[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කල්පය නිමා වූවද කියා නිම කළ නොහැක බුදුගුණ

විතරාගී තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කිසියම් ධර්ම කථිකයන් වහන්සේ නමක් වේ නම් හෙතෙමේ තුන් ආකාරයකින් බුදුගුණ වර්ණනා කළ යුතු බව අටුවාවේ සඳහන් වේ. “තිවිධෝ බුද්ධ වණ්ණෝ නාම චරියා වණ්ණෝ, සරීර වණ්ණෝ, ගුණ වණ්ණෝ ති” ඉහත අටුවා උවදෙසට අනුව පළමුව සිද්ධ කළයුත්තේ චරිත වර්ණනාව යි.කල්ප ගණනක් පුරාවට මනෝ කර්ම, වචී කර්ම ආදී වශයෙන් විවරණ ලබා නිත්‍ය වශයෙන් බුදු බව ලැබීමට දීපංකර බුදුරදුන් අභිමුවෙහි නියත විවරණ ලැබූ දා පටන් සමත්‍රිංශත් පාරමිතා පුරණය කිරීමට ඇරඹී ය. අනුක්‍රමයෙන් වෙසතුරු අත් බැව් ලැබ සකල ඓශ්චර්යය දන් දී තුසිත දෙව් ලොව උපන්නේ ය. පංච මහා විලෝකනයෙන් අනතුරුව දෙව් ලොවින් චුත වී මහමායා දේවියගේ කුස පිළිසිඳ මෙලොව ඉපදී සිද්ධාර්ථ යන නාමය ලැබ එකුන් තිස් වැනි වියේ දී මහා අභිනික්මන් කළ සේක. සා ‘අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ඒ උතුම් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතින් බුද්ධත්වයට පිළිපන් සේක්. පන්සාළිස් වසක් ලෝකාර්ථ චරියාවෙහි නියැළී දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝ වැස්සන්ට අමාදම් දෙසා නිවන් පුර වෙත මග කියාලු සේක. තමන් වහන්සේගේ පශ්චිම දේශනාව වූ ‘හන්දදානි භික්ඛවේ වො වයධම්මා සංඛාරා” යන උතුම් බුදු වදනෙන් ලෝසතුන් අමතා පිරිනිවන් පෑ සේක.දෙවනුව කළ යුතු බුද්ධ වර්ණනාව නම් ශරීර වර්ණනාව යි. වෑත්තෑවේ හිමියන් එය සිය ගුත්තිල කාව්‍යයේ දී දක්වා ඇත්තේ මෙසේ ය.


වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]