[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ගනේවත්ත ගනේවිහාරය

කුරුණෑගල හිරියාල හත්පත්තුවට හිමිවන්නේ, ඓතිහාසික වශයෙන් අද්විතීය ස්ථානයකි. එහි එක් සාධකයක් වන්නේ, අවසාන මහරහතන් වහන්සේ ‘මලියදේව මහරහතන් වහන්සේ මෙම හත්පත්තුවට අයත් ‘අරන්කැළේ ‘සේනාසන පූජා භූමියේ එදා වැඩසිටීම යි. එම පූජා භූමියේ සිට හූවක දුරින් පිහිටා ඇති කුරුණෑගල ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මායිම්ව දැකුම්කළු තුරුලතාවන්ගෙන් පිරි භූමි ප්‍රදේශයක් වූ ඓතිහාසික ගනේවත්ත ශ්‍රී සුමංගලාරාමය අතීතයේ සිට දහම් සිසිලෙන් සිත්සතන් නිවාලූ පූජා භූමියකි. 1992 සිට වත්මන දක්වා මෙම විහාරස්ථානයේ වැඩසිටින හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙන්හි පරිවෙනාධිපතිව සිටි, ගනේවත්ත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී (අධ්‍යාපන ඩිප්ලෝමා) ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ධම්මාලෝක අටමුණේ ආනන්දාභිධාන නාහිමියන්ගෙන් එදා සිට සිදුවන සමාජ මෙහෙවර අති ශ්‍රේෂ්ඨත්වයක් උසුලයි. උන්වහන්සේ ගේ ගුරු හිමිපාණන් වහන්සේ දෙනම වූයේ අපවත් වී වදාළ ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ නායක නවගමුවේ ධම්මාලෝක හිමියන් සහ නාගොල්ලාගම . නැගුමාලී, චේතියාරාම විහාරාධිපති කුඩම්බාවේ ධම්මානන්ද වන්නි දෙමළ හත්පත්තුවේ උප ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා ය.


ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]