[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ශ්‍රී දළදා සමිඳු තේවාව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට

ශ්‍රී දළදා සමිඳු උදෙසා දෛනිකව සිදු කෙරන තේවා කටයුතු සම්ප්‍රදායානුකූලව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ සිට මල්වතු මහා විහාර පාර්ශ්වය වෙත මාරු වීම පසුගිය ඇසළ පුන් පොහෝ දිනට පසු දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. ඒ අනුව ලබන වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසු දින දවල් දක්වා ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් සිදු කරනු ඇත. දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශ්ව වෙත වසරක් පාසා මාරුවන ලෙස රාජ නියමයෙන් පිරිනමා තිබෙන අතර අද ද එම සම්ප්‍රදාය එලෙසින්ම ඉටු කෙරෙමින් පවතී. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් හා ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩල ප්‍රධානීන් කිහිප දෙනෙකු එම තේවා මාරුව සිදුවන අවස්ථාවට සහභාගි වූහ.


ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]