කළේ ද? තමාගේම හිත ය. වැඩියෙන්ම මිතුරුකම් පවත්වන්නේත් අපේ ම හිත ම ය.

එසේ වන්නේ ඇයි? මනුෂ්‍යයන් මිනිස් ලොව ඉපිද, දැන දැනත් වැරැදිකරන ස්වභාවයක් පවතී. එමෙන්ම සමහරු නොදැනීම නිසා වැරැදි කරන ස්වභාවයක් ද පවතී. සමහර අය දැන ගත්තත් අසිහියෙන් වැරැදි කරන ස්වභාවයත් පවතී. සමහර අය වරද බව දැන දැනත් , එය සිහිය තිබුණත් සිදු කරනු ලැබේ. එබඳු තත්ත්වයක් නම් මිනිස් සිතෙහි පවතින්නේ ඉහත කී කරුණු ස්වභාවයෙන් සිදු වෙනවා ද? හේතු ඇතිව සිදු වෙනවා ද? තමාගේ ජීවිතය නැවත ආපස්සට ඇද ගැනීමට තමාගේම සිත ඉඩ නොහරී නම් එය ස්වභාවයෙන් සිදු වන්නක්ද? හේතු සහිතව සිදු වන්නක්ද? මේ ලෝකයේ ස්වභාවයෙන් සිදුවන දෙයක් නොමැත. සෑම දෙයක්ම සිදු වනුයේ හේතු ඇති වය. පිරිසක් එක පෙළකට තබා ක්ලාන්තගතිය පැමිණෙනතුරු දිවීමේ අවස්ථාවක ට යොමු කළහොත් ඒ නිසාම ක්ලාන්තයෙන් එකම ස්ථානයකදී බිමට වැටෙනවා ද? එසේ සිදු නොවේ. එක් එක් තැනැත්තා බිමට වැටෙනුයේ එක් එක් තැන්වල දී ය. එසේ සිදු වන්නේ ඇයි? ඒ ඒ අයගේ කායික ශක්ති ප්‍රමාණය අනුව දුවන හෙයිනි. සෑම කෙනෙකුම තමාගේ ජීවිතයේ දී තමා යා යුතු ලෝකය ගැන අදහසක් ඇතිකර ගත යුතු යි. එහෙත් යා හැකි වනුයේ ඒ අරමුණෙහි වැඩිදුරක් යා හැකි මානසික ශක්තිය ඇති අයට පමණි.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]