[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෙීත්සවය

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පුණ්‍යෙීත්සවය 2019 මැයි මස 18 වෙනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දින සිට ජුනි මස 16 වෙනිදාට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය දින දක්වා පැවැත්වෙන බව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදන දෙකකින් ප්‍රකාශයට පත්කර ඇත.

උපසම්පදා පුණ්‍යෙීත්සවය සම්බන්ධ නිවේදන අනුව මැයි 18 (වෙසක් පෝදා) මැයි 26,ජුනි 02,ජුනි 10,ජුනි 16 ( පොසොන් පෝදා) යන පෝය දිනවල පෙරහර සහිතව ද, සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය ක්‍රියා සිදුකෙරෙනු ඇත.

උපසම්පදාපේක්ෂකයින් පළාතේ නායක ස්වාමින් වහන්සේගෙන්, පිරිවෙන් ශිෂ්‍යයෙක් නම් පරිවෙනාධිපතින් වහන්සේ ගෙන්ද, ගුරුවරුන් , විහාර ස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් සහ උප්පැන්න සහතිකය ද ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමඟ පැමිණිය යුතුය. උපසම්පදාව ලබා ගන්නා දිනය වන විට වයස අවුරුදු 18 මාස හය ඉක්මවා සිටිය යුතුය. සම්මත පරිදි වාචෝද් ගත කරන ලද සාමණේර බණ දහම ආදිය පිළිබඳ විස්තරත්, ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ නම විහාරස්ථානයේ ලිපිනයත් දිස්ත්‍රික්ක පිළිබඳ විස්තරත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, පිළිබඳ විස්තර ප්‍රාදේශීය සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඒ ඒ පළාත්වල නායක ස්වාමීන් වහන්සේලා විසින් දන්වා සිටිය යුතු බවට නිවේදනය කර ඇත.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමිවරුන් ප්‍රධාන මහෝපාධ්‍යායන්වහන්සේලාගේ සහ ප්‍රධාන ලේඛකාධිකාරි වල්ගොව්වාගොඩ විමලබුද්ධි වැඩබලන ලේඛකාධිකාරි, නියෝජ්‍ය ලේඛකාධිකාරි, සෝමවතිය, රාජමහා විහාරාධිපති පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිවරුන්ගේ සහ අස්ගිරිය මහා විහාරයීය අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිකාරි ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි අනු නා හිමි, අස්ගිරි අනුනායක ශාස්ත්‍රපති, ආනමඩුවේ ධම්මදස්සි අනු නා හිමි,ලේඛකාධිකාරි ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද නා හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරිය මහා විහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමිවරුන් ප්‍රධාන මහෝපාධ්‍යායන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මංගල උපෝෂථාගාරයන්හි උපසම්පදා විනය කර්ම පුණ්‍ය කටයුතු චාරිත්‍රානුකූලව පැවැත්වේ. වෙසක්, පොසොන් පෝය ප්‍රධාන සෙසු පෝය දිනයන්හි උපසම්පදා අපේක්ෂකයින් වාහලනාග නාමයෙන් උපසම්පදා අපේක්ෂකයින් ශ්‍රී දළදා මාලිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් , මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මංගල උපෝෂථාගාර වෙත වැඩමවාගෙන යනු ලබන අතර වාහලනාගයන් ( සංඝයා වහන්සේලා) වහන්සේලා වෙත අට පිරිකර පූජාව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමා විසින් පූජා කිරීම පැරැණි චාරිත්‍රානුකූලව අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]