[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දෑතිනුත් පුදා හිතිනුත් පුදමු

ඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති. දදං චිත්තං පසාදෙති දත්වා අත්තමනො හොති ඉමානි දායකස්ස තිණංගානි. ඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගාවා හොන්ති. රාග විනයායවා පටිපන්නා වීතදොසොවා හොන්ති දොස විනයායවා පටිපන්නා. වීත මොහා වා හොන්ති මොහ විනයායවා පටිපන්නා ඉමානි පටිග්ගාහකානං තිණංගානි. එවං ඛො භික්ඛවෙ ඡළංගසමන්නාගතා දක්ඛිණා හොති. අද අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා, තෝරා ගත්තේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ හතරවන වග්ගයේ ඡළංගදාන සූත්‍රයයි. ඡළංග සමන්නාගත වූ දානමය කුසලය ඉතා බලසම්පන්න ය. මහා සාගරයේ ජලකඳ මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැක්කා සේ, මෙම දානයෙන් ලැබෙන පින ද ප්‍රමාණ කළ නොහැකි ය. එක් කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයේ වැඩවසන සමයේ වේළුකණ්ටක නුවර නන්දමාතා උපාසිකාව විසින් සිදුකළ දානයක ආනිසංස මෙම සූත්‍රයේ සඳහන් වෙයි. වේළුකණ්ඨකී නන්දමාතාව මහත් සැදැහැති උපාසිකාවකි. දිනක් සැරියුත් තෙරුන් සහ මුගලන් තෙරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව දානයක් පූජා කරයි. ඒ දානය අංග හයකින් යුක්ත නිසා ඡළංගසමන්නාගත වන්නේ ය.


ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]