[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පුණ්‍යෙීත්සවය 2019 මැයි මස 18 වෙනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දින සිට ජුනි මස 16 වෙනිදාට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය දින දක්වා පැවැත්වෙන බව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදන දෙකකින් ප්‍රකාශයට පත්කර ඇත. උපසම්පදා පුණ්‍යෙීත්සවය සම්බන්ධ නිවේදන අනුව මැයි 18 (වෙසක් පෝදා) මැයි 26,ජුනි 02,ජුනි 10,ජුනි 16 ( පොසොන් පෝදා) යන පෝය දිනවල පෙරහර සහිතව ද, සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය ක්‍රියා සිදුකෙරෙනු ඇත.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය
ජූලි 03, 04, 05, හා 06 දිනවල

සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2019 ජූලි මස 3,4,5 හා 6 යන දිනවල ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. උපසම්පදා පේක්ෂකයන් වෙනුවෙන් උපසම්පදා පුහුණු වැඩමුළුව හා භාවනා වැඩසටහනක් ද සිදු කෙරේ. උපසම්පදා පුහුණුව ජුනි මස 23,24 දෙදින කළුතර දෙදියවල ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලාගේ ආචාර්ය භාරකාර හිමිවරුන් විසින් උපසම්පදා ඉල්ලුම්පත්‍ර උපසම්පදා ලේඛකාධිකාරින් වහන්සේගෙන් ලබාගෙන, සම්පූර්ණ කොට 2019 මැයි මස 15 වෙනි දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරි මකුරුප්පේ සෝමාලාංකාර ස්ථවිර, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය වැල්මිල්ල හන්දිය යන ලිපිනයට එවීමට කාරුණික විය යුතු යැයි දන්වා සිටිති.

 

ධර්ම දේශනාව:

කල්පය නිමා වූවද කියා නිම කළ නොහැක බුදුගුණ

විතරාගී තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කිසියම් ධර්ම කථිකයන් වහන්සේ නමක් වේ නම් හෙතෙමේ තුන් ආකාරයකින් බුදුගුණ වර්ණනා කළ යුතු බව අටුවාවේ සඳහන් වේ. “තිවිධෝ බුද්ධ වණ්ණෝ නාම චරියා වණ්ණෝ, සරීර වණ්ණෝ, ගුණ වණ්ණෝ ති” ඉහත අටුවා උවදෙසට අනුව පළමුව සිද්ධ කළයුත්තේ චරිත වර්ණනාව යි.කල්ප ගණනක් පුරාවට මනෝ කර්ම, වචී කර්ම ආදී වශයෙන් විවරණ ලබා නිත්‍ය වශයෙන් බුදු බව ලැබීමට දීපංකර බුදුරදුන් අභිමුවෙහි නියත විවරණ ලැබූ දා පටන් සමත්‍රිංශත් පාරමිතා පුරණය කිරීමට ඇරඹී ය. අනුක්‍රමයෙන් වෙසතුරු අත් බැව් ලැබ සකල ඓශ්චර්යය දන් දී තුසිත දෙව් ලොව උපන්නේ ය. පංච මහා විලෝකනයෙන් අනතුරුව දෙව් ලොවින් චුත වී මහමායා දේවියගේ කුස පිළිසිඳ මෙලොව ඉපදී සිද්ධාර්ථ යන නාමය ලැබ එකුන් තිස් වැනි වියේ දී මහා අභිනික්මන් කළ සේක. සා ‘අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ඒ උතුම් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතින් බුද්ධත්වයට පිළිපන් සේක්. පන්සාළිස් වසක් ලෝකාර්ථ චරියාවෙහි නියැළී දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝ වැස්සන්ට අමාදම් දෙසා නිවන් පුර වෙත මග කියාලු සේක. තමන් වහන්සේගේ පශ්චිම දේශනාව වූ ‘හන්දදානි භික්ඛවේ වො වයධම්මා සංඛාරා” යන උතුම් බුදු වදනෙන් ලෝසතුන් අමතා පිරිනිවන් පෑ සේක. 

 

සම්බුදු තෙමඟුල් සිරියෙන් බබළන අසිරිමත් වෙසක් පුන් පොහෝදා

අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදි කිරීමට පටන් ගැනීම ද වෙසක් පොහෝ දිනකම සිදු වී තිබේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා බුද්ධ කාරක පාරමිතා ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයෝ වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් වූ දෙව් රජව උපන්හ. උන්වහන්සේට මිනිස් ලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය උදා වී ඇති බව දුටු දිව්‍ය බ්‍රහ්මාදීහු ඒ සඳහා මෙසේ ආරාධනා කළහ.

 

වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි

සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා ගන්නා ලදී. ඉන්පසු බොහෝ විද්‍යාඥයෝ එහි දිග පළල, පැවැත්ම, සෙසු ග්‍රහ තාරකාදියට එහි ඇති බලපෑම ආදී නොයෙක් දේ සෙවූහ. අතීත ඍෂිවරුන්ගේ සොයා ගැනීමක් වන ඡ්‍යොතිෂ විද්‍යාවේ සලකා බලන ලද්දේ සඳු ඇතුළු ග්‍රහයන් ලෝකයේ ජීවීන්ගේ යහපත සහ අයහපත සිදුවීමට බලපාන ආකාරය පිළිබඳව යි. කවියන් කලාකරුවන් සඳ එළිය සොඳුරු ජීවිතයක ආස්වාදය විඳ ගැනීමට හැකි වස්තුවක් ලෙස සලකා කවි සිතිවිලි පහළ කළහ. සැබැවින් ග්‍රහ ලෝකයක් වන සඳ නම් වූ අපූරු වස්තුව පිළිබඳ ව මෙසේ සිතිය යුතු දේ බොහෝ දේ ඇත. මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු වදනින් ඔද ගන්වන ලද ශ්‍රී ලාංකිකයා මෙකී සඳ දෙස බැලූයේ ඉහත කී කවර ආකාරයකටත් වඩා එය අධ්‍යාත්මයට බලපාන ආකාරය අනුව වීම විශේෂයකි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]